අනෝරා මල් වැහි 34

උදෑසන ආවේ මහිල්ටත් තාරාටත් හොරෙන් ය. ඉතාමත් තෘප්තිමත් සොඳුරු රැයකට පසු ගැඹුරු එහෙත් සුවඳායී නින්දකට වැටී හුන් මහිල් අවදි වූයේ මුහුදේ හෝ හෝ සද්දෙටය. අනෙක් අතට නින්දෙන්ම මදක් එහෙ මෙහෙ වූ තාරා ගේ ගතේ චලිතය මහිල්ව ඒ සුවබර නින්දෙන් අවදි කරන්නට හේතු විය.

තාරා උන්නේ ඉතාම සනීප නින්දක සුව විඳිමිනි. ඒ මහිල්ගේ පුලුල් උරහිස මත හිසතබාගෙන ඔහුගේ ඇඟ වටා අතත් පයත් දාගෙනය. මහිල් උන්නෙ පුදුමාකාර සන්තෝසයකිනි. තාරාගේ උණුහුම, සුවඳ ඇය මෙසේ තමන්ට තුරුලු වී නිදාගෙන හිඳීම, ඇය අසල ගෙවුණු එකම එක රැය මෙතරම් සතුටක් ජීවිතයට ගෙන එනවා නම් ඇයත් සමග ගෙවන ජීවිතය කෙතරම් සුන්දර විය හැකිද?

ඇඳ මත හාන්සි වීම ඒ ගැන සිත සිතා මහිල් තාරාගේ නලල මත මුදු හාදුවක් තැබුවේය.. අනතුරුව විනාඩි කිහිපයක් කාලය ගෙවා තාරාව නින්දෙන් ඇහැරවන්නේ නැතුව හෙමින් සැරේ ඇඳෙන් නැගිට්ටේය.

නාන කාමරය වෙත ගිය මහිල් මුහුණ සීතල වතුරෙන් දොවාගෙන දත් මැද ගත්තේය. ඒ අතරතුර කණ්ණාඩියෙන් පෙනෙන තම මුහුණ දෙස බලා උන් මහිල්ට මෙතෙක්කිසි දිනක නොදුටු අන්දමේ තුරුණු බවක්, සුන්දර බවක් දුටුවේය. ඒ ප්‍රමෝදයෙන්, තෘප්තියෙන් පිරී ගිය මුහුණකි.

නාන කාමරයේ හිඳ මහිල් කාමරයට එද්දීත් තාරා උන්නේ සුව නින්දකය. ඇහැරෙන්නට බලාපොරොත්තුවක් නොමැති විලසින් ය. හෙමින් සැරේ කාමරයට ආ මහිල් තේ කෝප්පයක් සකසා ගැනීම සඳහා උණුවතුර කේතලය ගසා, කෝප්ප දෙකකට පිටිත් සීනිත් කලවම් කර තැබුවේය. අනතුරුව වතුර රත් වනතුරු කාමරයේ ජනේලය අසලට වී මුහුද දෙසත් ඈතින් පේන රූමස්සල කන්ද දෙසත් බලා උන්නේය.

තාරා අවදි උනේ මහිල් එසේ ඈත බලා ඉද්දීය.

තමා අවදිවී හිඳින්නේ සුපුරුදු නිදන කාමරයේ නොවන වග තේරී සිත මොහොතකට තිගැස්සුණ බව ඇත්තකි. 

එහෙත් තමා හිඳින්නේ මෙලොව තමාට වැඩිපුරම ආදරය කරන සොඳුරු මිනිසා ලඟ බව සිහිවෙද්දී ඒ තිගැස්ම සිනාවකට පරිවර්තනය වූයේ ඉබේටම. ඊයේ රාත්‍රිය සිහි වීඒ සිනහව වඩ වඩාත් පුලුල් විය.

“ගුඩ් මෝනින්”

තාරා එහෙම කියා මහිල් දෙස බලා උන්නේ ප්‍රේමයෙනි. එක එල්ලේම මුහුද දෙස බලගෙන උන් මහිල් තම ගැඹුරු කල්පනාවෙන්මිදුණේ ඒ වදන් ඔස්සේය. මහිල් තාරා දෙස බැලුවේ උතුරා යන ආදරයකුත් සතුටකුත් රැඳුණු නෙතකිනි. ඒ දෙනෙත ඔස්සේ රැස් කිරණක් සේ විහිදෙන ආදරය තාරා පිරුණු හදකින් දරාගත්තාය. ආදරය මෙතරම් සොඳුරු බව තාරා මෙයට පෙර දැන උන්නේ නැති තරම් ය. චිරායු සමග ආදරයෙන් බැඳී උන්නද අවසානයේ ඒ ආදරය මූලික කරගෙන විවාහ දිවියට එළඹුණද ඒ ගෙවුණු කාලය පුරාවට කිසිදු උදෑසනක තමා මෙතරම් සතුටකින් චිරායුට එහා පසින් තමා අවදි වූයේ නැති වග තාරා සිහිපත් කරය. එහෙත් මේ එවන් දේවල් සිහිපත් කරන මොහොතක් නොවේ. චිරායු සමග වන බන්ධනය බිඳ දමා අලුත් ජීවිතයකට එළඹෙන්නට කාලය පැමිණ ඇති බව තාරා තේරුම්ගත්තාය. 

