ප්ලාස්ටික් සැත්කම් කළ බොලිවුඩ් සුරූපිණියන්

කණ්ණාඩියෙන් මූණ බැලුවද?

ඔබේ මූණ ගැන ඔබට මොකද හිතුනෙ. 

ඔබට ඔබේ මුහුණ හෝ ඇඟේ කොටසක් වෙනස් කරගන්න අවස්ථාව ලැබුනොත් ඒ අවස්ථාව ඔබ ගන්නවද ? 

ඔව් ! එහෙම අවස්ථාවක් ගැනීමේ හෝ නොගැනීමේ හෝ වරදක් නැහැ. 

අපි එකිනෙකාගෙ රුචි අරුචිකම් වෙනස්නෙ. අපි අකමැති සියළු දේට සියල්ලන්ම අකමැති විය යුතු නැහැ. අපි කැමති සියළු දේට සියල්ලන්ම කැමති විය යුතුත් නෑ. 

මේ විදිහට ශරීරයේ කොටස් අපිට අවශ්‍ය ආකාරයට වෙනස් කරගන්න පුළුවන් ක්‍රමයක් විදිහට ප්ලාස්ටික් සැත්කම් අද වෙද්දී ලෝකයේ හරිම ජනප්‍රියයි. 

රූපලාවන්‍ය අරමුණු උදෙසා හෝ උපතේදී වගේම විවිධ අනතුරු නිසා ඇතිවෙන ශරීරයේ වෙනස්වීම් නැවත සකසන්න කරන පටක හුවමාරුවක් තමයි ප්ලාස්ටික් සැත්කම් වලදී සිද්ධ වෙන්නෙ.  

මේ විදිහට ප්ලාස්ටික් සැත්කම් මඟින් ශරීරයේ විවිධ කොටස් වෙනස් කරගන්න තීරණය කරපු ජනප්‍රිය බොලිවුඩ් සුරූපිනියන් ඉන්නව. ඒ කවුද කියල බලමුද ? 

ප්‍රියංකා චොප්රා

ප්‍රියංකා තමන්ගෙ තොල් සහ නහය වෙනස් කරගන්න ප්ලාස්ටික් ශෛල්‍යකර්මයක් කරල තියෙන බව ඇගේ කලින් සහ දැන් ජායාරූප බලන ඕනෙම කෙනෙක්ට පැහැදිලිවම දැකගන්න පුළුවන්.

මුලින්ම තමන්ගෙ නාසය සැකසීමේ ශෛල්‍යකර්මයකට ප්‍රියංකා මූණ දුන්නෙ ඇයට වයස අවුරුදු 20 දී. එය අසාර්ථක වුනත් පසුව ඇය කරපු ශෛල්‍යකර්ම සාර්ථක වුණා. 

ඒ වගේම තමන් ප්ලාස්ටික් ශෛල්‍යකර්ම කළ බවට සඟවන්න ඇය උත්සහ කලෙත් නෑ. කෝම වුනත් මේ නිසාම ඇයට ප්ලාස්ටික් ප්‍රියංකා ලෙස අනුවර්ත නාමයකුත් පට බැඳුනා.

අනුෂ්කා ශර්මා

පසුගිය ක්‍රිකට් ලෝක කුසලානය එක්ක නිරන්තර මාධ්‍ය අවධානයට ලක්වුණ ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිගෙ බිරිඳ සුරූපී නිළි අනුෂ්කා ශර්මව නොදන්න බොලිවුඩ් රසිකයෙක් නෑනෙ. 

ඉතිං අනුෂ්කා ශර්මත් තොල් පිරිපුන් කිරීමේ ප්ලාස්ටික් ශෛල්‍යකර්මයක් කරගෙනයි ඉන්නෙ. 

“මම බොරු හෝ මම එවැනි ශෛල්‍යකර්මයක් නොකළ බව කියන්න සූදානම් නෑ. මට මගේ රසිකයන්ට කියන්න අවශ්‍යයි මමත් පරිපූර්ණ නොවන සාමාන්‍ය මනුස්සයෙක් බව” 

මේ පිළිබඳව පැතිර යන කටකතා ගැන විමසීමෙදි ඇය එලෙස අදහස් ප්‍රකාශ කර සිටියා. 

