Happy New Year Movie

චන්ද්‍රමෝහන් මනෝහර් ශර්මා එහෙම නැත්තම් චාලි කියන්නෙ වීදි සටන්කාරයෙක්. ඊට අමතරව අවුරුදු අටක් තිස්සෙ තමන්ගෙ ප්‍රතිවාදිය වෙච්ච චරන් ග්‍රෝවර්ගෙන් පළිගන්න බලාගෙන ඉන්න කෙනෙක්.

ඒකට හේතුව තමයි මේ ග්‍රෝවර් හන්දා චාලිගෙ තාත්තා එහෙම නැත්තම් මනෝහර් ශර්මා නොකරපු හොරකමකට අහුවෙලා හොරෙක් කියල හංවඩු ගැහිච්ච එක.ඒකට හේතුව මේ චරන් කරපු දියමන්ති හොරකමකට චාලිගෙ තාත්තා නිරපරාදෙ ගෑවිච්ච නිසා.

චාලිට හොයාගන්න ලැබෙනවා චරන් හොරකම් කරපු මේදියමන්ති,ලෝක ප්‍රසිද්ධ, ලෝකෙ තියෙන වඩාම සුරක්ෂිතම සුරක්ෂිතාගාරවලින් එකක් වන ශාලිමාර් කියන සුරක්ෂිතාගාරයේ තැන්පත් කරල තිබෙන බව. ඉතින් චාලි ප්ලෑන් කරන්නේ චරන්ගෙ මේ දියමන්ති ටික හොරකම්කරලා තමන්ගෙ තාත්තාට විඳින්න උන දුක සහ අපහාසයට චරන්ගෙන් පළිගන්න.

ඒ උනාට ඉතින් මේක තනියම කරන්න පුලුවන් මිශන් එකක් නොවන බව චාලි දන්නවා. ඉතින් තමන් මේ මෙහෙයුමට කණ්ඩායමක් හොයාගන්න ඕන. කොහොමද ඉතින් මේ හොරකමකට කණ්ඩායමක් හොයන්නේ?

මෙයා හොයාගන්න කට්ටියත් මරු.

කණ්ඩායමේ පළමුවැන්නා ජග්මෝහන් ප්‍රකාශ් නොහොත් ජග්. ජග්ගෙ කන ඇහෙන්න නෑ. ඉතින් මිනිස්සු කියන ඒව වැරදියට තේරුම් අරගෙන යකා නග්ග ගන්න ඩයල් එකක් තමයි මේ.

කණ්ඩායමේ දෙවනියා වෙන්නෙ ටෙහෙන්ට්‍රොමන් ඉරානි. එහෙම නැත්තම් ටැමී. මෙයාට අපස්මාරෙ. ටැමී මනොහර්ගෙ ෆැක්ටරි එකේ පරීක්ෂක ඉංජිනේරුවෙක්. ටැමී ඉන්නෙත් මනෝහර්ගෙ ජීවිතේ විනාශ කරපු චරන් ගෙන් පලිගන්න බලාපොරොත්තුවෙන්.

කණ්ඩායමේ තුන්වෙනියා රෝහන් සිං. මිනිහා තරුණයි. ඒ වගේම හැකර් කෙනෙක්. එයාව මේ කණ්ඩායමට අරගන්නෙ ශාලිමාර් සුරක්ෂිතාගාරෙ පරිගණක පද්ධතිය හැක් කරන්න හිතාගෙන. ඒ වගේම එයා ජග්ගෙ බෑණත් වෙනවා.

ඉතින් සුරක්ෂිතාගාරය ගැන තව විස්තර හොයාගත්තම මෙයාලා දැනගන්නවා මේ සුරක්ෂිතාගාරය ඕපන් වෙන්න ඇඟිළි සලකුණු අගුලකුත් ඕන වන බව. ඒ ඇඟිලි සලකුණු අගුලෙ අයිතිකාරයා වෙන්නෙ චරන් ග්‍රෝවර් පුතා වන විකී ග්‍රෝවර්. මිනිහට විතරයි ඕනම වෙලාවක සුරක්ෂිතාගාරයට එන්න පුලුවන්.

ඒ වැඩේ තව ලේසි කරගන්න මෙයාලා හොයාගන්නවා විකීගෙ වගේම පෙනුම තියෙන කෙනෙක්. ඒ තමයි නන්දු. නන්දු වැඩේට කැමතිවෙන්නෙ මනුස්සයගෙ පිළිකාවකින් දුක් විඳින අම්මාගෙ ජීවිතේ සනීප කරගන්න සල්ලි ඕන හන්දා.

මෙයාලා ප්ලෑන් කරනවා පොඩි ටෙස්ට් රන් එකක් කරන්න. ඒ වෙනුවෙන් මෙයාලා යනව ෆැක්ටරියට. මේ ශාලිමාර් සුරක්ෂිතාගාරයේ ඉස්සරහින් වැඩි ආරක්ෂාවට ලේසර් පලිහක් තියෙල තිබෙන බව මෙයාලා දන්නවා. ඒ පලිහෙ තියෙන කෝඩ් එක දවසින් දවස වෙනස් වෙන එකක්. ෂාලිමාර් සේප්පුව 9C කාමරයට තවදුරටත් සම්බන්ධ කර ඇති මලාපවහන පද්ධතියක් හරහා සම්බන්ධ කර ඇති Altantis හෝටලයේ භූගතව ඇති බව කණ්ඩායම හොයාගන්නවා.

