“එදා කරපු උදව්වට බොහොම ස්තුතියි”
තාරා පැවසුවේ ඉන් පසුදින වාහනය රැගෙන යන්නට අවන්හලට ආ මොහොතේය. ග්ලෝබල් බැටරි ශොප් එකෙන් පැමිණ බැටරිය රිප්ලේස් කරන තුරු තාරා අවන්හලේ අසුනක වාඩි වී උන්නාය.
මහිල් උන්නේ තාරා අසල සිටගෙනය. බාලාංශ පංතියේදි වරදක් කර ගුරුවරයෙකුට හසු වූ ලමයෙකු මෙන් හිස බිමට බර කරගෙනය. එහෙත් මදමුදු සිනහවක් දෙතොලේ ඇඳී තිබුනි.
“නෝ වොරීස් මැඩම්. අද කාර් එක අරගෙන යන්න පුලුවන් නේද?”
“ඔව් ඒක තමයි. මම ඔෆිස් ඉවර උන ගමන්ම වගේ ආවෙ ටක්ගාලා මේ වැඩේ කරගෙන කාර් එක අරගෙන යන්න පුලුවන්නෙ”
“මැඩම්ගෙ ඔෆිස් එක තියෙන්නෙ මේ ලගඳ?”
“නෑ. කොහුවල”
මේ කිසිත් අතරතුර හිස ඔසවා මහිල් දෙස මදකටවත් බැලුවේ තාරා නොවේ. සිහිල් බීම විදුරුවේ දමා ඇති බීම බටය දෙතොලතර තබාගෙන තාරා බලාඋන්නේ වටපිටාව දෙසයි.
ඉන් පසුව ඇසිය යුත්තෙ කුමක්ද, කිව යුත්තෙ කුමක්ද කියා සිතාගන්නට තාරාට පහසු නැත. අනෙක් අතට මහිල් උන්නේත් අතීරණයකය. කිව යුත්තේ කුමක්දකල යුත්තේ කුමක්ද කියා
“අද ඔයා සින්ග් කරන්නෙ නැද්ද?”
තාරා එය ඇසුවේ සිතා මතා නොවේ. අසන්නට වෙන දෙයක් නොමැති තැන මේ නිහඬතාවය දරාගන්නට බැරුවමය. අනෙක් අතට මහිල් දෙස තමා බැලූ ඇස එදා රාත්‍රියේ ඔහු විසින් තමාව නිවසට ඇරලවීමත් සමග බොහො දුරට වෙනස් වී ඇති බව තාරා දැන උන්නාය.
එදා රාත්‍රියේ චිරායු අමතා සිදු වූ දේ කියන්නට තැනුවද චිරායු උන්නේ ඒ කිසිවක් අසන්නට උවමනාවකින් නොවේ.
“මම හොඳටම බය උන චිරායු කාර් එක බ්‍රේක් ඩවුන් උනානෙ අද. මම කාර් එක එතන කැෆේ එකක දාලා ආවේ”
තමා රැකියාව අවසන්ව වයිබ්ස් කැෆේ වෙත යන බව චිරායුගෙන් සඟවා තබාගන්නට තමා උත්සහ ගත්තේ ඇයිද කියා තාරාවත් දැන උන්නේ නැත. එහෙත් එය චිරායුට නොකිවයුතු දෙයක් බවත්, එය කිම තමාත් චිරායුත් අතර ඇති බිඳුණු බැඳුම තවත් බිඳ වැටෙන්නට හේතුවක් බව තාරා සිතුවාය.
“කාර් එකක් බ්‍රේක් ඩවුන් වෙන එක බයවෙන්න දෙයක් නෙවෙයිනෙ තාරා. නිකන් බයවෙන්න බබෙක්ද? හෙට ගිහින් කාර් එක හදාගන්න”
ඉස්සර වගේ තමා ගැන සොයා බලන්නට, පමා වෙද්දි කතා කර කොහේදැයි අසනට චිරායුට මතක් වූවා නම් මේ ජීවිතය කොපමණ නම් සුන්දර විය හැකිද කියා තාරා සිතුවාය. එහෙත් ජීවිතය අපි බලාපොරොත්තු වන දේවල්ම අරගෙන නොඑන බව තාරා තවමත් අත්දැකීමෙන් දනී.