තමා ජීවිතයේ බොහෝ දේ බොහෝ තැන් කඳුලින් සහ වේදනාවෙන් ගෙවූ බව තාරා මතක් කලාය. ඒ බොහෝ තැන්වල තමා ආදරය ද අනතුරුව අනුකම්පාවද ඉල්ලමින් චිරායු පසුපස වැටුණු හැටි තාරා මෙනෙහි කලාය. එහෙත්  ඒ සියල් ගිම්හාන කාලයක් පසුකර වසන්තය තමා ලඟට ඇවිත් සිනාසෙමින් බලා හිඳී. ඉතින් ඇත්තේ දෝත විහිදා ඒ වසන්තය පිලිගන්නට පමණකි. 

තාරා ඇඳෙන් බැස්සේ සුදු පැහැ ඇතිරිල්ල ඇඟ වටා ඔතාගෙනය. සඳලුතායේ සිට පියවරක් දෙකක් කාමරය තුලට තැබූ මහිල්ගේ විසල් දෑත තුල තාරා සිරව ගියාය. ඒ තුරුල උදෑසන තරම් සුවබරය. සනීපය. සිහිලැල් ය. පපුව පුරා මහිල්ගේ පපුවේ සුවඳ උරාගත් තාරා විසල් හුස්මක හදවත ඇතුලේ වූ වේදනාවන් සියල්ල පිටකලාය.

“ඇයි? ම්ම්ම්”

“ඇයි?”

“හයියෙන් හුස්මක් අතෑරියෙ”

“මං ඒ අතෑරියෙ හුස්ම නෙවෙයි මහිල්”

“එහෙනම්?”

“මගේ හිත තිබ්බ ඔක්කොම දුක, වේදනාව හැම එකක මම ඊයෙ රෑ හිතල හිතල ඉවර කරා මහිල්. මම මේ හුස්ම එක්ක අතෑරියෙ ඒවයි බර. මෙච්චර කාලයක් පුරාවට තනියම උහුලපු දුක් වේදනා කන්දක බර”

“ආයෙ එහෙම තනියෙන් දුක් විඳින්න මම ඔයාට ඉඩ තියන්නෙ නෑ මැණිකෙ. කොහොමවත් දුකක් විඳින්න මම ඉඩ තියන්නෙ නෑ. මට ඔයාට මහ ගොඩක් සැප සම්පත් දෙන්න පුලුවන් වෙන එකක් නෑ. ඒ උනාට ආදරේ ඒක බිංදුවක්වත් මම අඩු කරන්නෙ නෑ කියල මම පොරොන්දු වෙනවා”

“පොරොන්දු වෙන්න ඕන නෑ මහිල් මම දන්නව ඔයා කවදාවත් මට ආදරෙන් අඩුවක් කරන්නෙ නෑ කියල”

තාරාත් මහිලුත් ඉන් බොහෝ වේලා යන තුරුත් එකිනෙකාට තුරුලු වී මුහුදුහුලඟ වැදි වැදී ප්‍රේමයේ උණුසුම් සුව වින්දහ. සැබෑ මධුසමයක් යනු මෙයයැයි තාරා ඒ අතරතුර වේලාවේ බොහෝ තැන්වල සිතුවාය. මහාලොකු විවාහ උත්සව නැතුවද ලෝකය ඉදිරියේ සැඟවීඋන්නද මේ ආදරය විචිත්‍ර බවත්, මධුර බවත්, මනෝහර බවත් තාරා නැවත නැවත සිතට කිව්වාය.

එකට තුරුලු වී ස්නානය කර අවසානයේ ක්ලෝසන්බර්ග් හෝටලයෙන්ම උදෑසන ආහාරය ගත් තාරාත් මහිලුත් ඉන් නික්මූයේ මධුසමය විඳ අවසන් කර දෙවන ගමනට යන පති පතිනියන් විලසින් ය. එතරම්ම සතුටකිනි.

ගාල්ලේ සිට අධිවේගී මාර්ගයේ කොළඹ එනතුරුම තාරාගේ සුදු පැහැ අවුඩි කාරය පිරී තිබුනේ මහිල් විසින් කියන්නට යෙදුන ප්‍රේමණීය කතාවන්ද ගීත නාදයන්ද සමගිනි. 