නමුත් කාමරය විවෘතව ඇත්තේ නත්තල් දිනට පෙර ඇට්ලන්ටිස් හෝටලයේ පැවැත්වෙන නැටුම් තරඟයක් වන ලෝක නර්තන ශූරතාවලියේන් දිනල අන්තිම වටයට සහභාගි වෙන්න නියමිත කණ්ඩායම් වලට විතරයි. ඉතින් මේ සුරක්ෂිතාගාරය කිට්ටුවටවත් එන්න පුලුවන් කම තියෙන එකම පාර ඒක විතරයි. ඒ වුණාට මුන් එකෙක්ටවත් නටන්න බෑ.

ඉතින් හොරකම් කෙසේ වෙතත් කට්ටිය ඊළඟට ප්ලෑන් කරනවා මේ නැටුම් තරගෙන් අවසාන වටයට තේරිලා එතනට යන්න පුලුවන් විදියට මෙයාලට නැටුම් උගන්වන්න කෙනෙක්ව.

ආන් ඒ විදියට තමයි මෙයාලා නටන්න දන්න මෝහිනී ජෝශිව හොයාගෙන එන්නෙ.

මෝහිනීට උවමනාවක් තියෙනව කවදක හරි දවසක තමන්ගෙම කියල නැටුම් පාසලක් පටන්ගන්න වගේම ඉංග්‍රීසි කතාකරන්න පුරුදු වෙන්න. ආන් ඒ හේතුව මත මෝහිනිත් මෙයාලගෙ මේ ගේම් එකට එකතුවෙනවා.

මුන් කොහොමහරි පලවෙනි වටෙන් තේරෙනවා. ඒකත් විනිශ්චය මණ්ඩලේ ඉන්න දෙන්නෙක්ගෙ රහසක් එලියට දානව කියල බයකරල තමයි එන්නෙ. කොහොමහරි දන්න ඔක්කොම මගඩි ටික දාලා මුන් ෆයිනල් රවුන්ඩ් එකටත් එනවා. දැන් ඉතින්  තියෙන්නෙ ශාලිමාර් සුරක්ෂිතාගාරයට කිට්ටුවෙන් තියෙන Atlantis හෝටලේට යන්න තමයි.

අනික් කණ්ඩායම් ඉතින් කොහොමත් මුන්ව ගනන් ගන්නෙ නෑ. චරන් ග්‍රෝවර් කොහොමත් මේ ඉන්දියන් ටීම් එකට ආස නෑ. හැබැයි චාලිට නම් ඒවයි ගාණක් නෑ. මොකෝ ඇත්තටමතමන්ගෙ අරමුණ මේ නැටුම් තරගෙ දිනන එක නෙවෙයිනෙ. දියමන්ති ටික ගන්න එකනෙ.

මිනිස්සුත් මෙයාලට එච්චර කැමැත්තක් නොදැක්වුවට ප්‍රතිවාදී කණ්ඩායමක නැටුමක් අතරවාරයේ නැටුම් කණ්ඩායමේ පොඩි දරුවෙක් වැටෙන්න ගිය වෙලාවක ඒ දරුවව චාලි බේරගන්නවා. අන්න ඒ මොහොතෙ ඉඳන් හැමෝම වගේ මේ ඉන්දියානු කණ්ඩායමට චියර් කරන්න පටන් ගන්නවා.

මෙන්න මේ සිදුවීම් වලින් පස්සෙ තමයි මෙච්චර දවසක් චාලි කාටවත් කිව්වෙ නැති රහසක් එලිකරන්නෙ. ඒ තමයි තමන්ගෙ තාත්තා වෙච්ච මනෝහර් මියගිහින් නෙවෙයි සියදිවි නසාගෙන කියන එක. මෙච්චර දවසක් තමන් මේක නොකිව්වෙ කණ්ඩායම අධෛර්‍යමත් කරන්න උවමනා උනේ නැති හින්ද බව චාලි කියනවා. එතනදි තමයි කණ්ඩායමේ හැමෝම තීරනය කරන්නෙ හොඳින් හෝ නරකින් ගෙදර යන්නෙ දියමන්ති ටිකත් අරගෙන බව.

ඉතින් මෙයාලා හොරකම කරන්න යනවා. ඔක්කොම හොඳින් සිද්ද වෙනවා. හැබැයි ඒ චාලි සහ ටැමී දියමන්ති තියෙන තව සේප්පුවක් ඇතුලෙ තිබිලා හොයාගන්න කම් පමනයි.

මෙච්චර වෙලා දැනගෙන උන්නෙ ශාලිමාර් සුරක්ෂිතාගාරයට තියෙන්නෙ ඇඟිලි සලකුනු මුරපදය විතරයි කිව්වට තව මුරපදයක් තිබෙන බව මෙයාලා දැනගන්නෙ ඒ මොහොතේ.

ඒ මුරපදය මොකක්ද කියල කවුද දන්නවා ඇත්තේ?

ඒ මුරපදය හොයාගත්තම විතරක් නම් සේප්පුව ඇරෙන්නෙ දියමන්ති ටික හොරකම් කරගෙන ආපහු ඉන්දියාවට එන්න එයාලට පුලුවන් වෙයිද?

ඒ ගැන දැනගන්න මේ අලුත් අවුරුදු නිවාඩු කාලයේ Happy New Year චිත්‍රපටය බලන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා 

Related Articles

Don't Miss


Latest Articles