EX ව ආයෙ මුණ ගැහුණොත් මොකද කරන්නේ ?

පරණ පෙම්වතා ආයෙ මුණ ගැහුණොත් මොකද කරන්නේ?

“ඔබට මා එකවරක් එපා නම් මට ඔබ සිය දහස් වරක් එපා” කියල Ex ගෙන් ඈත්වෙච්ච මිනිස්සුනෙ අපි. ඒ උනාට මේ ලෝකෙ කැරකෙන විදියට ජීවිත කැරකෙද්දි අපිට එයාව ආපහු මුන නොගැහී තියෙන්නෙ නෑ.

මට වගේම ඒක ඔයාටත් පොදු ඇතිනෙ. ඒ උනාට ඉතින් එහෙම හම්බුනාම අපිට මේ තරහකාරයො වගේ යන්න බෑනෙ. එහෙම යන්න ඕන උනත් අපිට එයාව ආයෙමත් හම්බෙන අවස්තාව සහ වටපිටාව අනුව අපිට එහෙම කරන්න බැරි වෙන්නත් පුලුවන්.

ඉතින් ඒ වෙලාවට හිතට එන Awkward ගතිය මග ඇරගන්න ඔයාලට මෙන්න මේ පහල තියෙන පුංචි පුංචි දේවල් කරන්න පුලුවන්.

1.සන්සුන් වෙන්න

“මට එයාව දැක්කම මොකද්ද කරන්නෙ කියල හිතාගන්න බැරි උනා” කියල ගොඩක් අය කියනවනෙ. තමන්ගෙ පරන පෙම්වතාව දැක්කම හිතට පොඩ්ඩක් අමුතු හැඟීමක් එන එක අලුත් දෙයක් නෙවෙයි. ඒත් ඉතින් එහෙම නොහිතපු වෙලාවක එයාව දකින්න උනාම මුලින්ම කරන්න ඕන දේ තමයි කලබල වෙන්නෙ නැතිව හිත සන්සුන් කරගෙන ඒ අවස්තාවට නිස්කලංකෙ මූන දෙන එක.

එයාටවත් එතන ඉන්න අනිත් අයටවත් වෙනසක් තේරෙන්නෙ නැතිවෙන්න එයාව ආශ්‍රය කරද්දි ඔයා හිතෙන් වගේම හතිනුත් සංසුන් වෙන්න අමතක කරන්න එපා.

කොච්චර කිව්වත් මේක කරද්දි කරන්න කොච්චර අමාරුද කියල මම නොදන්නව නෙවෙයි. ඒත් වෙන කෙනෙක්ට අපි ගැන වරදක් හිතෙන්න ඉඩක් නොදෙන්න නම් අපිට ඒ මොහොත ඉතාම සංසුන්ව ගෙවන්නම වෙනවා.

2. හිතේ විශ්වාසෙ හරි වැදගත්

එයාට ඔයා කන්ෆිඩන්ට් කියල පේන්න ඉඩ දෙන්න. කිසිම වෙලාවක ඔයා මොනතරම් හිතෙන් දුර්වල වෙලා, අතීතය මතක් වෙලා දුක් වුනා උනත් එයාට කිසිම මොහොතක ඔයා කන්ෆිඩන්ට් නෑ කියල පෙන්නන්න එපා. මොකද ඒක සමහරවිට එයාට ආයෙ ඔයාට ලංවෙන්න හේතුවක් වෙන්න පුලුවන්. එහෙම නැත්තම් ඔයාව තවත් අපහසුතාවයට පත්වෙන්න හේතුවක් වෙන්නත් පුලුවන්.

මේ තත්ත්වයන් වෙනස් වෙනවා ඔයාගේ පරණ පෙම්වතා මොන වගේ මනුස්සයෙක්ද කියන කාරණාව මත. සමහරවිට එයා වෙන්වෙලා ගියත් ඔයාට ගෞරවනීයව සලකන්න දන්න කෙනෙක් නම් මේ තත්ත්වයන් වෙනස් වෙන්න හේතුවක් උනත් මනුස්සය ගැන හොඳටම දන්නෙ ඔයා හන්දා ඒ අව මතක තියාගෙනම ඔයා වෙනුවෙන් ඔයා ඉන්න බව එයාට පෙන්නුම් කරන්න

3. සන්තෝසෙන් ඉන්න

“මාත් එක්ක ඉන්න කාලෙනම් ඔයා ඔයිට වඩා ලස්සනයි, සන්තෝසෙන් හිටියා දැන් ඔයාගෙ හැටි බලන්නකො”

මෙහෙම කියන අය ඉතින් ඉන්න බව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඔයා සන්තෝසෙන් ඉන්න ඕන ඔයාගෙ මානසිකත්වය වෙනුවෙන් මිසක් වෙන කෙනෙක්ට පේන්න නම් නෙවෙයි. ඒත් සමහර තැන්වල අපි සන්තෝසෙන් ඉන්නව කියල පෙන්නන්න වෙන අවස්තාවත් එනවා.

සමහර පරන පෙම්වතුන් ඉන්නවනෙ ඔයා හැසිරෙන කන බොන විදිය ශෙයාර් කරන පෝස්ට් එහෙම දැකල ඔයා ගැන තැන තැන කතා හදන, අනං මනං කියන.

ඉතින් අන්න ඔයාගෙ එක්කෙනත් එහෙම කෙනෙක් නම් එයාට පේන්නම සන්තෝසෙන් ඉන්න එකේ කිසි වරදක්

මොකෝ එහෙම නැත්තම් අර මං උඩ කිව්ව වගේ ආයෙ ඒවි ඔයාව අල්ලගන්න පුලුවන්ද කියල බලාගෙන. අනිත් එක ඔයා අප්සෙට් එකේ ඉන්නව වගේ දැක්කොත් මනුස්සය හිතාවි මේ එයා නැතිවෙච්ක දුකට ඔයා තැවෙනව කියල.

වෙන වැඩ නැත්තං අපිට නේද එහෙම තැවෙන්න?

4.වැඩි Reaction ඕනම නෑ

එයාව දැක්කම සාමාන්‍ය විදියට ඔයා හැසිරුණම හොඳටම ඇති. ඕනවට වඩා React කරන්න යන්න ඕන නෑ. නපුරු වෙන්නවත් අහිංසක වෙන්නත් ඕන නෑ. වෙන සාමාන්‍ය කෙනෙක්ව දැක්කම හැසිරෙන විදියට හැසිරුනාම හොඳටම ඇති.

නැත්තම් ඉතින් දන්නවනෙ සමහර මිනිස්සුන්ට ඕකත් ඇති ආයෙ තුත්තිරි ගහ වගේ ඇවිල්ල ඇලෙන්න.

ඔයාගෙ හිත රිද්දන මොන දේ උනත් එයාගෙ අතින් අතීතයෙදි වෙලා තිබුනට ඒවට මේ වෙලාවෙ ප්‍රති උත්තර බඳින්න යන්න එපා. මොකෝ ඒක මහ පිස්සු වැඩක්.

5.දිග කතා එපා

අතෑරල දාලා ආව මනුස්සය එක්ක ආයෙ මොන ටෝක්ස් ද කියල හිතුවට ඉතින් කතාකරන්න වෙන අවස්තා එන්නෙ නැතුවම නෙවෙයිනෙ. මොකෝ “සම්බන්ධෙ නතර උනාට පස්සෙ මං ගොලු උනා” කියන්නද

ඒත් ඕනවට වඩා නම් බජනෙට යන්න එපා රත්තරං. මතක ඇතිනෙ සම්බන්ධෙ ඇති උනෙත් ඔය ඕනවට වඩා කතාවකට ගිහින් වෙන්නැතිනෙ. ඉතින් ආයෙම ඒ පාරෙ යන්න හිතන්න එපා මොකෝ අවසානය එකමයි.

ඒ නිසා ඔය පොඩි හිනාවක් දාලා හායි, බායි කියල ආවනම් හොඳටම ඇති.

මේ ආටිකල් එක ලියාගෙන යද්දි මගෙ හිතට ආව තව දෙයක් තමයි අපිට ආයෙ කවදාවත්ම අපේ පරන පෙම්වතා එක්ක එක්කහු වෙන්න බැරිද? එහෙම වෙච්ච අවස්තා ඇත්තෙම නැද්ද කියල.

බිඳිච්ච සම්බන්ධයක් ආයෙ ගොඩ නගන එක අලුතෙන් සබඳතාවයක් ඇති කරගන්නවට වඩා අමාරු දෙයක්. මොකද අතීතයෙ වෙච්ච දේම ආපහු වෙයිද කියන බය සහ සැකය අපේ හිත්වල තවමත් ඉතුරු වෙලා තියෙන හන්දා.

ඉතින් ඔයාගෙ අතීත සබඳතාවය බිඳුනෙ හේතුව හොඳාකාරවම දන්නෙ ඔයා නිසා ආයෙමත් එයා මොන විදියෙ ආකර්ෂණීය ක්‍රමයකින් ඔයා ළඟට ආවත් “මේ තීරණේ මම ගන්නවද නැද්ද?” කියල හොඳින් හිතන්න අමතක කරන්න එපා.

මොකද සමහර වෙලාවට අපිට අතීතයෙදි ගොඩක්ම රිදවපු කෙනෙක්ව අපිට වර්තමානයෙදි ඉතාම සුන්දරව පේන්න පුලුවන්. එයා වෙනස් වෙලා කියල හිතෙන්න පුලුවන්. එහෙම හිතල, ඒ විදියෙ වෙනසක් දැකල ආයෙ එයාට ලංවෙන්න, ආදරයෙන් බැඳෙන්න කලින් මෙන්න මේ දේ හොඳින් මතක තියාගන්න.

ඒ තමයි “කැලෑව මාරු උනත් කොටියගෙ පුල්ලි වෙනස් නොවේ” කියන එක.

Related Articles

Don't Miss


Latest Articles