ආදරය, රාගය කියන්නේ එක්තරා විදියක ආදාවක් උමතුමක්. ඒ ආශාව සහ උමතුවට පුලුවන් අපිව ගිනිබත් කරල දාන්න. ඉතින් අපි අද කතා කරන්නෙ යන්නේ ආදරයේ ඒ උමතු ආශාව පිළිබඳ කතාවක් කියවෙන Fitoor චිත්‍රපටය ගැන.
නූර් නිසාමි කියන්නෙ පහල පංතියෙ දුප්පත් පවුලක ඉපදිච්ච අවුරුදු 13ක් වයස ඉස්කෝලෙ යන කොල්ලෙක්. ඒත් සල්ලි නැතිකම හින්දා මෙයා අර්ධකාලීනව ගෙදරක පොඩි පොඩි වැඩ කරනවා. මෙයා වැඩ කරන ගෙදර හාම්පුතා වෙන්නෙ බෙගම් හස්‍රත් ජාන්. මෙයා වැන්දඹුවක්.
මෙයා හරිම නොදන්නා වේදනාවක හැංගිල ඉන්න කාන්තාවක්. එයාගෙ විශාල නිවස පිරිලා තියෙන්නෙ අන්ධකාරයෙන් සහ ශෝකයෙන්. ඒ වගේම ගරාවැටිලා. ඒත් එයා තවමත් අර දුක කියන අන්ධකාරෙ අස්සෙ ගිලිලා ඒ මන්දිරේටම වෙලා ඉන්නවා.
ඒ නිසා ඒහමයි එයාට සාප්පු සවාරි යන්න, තැපැල් කන්තෝරුවට, බැංකුවට යන වගේ වැඩ කරගන්න පිරිමි ළමයෙකු ඕන වෙන්නෙ. ඒකට තමයි ඇය ගෞරවනීය නමුත් තරමක් දුප්පත් පවුලක පුතෙකු වන නූර්ව අරගන්නෙ වැඩ කරන්න. නූර් හස්රත්ගේ දියණිය වන ඔහු හා සමාන වයසේ පසුවන ෆිර්දවුස් සමඟ ආදරයෙන් බැඳෙනවා. හස්රත් තම දියණිය දඩබ්බර කොල්ලා සමඟ මෙතරම් මිත්‍රශීලීව සිටීම දැකල මේ දෙන්න අතර තියෙන මේ කියන්න නොතේරෙන බැඳීම දැනගෙන ඒකට අකමැති වෙනවා.
ඒත් නූර් සහ ෆිර්දවුස්, ෆිර්දවුස්ගෙ අම්මා හස්‍රත් එයාව පිටරට බෝඩිම් වෙලා ඉගෙනගන්න ඉස්කෝලෙකට යවනකම්ම එකට ඉන්නවා. මේ අතර තමයි, හස්රත් තරුණ වියේදී ඇගේ පෙම්වතා වන ෆිර්දවුස්ගේ තාත්තා නිසා වුණ හිත් බිඳීමකින් වේදනාවට පත්වෙලා ඉන්න බව අනාවරණය වෙන්නෙ.
වසර දහයකට පසු, නූර් කලා කුසලතා ඇති වැඩුණු තරුණයෙක් වෙලා. ඔහුට දිල්ලියේ කීර්තිමත් කලා පාසලකට යන්න උවමනාව තිබුණත් සල්ලි හිඳකමක් තිබෙනවා. පාසල විසින් සංවිධානය කරන ලද අනුග්‍රාහක සම්මන්ත්‍රණයකදී ඔහුගේ නිර්මාණ දැකලා නිර්නාමික දානපතියෙකුගේ අනුග්‍රහය ඇතිව ඔහුට එම කලා පාසලටම ඇතුළත් වීමට හදිසියේම ශිෂ්‍යත්වයක් ලැබෙනවා. නූර් දිල්ලියට යන අතර එහිදී ඔහුට ෆිර්දවුස් සහ හස්රත් හමුවෙනවා.
අහඹු සිදුවීම් කිහිපයක් නිසා, නූර් විශ්වාස කරන්න පටන් ගන්නවා තමාට කලා පාසලට යාමට මුදල් ගෙවන්නේ හස්රත් කියලා. මේ වන විට ෆිර්දවුස් පකිස්ථාන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන බිලාල් සමඟ විවාහ ගිවිසගෙන ඉන්නවා. කෙසේ වෙතත්, වසර ගණනාවකට පසුව පවා එයා සහ නූර් අතර අර පුංචි කාලේ අතෑරල දාල ආව Spark එක ආයෙ ඇරඹෙනවා. හස්රත් පුරුද්දක් ලෙස නූර්ට සලකන්නේ පාතාලයෙකු හෝ වැරදි වැඩ කරන පිරිමි ළමයෙකු විදියට. ඒත් ෆිර්දවුස් කෙරෙහි නූර්ගේ හැඟීම් වෙනස් වෙලා නැති අතර එයාලා ඒ මත ගොඩනගන මිත්‍රත්වය අවසන් වෙන්නෙ ඒක ආදරයක් බවට පත්වෙලා. නූර් මේ වන විට ධනවත් කවයන් තුළ ගමන් කරන සාර්ථක කලාකරුවෙකු බව හස්රත් දකින අතර, ඇය සෙමෙන් ඇගේ වැරැද්ද තේරුම් ගැනීමට පටන් ගන්නවා, නමුත් ෆිර්දවුස් බිලාල් සමඟ විවාහ විය යුතු බවට ගත්ත තීරණේ කිසි වෙනසක් නෑ. තමන් තරුන කාලෙ ගැන් ගෙන ඉද්දි තමන්ව දමා ගිය පෙම්වතා ගැන වේදනාවකින් තමන්ගෙ දරුව දුක් විඳිය නොයුතු බව ඒකට හේතුව බව කතාව ගලාගෙන යද්දි අපිට තේරුම් යනවා.
නූර් ලන්ඩනයේ කලා සංදර්ශනයක් සඳහා යනවා. එහිදී ඔහු සොයා ගන්නේ ඔහුගේ කලා ශිෂ්‍යත්වය සැබවින්ම අනුග්‍රහය දැක්වූයේ ඔහු තරුණ වියේදී බේරාගත් කාශ්මීර ත්‍රස්තවාදියෙකු වූ මොආසාම් විසින් මිස හස්රත් විසින් නොවන බව.
නූර් ඔහු හුදෙක් මොආසාම්ගේ උපායෙහි ඉත්තෙකු බව වටහා ගැනීමත් සමඟ දැඩි ලෙස කනස්සල්ලට පත් වෙනවා. නමුත් හස්රත් ඔහු සමඟ සෙල්ලම් කරමින් සිටින ආකාරය ඔහුට වැටහෙන විට ඊටත් වඩා කම්පනයට හා කලබලයට පත් වෙනවා.
නූර් ඇයට මුහුණ දෙයි; ඇය ඔහුව මෙහෙයවීම ප්‍රතික්ෂේප කරන අතර කෝපයෙන් පිපිරෙන අතර එහිදී ඇය ඇගේ හිටපු පෙම්වතා වන මුෆ්ටි ගැන කතා කරයි. මුෆ්ටිට එරෙහිව පළිගැනීමේ ආශාව ඔහු වෙතට හරවා ඔහුට වධ දී ඔහුව විනාශ කිරීමට කුමන්ත්‍රණය කිරීමෙන් ඇය මිදීම සොයමින් සිටින බව නූර් තේරුම් ගන්නවා. තමන්ගේම දියණිය පවා සතුටින් සිටින අනෙක් තරුණයන් දැකීම ඇයට දරාගන්න බැරි බව නූර් තේරුම් ගන්නවා. නූර් නැවතත් ගැලරියට ගොස් ෆිර්දවුස්ගේ මතකයට සම්බන්ධ ඔහුගේ කලා කෘති පුච්චල දානවා.
තවත් අතීතාවර්ජනයක් පෙන්නුම් කරන්නේ ඇත්ත වශයෙන්ම ඇයට ඇගේ දරුවා අහිමි වූ අතර ෆිර්දවුස් ඇය හදාගත් දියණිය බව. නූර් ඇගේ කටුක සහ රෝගී අභ්‍යන්තරය ගැන පැවසූ දෙයින් කලබලයට පත් ඇය එම අර්ධ සිහිනයෙන් අවදි වන අතර පසුව හස්‍රත් සිය දිවි නසාගන්නවා
ඇගේ අවමංගල්‍ය උත්සවයේදී, ශෝකයට පත් ෆිර්දවුස්, හස්රත් නිතරම ඇගේ ගෙලෙහි පැළඳ සිටි පෙන්ඩනය විවෘත කරයි. එය තුළ ප්‍රීතිමත් තරුණ යුවළකගේ පින්තූරයක් දැකීමෙන් ඇය පුදුමයට පත් වේ: මුෆ්ටි සහ හස්රත්.
හස්රත් තමන්ට කෙතරම් නරක විදියට සැලකුවත්, මුෆ්ටි කෙරෙහි ඇති ඇගේ ආදරය කිසි විටෙකත් ජය ගැනීමට නොහැකි වූ බව ඇය තේරුම් ගනී. තමාට අවංකව ආදරය කරන, අවංක යහපත් මිනිසෙක් වන නූර් කෙරෙහි තමාට කිසිදාක ඇගේ ආදරයෙන් මිදීමට නොහැකි බව ෆිර්දවුස් හදිසියේම තේරුම් ගනී. මෙම අවබෝධය සමඟින්, ෆිර්දවුස් තීරණය කරන්නේ බිලාල් සමඟ ඇති ඇගේ විවාහ ගිවිස ගැනීම බිඳ දමා නූර් සමඟ ජීවිතය ගත කිරීමටයි.
ඉතින් මේ චිත්‍රපටය පුරාවටම තියෙන්නෙ ශෝකය, අන්ධකාරය සහ ආදරයේ සහ විරහවේ වේදනාව ගැන සැලකුණු. ඉතාම සුන්දර චිත්‍රපටයක් වුවත් එකදිගට බැලීම තරමක් වේදනාවක් ගෙන දෙන දෙයක් බවත් මම අවසානයට කියන්න කැමතියිඉතින් මේ Fitoor ගැන මගේ හැඟීම. මේ චිත්‍රපටය බලලම, ඒ ගැන ඔබට හැඟුණ දේ අපත් එක්ක බෙදාගන්න