ශිල්පා සෙට්ටි

වයස අවුරුදු 48 ක කාන්තාවක් වුනත් තවමත් මනබඳින හැඩකාර සහ සරාගී සිරුරකට හිමිකම් කියන මේ සුරූපී බොලිවුඩ් තරුව සිය නර්තන හැකියාව අදටත් වලංගු බව පෙන්වන ටික් ටොක් වීඩියෝ හරහා නිරන්තරයෙන්ම දකින්න ලැබෙනව. 

සිය නාසයේ හැඩය වෙනස්කර ගන්න ප්ලාස්ටික් ශෛල්‍යකර්මයකට මූණ දී සිටින ඇය ඒ ගැන පැතිර යන කතා ගැන නම් ලොකු තැකීමක් කරන්නෙ නෑ.

ඒ පිළිබඳව විමසද්දි ඇය ප්‍රකාශ කරල තිබුණේ “ඔව් මම නාසය සැකසීමක් කරා තමයි. ඒකෙ මහ ලොකු දෙයක් නෑනෙ.” කියලයි. 

කත්‍රිනා කයිෆ්

Jab tak hai jaan, Tiger, Doom වගේ ජනප්‍රිය චිත්‍රපට එක්ක බොලිවුඩ් සිනමා රසිකයන් ආකර්ෂණය කරගන්න සමත් වුණ කත්‍රිනා බ්‍රිතාන්‍ය ජාතික බොලිවුඩ් සිනමා නිළියක්. 

2021 අවුරුද්දෙ සුන්දර සාම්ප්‍රදායික ඉන්දියානු මනාලියක් ලෙස විවාහ වුණ කත්‍රිනා තොල් පිරිපුන් කිරීමේ සහ මුහුණේ රැළි ඉවත් කිරීමේ (botox) ප්ලාස්ටික් සැත්කම් කරලයි ඉන්නෙ. 

අයිශ්වර්යා රායි බච්චන් 

වර්ෂ 2000 ත් 2010 ත් අතර කාලයේදී මාධ්‍ය විසින් ලෝකයේ ලස්සනම කාන්තාව විදිහට හඳුවන් දුන් අයිශ්වර්යා

1994 ලෝක රූ රැජිණ කිරුළ හිමි කරගත්තා. 

දේව්දාස්, ජෝදා අක්බර්, Mohabbatein සහ කුච් නා කහෝ වගේ චිත්‍රපට වල අතිශය වෙනස් චරිත නිරූපණය කරමින් සිය දක්ෂතාව සහ සුන්දරත්වය ප්‍රදර්ශනය කරන්න ඇය සමත් වුණා. 

අයිශ්වර්යා තහවුරු කළේ නැතත් වයස අවුරුදු 50 ක් සම්පූර්ණ කළ ඇය මේ වෙද්දී තමන්ගෙ කම්මුල් සකස් කිරීමේ ශෛල්‍යකර්මයකට මූණ දීල ඉන්න බවයි මාධ්‍ය වාර්තා කරන්නෙ. 

තමන්ගෙ කැපවීමෙන් සහ ධෛර්යයෙන් බොලිවුඩ් සිනමාවෙ මතකයේ රැඳෙන නමක් වෙන්කර ගන්න සමත් වුණ මේ රූමතියන් ඔවුන්ගෙ රුව ආරක්ෂා කරගැනීමේ වරදක් නැහැ.

මොකද ඔවුන් රැඳී ඉන්නෙ තමන්ගෙ හැකියාවන් වගේම බාහිර අලංකාරයත් අවශ්‍ය ක්ෂේත්‍රයක වීම නිසයි.

ඉතිං ඔබටත් දවසක ප්ලාස්ටික් සැත්කමක් කරගන්න හිතුනොත් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් යටතේ හොඳ දැනුවත්භාවයකින් යුතුව ඒ සඳහා යොමු වෙන්න කියල අපි ඔබට මතක් කරනවා. 

Related Articles

Don't Miss


Latest Articles