“නෙක්ස්ට් තර්ස්ඩේ තමයි දිස්නිගෙ එන්ගේජ්මන්ට් එකතියෙන්නෙ. ප්ලීස් තාරා එදාට නම් පිස්සුවක් නටන්න තියන්න එපා. හවසනෙ එන්ගේජ්මට් එක තියෙන්නෙ. ඔයා උදේ ඔෆිස් යන්න. නෝ වොරීස්. ඒත් ප්ලීස් හවස ෆන්ක්ශන් එකට ඉන්න. ප්ලීස්”
චිරායු මේ සියල්ල පැවසුවේ උදෑසන වැඩට යන්නට සූදානම් වෙමිනි. ඒද තාරා දෙස මොහොතකටවත් බලන්නට වෙලාවවත් බැල්මක්වත් වැය නොකරමිනි. තාරාගෙ මුරණ්ඩුකම මැඩ පවත්වන්නට හැකිඑකම විදිය ඇයව ගණන් නොගෙන හිඳීම බව චිරායු සිතා උන්නේය.ඒ අනුව කියන්නට ඇති දේ ලුහුඬින් එහෙත් පැහැදිලිව කියා දමන්නට චිරායු කල්පනා කරාය.
ඇතැම් පිරිමින් කියන පරිද්දෙන් අම්මා එක බිරිද දෙක යැයි කියා සිතුවිල්ලක් චිරායු අහලකවත් තිබුනේ නැත. එහෙත් නිරායාසයෙන්ම තාරාවිසින් අම්මාගේ හිත රිදවන නිමේශයන්හි තමන්ගේ සිත අම්මාගේ පාර්ශ්වය කෙරේ නැඹුරු බව චිරායු සිත ඇතුලතින්ම පිලිගත්තේය. එහි කිසිත් වරදක් තිබෙන්නට හැකිද? අම්මා වයසක් කාන්තාවකි. තාරා විසින් තම සිතැඟි හී සර පහර වැනින් වදනින් අම්මාගේ දුර්වල පපුව මත රඳවන්නට පෙර අම්මාගේ වයස ගැනවත් සිතන්නට තිබුනා නොවේද කියා චිරායු සිතූ වාර අනන්තයකි.
තාරා ඉන්නේ කොහෙන්දෝ එක පාර අහුලාගත් ආඩම්බරකමකිනුත්, උද්දච්ච කමකිනුත් තමන්ටත් තම නෑයන්ටත් සලකද්දී, රිදවද්දී තම.පවුල වෙනුවෙන් නැගී හිඳීම කල යුත්තක් බව චිරායු සිතුවාය. අනෙක් අතට මේ රැකියාවේ ඊලඟ උසස් විම අත නුදුරේ තියෙන මොහොතකි. තාරාගේ පිස්සු විකාර වලින් ඔලුව අවුල් කරගැනීම රාජකාරියට බාධාවක් වියභැක. ඒ උසස් වීම ලබාගත් පසුව තාරා සමග මේ සියල්ල පැහැදිලිව කතා බස්කල යුතුය.
“දැන් ඔය ෆන්ක්ශන් එක ගෙදර තියෙන නිසා උඹට කොහොමත් ඕකට යන්න වෙනව නේද?”
අමන්දා ඇසුවේ රාජකාරි අඩු වෙලාවක තාරාගේ කාර්‍යාල මේසය අසලට ඇවිත් ය. වෙනදාට මුහුණ මත වේදනාවක සලුපිලි අතුරාගෙන උන්නද දින කිහිපයක හිඳ තාරා අසාමාන්‍ය ලෙස ලස්සන වී ඇති අයුරුත්, සතුටෙන් සිටින අයුරුත් දැකගන්නට හැක. එයට හේතුව වනාහී චිරායු කුමක්කීවද ඔහුගේ පවුලේ මිනිසුන් කුමක් කලද එයට එරෙහිව නැගී සිටින්නට තාරා සොයාගත් ශක්තිය විය හැක.
“වෙලාවකට මට හිතෙනව ඕන ෆන්ක්ශන් එකක ගන්න කියල මම නොගිහින් ඉන්න” තාරා එසේ කියා මෙතෙක් වේලා පරිගණකයේ විවෘත කරගෙන උන් ගොනුව වසා දමා හිඳගෙන උන් පුටුවෙන්ම කැරකී අමන්දා වෙත හැරුණාය.
“ඒ උනාට මම එහෙම කරන්නෙ නෑ. මම මොකටද එහෙම කරන්නෙ? ඒ මගේ ගෙදර. මම කසාද බැඳල ඉන්න මනුස්සය්ගෙ ගෙදරනෙ. චිරායුයි මායි අතරෙ මොන විදියෙ ප්‍රශ්න උනත් ඒ ගෙදර හැම කෙනාටම වඩා පවර් එක තියෙන්නෙ මට. එහෙම නැතුව චිරායුගෙ අම්මටවත් අක්කටවත් නෙවෙයිනෙ”
“මට වෙලාවකට බය හිතෙනව උඹ ඔහොම කතා කරද්දි”
අමන්දා එසේ පැවසුවේ තාරා දෙසම බලමින් ඇගේ මේසයට හේත්තු වෙමිනි.
“ඇයි?”
“ගෑණියෙක් හයියට ඉන්න එක හොඳයි. ඒ උනාට මෙච්චරකල් බයගුල්ලෙක් වගේ ඉඳපු උඹ එකපාර මෙහෙම ෆීනික්ස් කෙනෙක් වගේ ඉන්නඑක ගැන මට ඇත්තටම බයයි
මට වෙලාවකට හිතෙනව චිරායුට පාඩමක් උගන්නන්න මෙහෙම කරපං කියල උඹට කිව්ව එක පවා වැරදියි මට එහෙම නොකර ඉන්නයි තිබුනෙ කියල.”
“උඹ දැන් එහෙම කියන්නෙ මම කල දේ වැරදියි කියල හිතන හන්දද?”
දෙතොල් මත මද සිනාවකුත් දෙනෙතේ ප්‍රශ්නාර්තයකුත් ඇඳගත් තාරා අමන්දාගෙන් එසේ අසන අතරම පුටුවේ රවුමක් කැරකුණේ වඩා සැහැල්ලුවටය.
“වැරදියි කියල නෙවෙයි කියන්නෙ. මට හිතුන දේ. මම ආයෙමත් කියන්නෙ උඹ ට්‍රයි එක දීපන් මොන දේ උනත් චිරායු එක්ක කවුන්සලින් යන්න. ඌ අමුතුවට හැසිරෙන්නෙ ඇයිද කියන්න මම දන්නෙ නෑ. සමහරවිට අපි නොදන්න මොකක් හරි හේතුවක් තියෙනවද දන්නෙනෑනෙ ඌට මෙහෙම හැසිරෙන්න. මොන දේ උනත් උඹටත් ශුවර්නෙ චිරයු කියන්නෙ වෙන කෙල්ලෙක් එක්ක ඉන්න ජාතියෙ ඩයල් එකක් නෙවෙයි කියල”
“ඒ මොන දේ උනත් මට හිතාගන්නබෑ මට දවසකට හරි වෙනස්කම් කරපු කෙනෙක් එක්ක ආපහු හොඳට ඉන්න පුලුවන් වෙයිද මට කියල. මට හිතෙන්නෙ අපි අතරෙ තිබ්බ මොක හරිම රිලේශන්ශිප් එකක් මේ පහුගිය කාලෙ වෙච්ච දේවල් එක්ක සහමුලින්ම නැතිවෙලා ගියා කියල. මම හිතන්නෙ නෑ ආයෙමත් මට චිරායු එක්ක හිත හදාගෙන ඉන්න පුලුවන් වෙයි කියල එයාගෙ අම්මල අක්කල ඇඟිලි ගහනකම්. ඒක කවදාවත් නතර වෙන්නෙ නැනෙ”
තාරා එපමණක් කියා ආපසු තමන්ගේ කාර්‍යාල මේසය වෙත හැරෙද්දී අමන්දා නිහඬවම තමන්ගේ කාර්‍යාල මේසය වෙත ඇදුණාය. ඒ බෙහෙවින් බරැති හිතක් සමගිනි. තාරා චිරයුගේ නොසැලකිල්ල හමුවේ වේදනවෙන් ඉද්දි හිත හදනු පිණිස බොහො දේ කීවද ඒ කී කිසිවක තාරාගේ විවාහය බිඳ වට්ටන අදහසක් නොවූ බවට අමන්දාට ඕනමතැනක දිව්රන්නට හැක.
තාරා සුපුරුදු පරිදි සැඳෑවේ වයිබ්ස් කැෆේ එක වෙත එද්දීත් මහිල් එහි පැමිණ උන්නේය. ඒ සුපුරුදු සුන්දර සිනහව දෙතොලතර ඇඳගෙන ය.
“අද ලස්සනයි”
“ඒ කිව්වෙ වෙනදට කැතද?” තාරා ඇසුවේ සිනාවක් සමගම අත් බෑගය මේසය මත තබාය.
“නෑ නෑ, අද ඇඳගෙන ඉන්න ඒ ඔරේන්ජ් කලර් එක ඔයාට ලස්සන ගැලපෙනව. ඔයා කැත නෑ. කැත නං මං කතා කරන්නෙ නෑනෙ” කියා මහිල් උස් හඬින් සිනාසුනේය.
“ආහ් ඒ කිව්වෙ මොකද්ද?”
“මං කතා කරන්නෙ ලස්සන ලමයි එක්ක විතරයි” කියමින් මහිල් නැවත සිනාසෙන්නේ උස් හඬිනි. තාරාද සිත අස්සේ මෙතෙක් වේලා රැඳී තිබුනු වේදනාව්න් සියල්ල පසෙකලා ඒ සිනා හඬට එක් වුණාය.
