එක නගරයක හිටියා බේකරිකරුවෙක්. ඒ බේකරිකරුවා තමන්ගේ නිශ්පාදන වෙනුවෙන් බටර් මිලදී ගත්තේ ඒ ළඟම තිබුණ වෙළඳසැලකින්.
හැමදාම බටර් රාත්තල ගානේ ගන්න නිසා පාඩු වෙනවද බලන්න මේ බේකරිකාරයාට හිතුණා මේ බටර් වල හරි බර තියෙනවා ද කියලා බලන්න.
තරාදියකට දාලා බර බැලුවම බටර් රාත්තලක් තිබුණේ නැහැ. මේ බේකරිකාරයා තරහ ආරගෙන අර බටර් වෙළෙන්දාට කෑ ගැහුවා. වහාම උසාවි යන්න සුදානම් වෙන්න කියලා තර්ජනය කලා.
ඒ කිව්වා වගේම පැමිණිල්ලක් දාලා බටර් වෙළෙන්දාව උසාවි ගෙන්නුවා. එතනදී බේකරිකාරයා තමන්ට වුණ අසාධාරණය ගැන නඩුකාරතුමාට් කිව්වා. සෑහෙන්නම කාලෙක ඉඳන් මේ වංචාවට අහු වුණ නිසා තමන්ට වෙන්න ඇති කියලා හිතෙන පාඩු ගැන කිව්වා.
නඩුකාරතුමා බේකරිකාරයාට හොඳින් ඇහුම්කම් දුන්නා. ඊට පස්සේ බටර් වෙළෙන්දාව විත්ති කූඩුවට කැඳවාගෙන එන්න අණ කලා.
“හොඳයි… ඔබ දන්නවාද ඔබ අඩු බරට බටර් විකුණලා වැරැද්දක් කරලා තියෙන බව…?”
“මං වරදක් කලේ නැහැ ස්වාමීනි…”
“ඔබ වරදක් කරලා ඒක පිළිගන්නේවත් නැද්ද ?.. හොඳයි මට ඔබ කියන්න .., ඔබ බටර් මනින්නේ කොහොමද ?”
“තරාදියෙන් …”
“රාත්තලට අදාල තරාදි පඩි තියෙනවා ද ?”
“නැහැ ස්වාමිනි…”
“එහෙම නම් කොහොමද බටර් රාත්තලක් කිරාගන්නේ ?”
“අර බේකරියේ හදන පාන් ගෙඩියක් ගේනවා.. මම බටර් කපන්නේ ඒ බරට …..”
බේකරිකාරයාට කියා ගන්න දෙයක් නැතුව ගියා. බටර් වෙළෙන්දාට සමාව ලැබුණා.
ජීවිතේ අපිට ලැබෙන්නේ අපි වපුරන දේවල්. ඒක හරියට , තල වපුරලා මුං ඇට බලාපොරොත්තු වෙන්න එපා කියලා කියන කතාව වගේම තමයි.
ඔබ සමාජයට තෑගි කරන් දේවල්ම තමා සමාජෙනුත් ආයේ ඔබට ලැබෙන්නේ. ඒ නිසා නපුර පතුරවලා ඔබට යහපත බලාපොරොත්තු වෙන්න බෑ.
අපි ජීවත් වෙනකොට හැමතිස්සේම හොයන දේ සතුට, සැනසීම. හැබැයි ඒ සතුට අපිට පිටින් ගෙනල්ලා දෙන්න කවුරුත් නෑ.
ඒ වෙනුවෙන් අපිට ජීවිත වල කරගන්න පුලුවන් වෙනස්කම් තියෙනවා. ඒ වෙනස්කම් වලින් අපි ට සමාජයට දෙන්න පුලුවන් ඉතා තද යහපත් දේවලුත් තියෙනවා.
ඔබ අනෙක් අයට කුහකකම් කරන, අනෙක් අයගේ දියුණුවට බාධා කරන, කකුලෙන් අදින විදියේ කෙනෙක් නම් , අනෙක් පැත්තට ඔබ වටේ එකතු වෙන්නෙත් එහෙම අයම තමයි. එහෙම වුනාම අනෙක් අයට චෝදනා කරන්න ඔබට අයිතියක් නැහැ.
අපිට ජීවත් වෙන්න තියෙන ඉඩ හරිම සීමිතයි. ඊළඟ තත්පරේ සියල්ල අවසන් වෙන්න පුලුවන්. ඒ නිසා පුලුවන් හැමවෙලේම සතුට වෙනුවෙන් වැඩ කරලා යහපත පතුරවන්න තමා උත්සාහ කරන්න ඕනි. ඒක පාරාවලල්ලක් වෙලා ඔයාහේ ජීවිතේටත් වැදෙනවාම තමා.
ඉස්සෙල්ලාම ඔබ ඔබේ ජීවිතේ වෙනුවෙන් ආදරේ පුරවගන්න. සතුටින් ජිවත් වෙන එක කොච්චරක් වැදගත්ද කියලා ඔබටම තේරුම් යන්න අරින්න. ඊට පස්සේ ඒ සතුට ඔබ වටේ ඉන්න අයට බෝ වෙන්න දෙන්න
මේවා හරිම පොඩි දේවල්. එහෙම වුනත්, ජීවිත වෙනස් වෙන්න මහ විශාල කාරණා වෙලා බලපානවා.
හැම උදෑසනක් ම ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් වෙනවාමයි. ඒ ටර්නින් පොයින්ට් එක මිස් වෙන්න දෙන්න එපා.
සතුට වපුරලා, සතුටම නෙළා ගන්න ඔබටත් පුලුවන් …!!!