රුව වඩන්නට අත දෙන බේබි ඔයිල්

පුංචි බබාලාගේ සම රැක දෙන බේබි ඔයිල් ලලනා රුව ඔපවත් කිරීමට යොදා ගත හැකි බව ඔබ දැන සිටියා ද ළදරු තෙල් (Baby Oil) යනු ස්නානය කිරීමෙන් පසුව ළදරු සම මෘදු කිරීම සඳහා සුමුදු සුවඳක් සහිතව සකස් කරන ලද  ඛනිජ තෙල් වර්ගයක්. මෙම සරල නිෂ්පාදනය රුව ලස්සන කර ගන්නට මෙලෙස භාවිතා කල හැක.

  1. ඔබේ මුහුණේ සේදීම සඳහා ළදරු තෙල් භාවිතා කරන්න. වියළි සම සඳහා සබන් මත පදනම් වූ පිරිසිදු කිරීමේ ක්‍රම වෙනුවට විකල්පයක් ලෙස මෙය බොහෝ විට ” ඔයිල් ක්ලනස්” ලෙස හැඳින්වේ.
  2. මස්කාරාද ඇතුළුව මේකප් ඉවත් කරන්නට යොදා ගත හැකියි. බේබි ඔයිල් ආලේප කර මේකප් ඉවත් කිරීමේදී ඔබේ ඇස් වසා ගන්න මතක තබා ගන්න.
  3. ළදරු තෙල් බිංදු කිහිපයක් කම්මුල්වල ආලේප කිරීමෙන් cheek highlighter එකක් නැතිනම් බ්ලර් එකක් ගැල්වූ පෙනුම ලබා ගත හැක.
  4. ෆව්න්ඩේෂන් ස්වල්පයකට බේබි ඔයිල් බිංදු කිහිපයක් එකතු කර ආලේප කල හොත් වෙනම මොයිස්චරයිසින් ආපෙ කල යුතු නොවේ.
  5. ඔබේ ඇහිබැමි පිළිවෙලට තබන්නටත් බේබි ඔයිල් භාවිතා කල හැකියි.

මේ හැරෙන්නට ළදරු තෙල් ඔබේ මේකප් බ්‍රෂ් සේදීම සඳහා ද භාවිතා කල හැකියි. නිතරම මිල අධික දෑ සොයනවාට වඩා මිලෙන් අඩු මෙන්ම පහසුවෙන් ලබා ගත හැකි මෙවැනි සරළ විකල්ප ඔබේ ජීවිතයට පහසුවක් වේවි.

– කල්හාරී –

 

Related Articles

Don't Miss


Latest Articles