දරුවෝ..

“දරුවෙක්ගෙ මූණ දැක්ක නම් මාලිංග වෙනස් වෙයි”

 අම්මා එහෙම කියෙව්වෙ සියවෙනි වතාවට වෙන්නැති කියල තිසාරාට හිතුණා. 

 උදේම වැඩට යන එකයි, හවස් වෙද්දි බීගෙන ගෙදර එන එකයි, ෆේස් බුකේ දකින දකින කෙල්ලට හායි කියල යවන එකයි ගැන තිසාරා දැනගෙන දැන් ටිකක් කල්.

 ප්‍රශ්න පටන් ගත්තම මාලිංග කිව්වෙ “ඕන මිනිහෙක් කැමති ඕයි හිත සනසන ගෑනියෙක්ට, තමුසෙගෙ කන්දොස් කිරියාව බලනවකො. මොකා තමුසෙව බැන්දත් ඌට වෙන ගෑණු ගැන හිතෙනව. බොන්න හිතෙනව” කියල 

 “මං එහෙම රණ්ඩුවෙන්න ගත්තෙ තමුන් බොන හන්දයි, කෙල්ලො පස්සෙ යන හන්දයි” කියල තිසාරා කිව්වම මාලිංග ඒකට කිව්ව නිදහසට කාරණාව උනේ “පිරිමි එහෙම තමයි ඕයි” කියන එක 

 ප්‍රශ්නෙ උනේ තමන්ගෙම අම්මත් මේවයි වරදක් පලුද්දක් නොදැක්ක එක. 

දුක කියන්න හිතාගෙන අම්ම ලඟට ගියාම තිසාරා ආපහු එන්නෙ තිබ්බට වඩා හිත රිද්දන් 

 “පිරිමි ඔහොම තමයි ළමයො”

 “ගෑනු දැනගන්න ඕන ඉවසන්න. දික්කසාද වෙලා මිනිස්සුන්ට මූණ දෙන්නෙ කොහොමද? අනික ඕව මේ දික්කසාද වෙන්න හේතුද? සුලු වැරදිනෙ?” කියල මුල් කාලෙ කිව්වට පස්සෙන් පස්සෙ ඒ කතාව හෙමින්සැරේ වෙනස් උනා.

 “දරුවෙක් හදාගත්තම ඔය ඔක්කොම ඒව විසඳෙයි” කියල සම්ප්‍රදායික උත්තරේ අම්මා දුන්නට මොකෝ මේ ප්‍රශ්නෙට විසඳුම ඕක නෙවෙයි බව තිසාරා දැන උන්නා 

 මාලිංගගෙ අම්මා ජීවත් උනේ වෙනම. 

මාලිංගගෙ අක්කටයි මාලිංගටයි වෙනම ගෙවල් දෙකක් තිබුනට මාලිංගගෙ අම්ම නෙවෙයි එක දවසක් දෙකක් ඉන්නවත් ඒ ගෙවල්වලට නාවෙ “අනේ මට බෑ එහෙම ඉන්න. අන්තිමේ දරුවන්ටත් යටත් වෙන්න වෙන්නෙ” කියල මාලිංගගෙ අම්ම කියද්දි “තිසාරා හිතුවෙම අම්මා එහෙම කියන්නෙ අපෙ ගෙවල්වල ඇවිත් වැඩපල කරන්න වෙයි, සල්ලි එහෙම දෙන්නවෙයි කියන බයට කියල. 

 මාලිංගට ඔෆිස් එක ලඟ ඔෆිස් එකක වෙන කෙල්ලෙක් එක්ක සම්බන්දයක් තියෙන බවත් ඒක ටිකක් දුර දිග එකක් බව ඔප්පු කරගත්තයින් පස්සෙ තමයි තිසාරා ඇත්තටම දික්කසාදෙකට යනව කියල තීරනේ කලේ.

 යුතුකමක් වශයෙන් වගේම දැන් තමන්ට යන්න තැනක් තියෙන්න ඕන හන්ද තමයි දෙපැත්තෙම අම්මලට මේ බව දැනුම් දුන්නෙ 

 තිසාරාගෙ අම්ම තකහනියෙ තාත්තා එක්ක තිසාරගෙ ගෙදර එද්දි මාලිංගගෙ අම්මත් කවදාවත් නැතුව නවතින්න හිතන් ආවා. 