“ඔයා ආයෙ එන්නෙ කවද්ද?”
“මම නෙක්ස්ට් තර්ස්ඩේ තමයි එන්නෙ.එදා රෑට ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්නෙ”
“ඕකේ”
කියා කීවා මිසක ඉන්පසුව චිරායු සමග කතා කරන්නට පිරියක් තාරාට තිබුනේ නැත. එහෙත් හිත ඇතුලේ කෙලවරකින් දිනක් දෙකක් පමණක් කත බස් කල මිනිසෙකු තමා ආරක්ෂිතව නිවසට කැඳවාගෙන ආ බව තාරා මතකයේ තබාගත්තය.
“මැඩම් අද ඉක්මනට යනවද? නැත්තම් ඉන්නවද?”
මහිල් අසන්නේ සුපුරුදු මදමුදු සිනහව දෙතොලේ තබාගෙනය. ඒ සිනහව අවන්හලේ නතර වී ඔහුගේ ගීයකට සවන් දෙන්නට කල ආරාධනාව බව දැන උන්නද චිරායුගේ අම්මා සහ අක්කා නිවසට එන බව කියා තිබීම නිසාවෙන් එහි නතරවන්නට හැකියාවක් තාරාට තිබුනේ නැත. රාත්‍රී ආහාරය සඳහ ගොසින් යමක් පිලිවෙල කල යුතුය. එබැවින් මෙහි නතර වීම කල නොහැක්කකි.
“නෑ මම අද කලින් යනවා, ආයෙ පුලුවන් උනොත් හෙට වගේ එන්නම්”
අවසන් කල බීම වීදුරුව මේසය මත තබා තාරා අසුනෙන් නැගිට සිමෙන්ති පඩි පෙල බැස
උඳුපියලිය ගොල්ලට පියවර තබද්දී මහිල්ද ඒ අනුව පය ඉදිරියට තැබුවාය. වාහනය පණගන්වා ආපසු යන්නට පලමුවෙන් ශටරය මදක් ඇර මහිල්ට යන බව පවසන්නට තාරා අමතක කලේ නැත..කුමක්දෝ නොපෙනෙන බලවේගයක් විසින් මෙතෙක් දිනක් ඔහු පිලිබඳව සිත තුල පතිත කල තිබූ අඳුරු අදහස් වලාවන් පලවාහරිනබව තාරාට දැනුනි.
“මහිල් හොඳ මනුස්සයෙක්” ඇතුල් හිත එසේ පවසනු තාරාට ඇසේ.
තාරා අඩිය ඉක්මන් කර නිවසට ගියේ චිරායුගේ අම්මාත් අක්කාත් එන්නට පලමුව කෑම සැකසිය යුතු නිසාවෙනි. බත් එක ශැංහයි ටෙරස් වෙතින් ඇණවුම් කල තාරා හඳු බැදුමත්, චොප්සියත්, සොසේජස් ඩෙවල් එකත් ගෙදරදීම හැදුවාය.
ඕනම මොහොතක බීමට ගත හැකි අයුරින් දොඩම් යුශ ඩිකැන්ටරයක් ශීතකරණයේ තබා ඇති නිසාවෙන් බීම සැකසීම පිලිබඳව වද විය යුතු නැත.
අම්මලා එන්නට පලමුව ගත සිහිල් දියෙන් දොවාගන්නට සිතා උඩු මහලට යන්නටපියවරක් තැබුවද ඉදිරිපස දොර සීනුව නාද වූයේ ඒ සියල් බලාපොරොත්තු බිඳ වට්ටමිනි.
මහිල්ගේ අම්මාත් අක්කාත් දොරකඩ බලාඋන්නේ සුපුරුදු ආඩම්බරය මුසු වූ බැල්ම මුහුණ මත ඇඳ ගෙනය. ඒ බැල්ම එදා පටන් අද දක්වාම තමා බියපත් කරන්නත්, ආත්මාභිමානය බිඳ වට්ටවන්නටත් හේතු වන බව තාරාට නුපුරුදු නොවේ.කොතරම් උගත් වුවත්, රූමත් වුවත් කිසිදිනක කුලතුංග පවුලේ කාන්තාවන් තමාව දණිහෙන් උඩට ගණන් ගත්තේ නැති බව තාරා දනී.
“එන්න අම්මේ, අක්කෙ එන්න”
දොර ලඟින් මෑත් වී තරා ඉඩ හැදුවේ ඔවුන්ට ඇතුලට එන්නටය.
“කොහොමද ළමයො” අම්මා නිවස ඇතුලට ආවේ ගාම්බීර හඬකින් එය අසමිනි.
“හොඳයි අම්මෙ”
“ආයෙ ඉතින් හොඳින් ඉන්න බැරිද නේද අම්මෙ මල්ලි ඔක්කොම අතට පයට කරල දෙනවනෙ”
අක්කා චිරස්තිගේ වචන දැන් තමා මේ ගෙවුණු කාලය පුරාවටම කොපමන වාරයක් අසා ඇතිදැයි තාරා ගණන් තබාගෙන නැත. එහෙත් හමුවන හැම වරකත් නෑදෑයින් එක්වන අවස්ත බොහෝ ගණනකදීත් තමන්ගේ සහ තම පවුලේ අඩු ලුහුඬුකම් ගැන නොකියා කියන්නටත්, තමාට නොදැනෙන්නට මෙන් ඇනුම්පද කියන්නටත් අක්කා පසුබට නොවන බව තාරා නොදන්නවා නොවේ.
“ඒ මිනිස්සු මොනව කිව්වත් ඔයා ඉවසන්නපුතේ. පිරිමි ලමයින් ඉන්න පවුල්වල ගෑණු අය ඉතින් පිරිමි ලමයින්ව කොහොමත් තමන්ගෙ වස්තු දේපල කියල හිතාගෙනනෙ ඉන්නෙ. ඒ නිසා ඔයා ඒවට මුකුත් කියන්න යන්න එපා”
“ඒ උනාට අම්මෙ මට හරි කේන්තියි ඒ මිනිස්සු මමනිකන් මේ නූගත් මනුස්සයෙක් ගාණට දාලා කත කරද්දි. එයාලා හිතාගෙන ඉන්නෙ මේ මම චිරායුගෙ පඩියෙන් කාලා බීල ඉන්නව කියල”
“හරි පුතේ. ඒ උනාට කසාද ජීවිතයක් කියන්නෙම ඉවසන්න ඕන තැනක්. ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය කියන්නෙ ඒකනෙ. අනික මේ ඉඳල හිටල හම්බෙන ඒ මිනිස්සු කියනඒව ගැන ඔයා ඒ හැටි හිතන්න යන්න එපා. අනික චිරායු පුතා කවදාවත් ඔයාට වෙනස්කමක් කරල නෑන් අම්මල අක්කල මොනව කිව්වත්”
අම්මා එසේ කිව්වද අවසානයේ ඒ ඉවසීමෙන් තමා ලද ජයග්‍රහණයක් නොමැති බව තාරා සිතුවාය. එහෙත් චිරායුත් නැති නිවසේ චිරායුගේ නෑදෑයින්ට එරෙහි වී අත්පත් කරගන්නට තමාට කිසිවක් නොමැති බව තාරා දනී.
“මල්ලි එන්නෙ කවද්ද තාරා?”
ගෙන ආ ඇඳුම් මල්ල සෙටිය මත තබා අක්කා අසන්නේ දෑතින්ම කෙස් වටිය උඩට කර ගැට ගසා ගනිමිනි. ඒ ඇඳුම් මල්ලේ හැටියට අක්කාත් අම්මාත් පැමිණ තිබෙන්නේ දින කිහිපයක්ම මෙහි නතරවන බලපොරොත්තුවෙන් බව තාරාට සිතාගත හැක.මෙයට පෙර එක් වතාවකත් ඔවුන් මෙසේ මෙහි පැමිණ නතර වී හිඳ තිබේ. ඒ අක්කාගේ සැමියා වන අජන්ත අයියා තම වතුපිටිවල වැඩ රාජකාරි උදෙසා බණ්ඩාරවෙල බලා යද්දීය. මේ වතාවෙත් ඔවුන් මෙහිඑන්නට හේතුව එයම විය හැක.
“තර්ස්ඩේ රෑ එනව කියල කිව්වෙ අක්කෙ”
“ඔය ලමයට ඉතින් බය නැද්ද මේ විසාල ගෙදරක තනියෙන් ඉන්න?” අම්මා අහන්නේ මූණ අමුතුවට හරවාය.
“එහෙම නෑ ඉතින්. චිරායු මීට කලිනුත් රට ගියාම මං මෙහෙ ඉඳල තියෙනවනෙ අම්මෙ. මං පහල කාමරේ අම්මටයි අක්කටයි ලෑස්ති කරා. වොශ් එකක් දාගෙනම එනවද කෑම කන්න?”
ඔවුන්ගේ ගමන් මලු කාමරයට ගෙන යමින් තාරා ඇසුවාය.
“නෑ කාලම ඉමු”
මේ නිවස තමාට නුපුරුඩු තැනක් නොවන බවටත් මේ නිවාසයටත් භූමියටත් තමාටත් අයුතියක් ඇතැයි හඟවන්නටත් මෙන් අම්මාත් අක්කාත් තාරා පසුකර කෑම කාමරය දෙසට ඇවිද ගියහ.
කෑම මේසය මත තාරා පිලිවෙලකට අසුරා තිබූ ආහාර වලින් කෙතරම් ප්‍රණීත සුවඳක් විසිරුණද මාධනී කුලතුංගගේ මුහුණේ වුයේ ප්‍රිය උපදවන බැල්මක් නම් නොවේ. බත් බන්දේසියෙන් නික්මෙන්නේ නිවසක පිසූ බතකින් එන සුවඳ නොවේ. අවන්හලකට උරුම සුවඳකි.
“ගෙදර නෙවෙයිද ලමයො කෑම හැදුවෙ?”
ඒ ප්‍රිය නුපදන මුහුණ නුරුස්නා හඬකට හුවමාරු කරගනිමින් මාධනී තාරා දෙස බැලුවාය.
“බත් එක විතරයි අම්මෙ මම ඕඩර් කරල ගෙන්න ගත්තෙ. කරීස් ඔක්කොම මම හැදුවෙ බත් එක හදන්න වෙලාව මදි උනා මම ඔෆිස් ඇරිල එද්දි. කාර් එක ඊයෙ බ්‍රේක් ඩවුන් වෙලා…”
“අනේ මන්දන්නෙ නෑ මේ විපිරියාස. වෙනදටත් ඔහොමද? පුතා කනවද මන්ද මේව? ඇයි ලමයො තමන්ගෙ නෑදෑයො එහෙම එනව කියල තියෙද්දි මෙහෙම කඩවල් වලින් කෑම ගෙනල්ල අරිනවද
බත් ටිකක් හදල පොල් සම්බල් ටිකක් හැදුවනම් හොඳ් නැද්ද් මීට වඩා?”
බත් බෙදාගන්නා තුරුත් ඒ නුරුස්නා බැල්මත් වදනිනුත් මිදෙන්නට තාරාට හැකිවුනේ නැත. තාරා උගුරෙන් පහලට බත් කටක් දෙකක් යවාගත්තේ ඒ නුරුස්නා බැල්ම මග ඇරගන්නට හැකි වූ වතාවක දෙවතාවක පමණි.
තමන්ගේම විවාහක නිවසේ තමන්ටම මෙසේ දෙවන තැනට වැටෙන්නට වීම මොනතරම් වේදනාවක් ද?
මහා හුස්මක් සමගින් තාරා ඒ හැඟීම පිටකලේ සයනය මත වැතිරී සිවිලිම දෙස බලාගෙන කල්පනා කරමින් ඉද්දීය.