“ඉතින්”
මහිල් පුටුවට බර වූයේ එසේ අසමිනි.
“කිතුල්” තාරා තමන්ගේ වය්සට නොගැලපෙන අන්දමේ තුරුණු බවකින් මහිල්ට එසේ පිලිතුරු දුන්නාය.මහිල්ගේ දෙනෙතේ රැඳී තිබුණේ පුදුමයකි. දවසකට හඬා වැටෙන තාරා දවසකට උපරිම සතුටින් හිඳී. මේගැහැණුන්ව තේරුම්ගන්නට තමා තවමත් පරිණත මදිය.
තාරා ඇසුරේ තවමත් එහෙමකට කියා කාලයක් ගත නොවුනද මේ ගෙවුණු කාලය තුල මහිල් තාරාවත් තාරා මහිල්වත් හඳුනගෙන උනි.ඒ එකිනෙකාගේ දුකෙදී ශක්තිය වී ලඟින් ඉන්නට පිලිණ දෙමිනි.
මේ බැඳීමට නමක් පදනමක් නැති බව ඇත්තකි. එහෙත් මේ නමක් නැති බැඳීම ජීවිතයට සතුටක් සහ අරමුණක් ගෙන එන්නට හේතුවක් වන්නට අඩිතාලම දමා අහවරය.
අඳුරෙන් ගෙවීයන්නට තිබුණු සැඳෑවන් වර්ණවත් වූයේත්, තනියම ගෙවෙන්නට තිබුණු සැඳෑවන් ගීතවත් වූයේ මේ නමක් නැති බැඳීම නිසා අමතක කරන්නට තාරාටවත් මහිල්ටවත් හැකියාවක් තිබුනේ නැත. එහෙත් වචනයක් හෝ ඒ බැඳීමගැන කතා නොකර එහි වූ වර්ණවත් බවත් ගීතවත් බවත් විඳින්නට තාරාත් මහිලුත් කටයුතු කලහ.
“ඊයෙ රෑ කීයටද ඔයා නිදාගත්තෙ?”
මහිල් අසන්නේ තාරා ඇණවුම් කල මින්ට් තේ කෝප්පයට දුඹුරු සීනි බිඳක් එක්කර හැඳි ගාමිනි. කෝප්පය වටා හැන්ද සමගින් රවුමට කැරකෙන මහිල් ගේ අතැඟිලි දෙසම බලා උන්නාය. ඒ අතැඟිලි ගිටාරය මත කෙතරම් සුමුදුවට එහෙ මෙහෙ යනවාද කියා මතක් කලාය. ඒ අතැඟිලි කෙලවරක රැඳී ඇත්තේ කොපමණ සුමුදු බවක් රලු බවක් ද කියා කල්පනා කලාය.
“ම්ම් ඔයා ෆෝන් එක තියල ඊටපසෙ විනාඩි දහයකින් විතර මම නිදාගත්තා. ඔයා කීයටද නිදාගත්තෙ?”
“මට නම් ෆෝන් එක තිබ්බ විතරයි මතක එහෙමම නින්ද ගියා”
“අම්මා බලනවද දන්නෙ නෑ ඔයා කාත් එක්කද මේ රෑට කතකරන්නෙ කියල. අම්මා ඇහුවොත් මොකද කියන්නේ?”
“මං කියනව ඉතින්”
“මොකද්ද?”
“නමක් ගමක් දන්නෙ නෑ ඒත් මනුස්සයෙක් කියල” කියමින් මහිල් යලිත් වරක් හිසඔසවා උස් හඬින් සිනාසුනය.
ඒ සිනාවට එක් නොවී හිඳින්නට හැකියාවක් තාරාට තිබුනේ නැත. උස් හඬින් හිස ඔසවා සිනාසෙද්දී මහිල්ගේ කම්මුල්වල් හිඳ පහලට ඇදී බෙල්ලෙ කුඩා කොටසක් වසා ගෙන හිඳින රැවුල් කොට අපූරුවට පෙනේ. ඔහුට තිබෙන්නෙ දිගු සිහින් බෙල්ලකි. ඒ සොඳුරුය.
චිරායුගේ දිගු සිහින් බෙල්ල තමා කොපමණ වරායක් නම් සිඹ රතු කර ඇතිද?
මහිල් දෙස බලා ඉද්දී ඒ සිතුවිල්ල සිතට ඒම ගැනතාරා හිතින් තමන්ටම බැන වැදුනාය. එසේ සිතීම කෙතරම් පාපකාරීද කියා නැවත නැවත සිතුවාය.
“තාරා”
මහිල් කතා කරෙ වඩා බරැති කටහඬකිනි. ඔහු විසින් කියන්නට යන්නේ කුමන අන්දමේ කතාවක්ද කියා තාරා බය වූවාය. ඔහුගේ හඬේ වූයේ එතරම්ම තීරණාත්මක බවකි.
“ම්ම්”
“මම ඔයාට දෙයක් කියන්න හිටියෙ”