මාලිංග නම් උපරිම ට්‍රයි එක දුන්නෙ මේ ඔක්කොම තිසාරාගෙ වැරදි බව අඟවන්න “මගෙන් වරදක් උනා. සොරි. තිසාරා හැමදාම ගෙදර ආවම එක එක ඒව කියල ඔලුවට කරදර දෙනව. වීකෙන්ඩ් එකෙත් නිදහසේ ඉන්න දෙන්නෙ නෑ එක එක වැඩ කියනව. ඒ නිසාමයි මම ප්‍රසාදි එක්ක කතා කරන්න ගත්තෙ” කියල මාලිංග කියද්දි තිසාරාගෙ අම්මලත් ඒ කතාව කරන්න දෙයක් නැති හන්ද පිලිගත්තා

 “අනේ ඔව් පුතේ. මම ඒත් කිව්ව දරුවෙක් හදාගත්ත නම් ඔය ඔක්කොම ඔලුවෙන් හිතන විකාර අඬුවෙයි කියල. මෙයා අහන්නෙ නෑනෙ මං කියන ඒව”

 “දරුවෙක් හදාගත්ත කියල මාලිංග වෙනස් වෙයි කියල අම්ම කොහොමද කියන්නෙ? අන්තිමේ මට දරුවෙක් එක්කත් දුක් විඳින්න වෙන්නෙ” 

 “එහෙම කියල දික්කසාද වෙලා ගෙදර එන්න හදන්න එපා. අන්තිමේ නංගිටටත් කසාදයක් කරගන්න වෙන්නෙ නෑ ඔයාගෙ මේ විකාර හන්ද. ඔහොම ප්‍රශ්න හන්දද මිනිස්සු දික්කසාද වෙන්නෙ? මෙයාට මේ ගෙදර සැප වැඩිවෙලා”

 “දරුවෙක් හදන්න ඕන ආදරේ හන්ද අම්මෙ. එහෙම නැතුව මේ වෙන ගෑණු පස්සෙ යන මිනිහෙක්ව ගෙදර නවත්තන්න හිතාගෙන නෙවෙයි”

 මෙච්චර වෙලා ලේලිල පුතාලගෙ කතා අහන් විතරක් උන්නු මාලිංගගෙ අම්මා කට ඇරියෙ ඉන්පස්සෙ 

 “ඉන්න බැරිනම් වෙන් වෙන එක හොඳයි දූ. මිනිහට වෙන ගෑණු ඉන්න එක ගෑණියෙක්ට දික්කසාද වෙන්න හේතුවක් තමයි. 

 දූ ඒ තීරණේ අරං නම් ඉන්නෙ, මාලිංගටත් වෙනස් වෙන්න අදහසක් නැත්‍තම් කිසිම ගැටලුවක් නෑ 

 හැබැයි ඔක්කොටම කලින් අපි රස්සාවක් හෙම හොයාගමු. 

නැත්තම් දූ ආර්තිකව ස්තාවර නෑනෙ. 

ඒ අතරෙ අපි අනිත් වැඩපිලිවෙල බලමු දූ 

 යාලුවෙලා කසාද බැන්ද ගෑනු මනුස්සයගෙ දුක නොතේරෙන මිනිහ දරුවෙක් ලැබුනම වෙනස් වෙයි කියල නම් හිතන්න එපා. 

අපේ රටේ ගොඩක් දරුවො දුක් විඳින්නෙ, පුංචි කාලෙම මානසික ලෙඩ්ඩු වෙන්නෙ ඔන්න ඔහොම ගෙදර ප්‍රශ්න විසඳගන්න දරුවො හදන අම්මල හන්දා. දූ ඒ මෝඩ වැඩේ නොකර එක නම් හරි වටිනව”

 නැන්දම්මා තමන්ගෙ පැත්තට කතා කරාට කවදත් හිතල බලල තීරණ ගත්‍ත තමන්ගෙ අම්මගෙන් බේරෙන්නෙ බැරි බව මාලිංග තේරුන්ගත්තෙත් ඒ වෙලාවෙ. 

 ඒත් තමන් පරක්කු වැඩිද? කියල මාලිංග හිතද්දි තමන් නම් පරක්කු නැති බවත්, මොන දේ නැතත් එකම එක මනුස්සයෙක් හරි තමන්ගෙ පැත්තෙ හිටගන්න බවත් තිසාරා ඒ වෙලාවෙ හිතුවා 

 ජීවිතේ ඔහොම තමයි වටිනකම් නොලැබෙන තැන්වල නවතින්න ඕන නෑ. තමන්ට වටිනකම දෙන්න ඕන තමන්මයි 

 මොන දේ අතෑරුණත් තමන් තමන්ව අතෑරගන්න ඕන නැත්‍තෙ අන්න ඒ හන්දමයි!

More Stories

Don't Miss


Latest Articles