තාරා උන්නේද පලමුවරට මහිල් සමග ගී ගයමිනි. මහිල් කාරය පදවාගෙන යන අතරවාරයේ ඔහු කියන ගීතයන් වලට දඟකාර පුංචි කෙල්ලක මෙන් උසුලු විසුලුද නැටුම්ද පාමිනි.

“නීල බිඟු කැල තාමරස පෙල ආදරෙන් සනසාලා

තිසර තුඩු මුදු තඹර පහසින් මෝහනය වීලා”

“ඔච්චර හොඳට සින්ග් කරන්න පුලුවන් කමක් තියෙනව කියල දන්නවනම් මම ඔයාව අරගන්නව මාත් එක්ක වයිබ්ස් එකේ සින්ග් කරන්න”

“අපෝ මට සින්ග් කරන්න බෑ”

“මොකද සින්ග් කරන්න බැරි. ඔය ලස්සනට කියන්නෙ”

“ඒ ඔයාටඇහෙන්න විතරනෙ”

ආදරය ගලා යා යුත්තේ මෙලෙසින් බව කියූ කිසිවෙක් නැති බව ඇත්තකි. එහෙත් ආදරය විඳින්නට කැමති හිතක් ආදරය ලැබිය යුත්තේත් ආදරය විය යුත්තේත් මෙලෙසින් යැයි කියන තරමට තාරාගේත් මහිල්ගේත් ආදරය සුන්දර විය. මාධූර්‍යාත්මක විය.

ඒ හිමිකරගැනීමක් හේතු කරගෙන ඇති වූවක් නොවුවද මේ ආදරයත්, මේ වින්දනයත් අහිමි කරගන්නට බලාපොරොත්තුවක් ඒ දෙහිතෙන් කිසිම හිතක අංශු මාත්‍ර අදහසක්වත් තිබුනේ නැත.

“අද රෑට මොනව කරන්නද කියල මට හිතාගන්න බෑ”

කොට්ටාව පිටවුමෙන් වාහනය කොළඹට දමා හිස අසුනට මොහොතකට බර කරගත් මහිල් පැවසුවේ මද වේදනාවකිනි. පැය විසි හතරකටත් වඩා කාලයක් එකට ගත කර මෙසේ වෙන් වන්නට යෑම මේතරම් වේදනාවක් බව කොළඹ ඉසව්වට එනතුරුම මහිල්ට තේරුනේ නැත. තව මොහොතකින් තමා තාවකාලිකව තම ප්‍රේමවන්තියගෙන් වෙන්ව යා යුතුය යන හැඟීම දරාගන්නට කෙතරම් නම් අපහසුද?

“ඇයි එහෙම කිව්වේ?”

මහිල්ව ඔහුගේ නිවස අසලින් බස්වා නිවෙස බල යන්නට තිරණය කල තාරා වාහනයේ දොර හැරගෙන බැස රියදුරු අසුන වෙත ආවේ එසේ අසමිනි.

“ඔයා නැතුව ඉන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ” බොලඳ පෙම්වතෙකු ලෙස මහිල් කියද්දී ඒ තමා වෙනුවෙන් උපන් ආදරයක් බවත් බොලඳ කමක් බවත් සිතා තාරා සැනසුනාය.

“ඔයාට විතරක් නෙවෙයි මහිල්, මටත් එහෙමයි. හැමදාම ඊයෙ රෑ ව්ව්ගේ නම් කොච්චර හොඳද කියල ඔයාට නොකිව්වට මම අපි ගෝල් ඉඳල එන හැම මොහොතකම හිතුවා. අපි ඉක්මනට එක තැනකට එමු මහිල්. මම අද රෑට චිරායු එක්ක ඩිවෝස් එක ගැන කතා කරනව මහිල්.

මට තව දුරටත් ලෝකෙට හොරෙන් ආදරේ කරන්න උවමනාවක් නෑ. ලෝකෙට පෙනෙයි කියල බයේ මම ඔක්කොම දුක හිත අස්සෙ හංගගෙන තනියම දුක් වින්දා. මේ සන්තෝසෙ මට ලෝකෙටම පේන්නයි විඳින්න ඕන මහිල්.

ඒ නිසා මම අද මේ ගැන චිරායු එක්ක කතා කරනවා මහිල්. ඩිවෝස් එක ඕන කියල මම කියනවා. 

මටත් ජීවිතයක් තියෙන්න ඕන මහිල්. මෙච්චර කාලයකට මම මං ගැනහිතුවෙ නෑනෙ. ඒ ඔක්කොටම හරියන්න මම අපි ගැන හිතන්න පටන් ගන්නවා”










අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles