බත රස කරන්නට රසවත් උම්බලකඩ සම්බෝල හදමු

කටට රසට කන්නට ප්‍රිය කරන ශ්‍රී ලාංකීකයනට උම්බලකඩ සම්බෝල නැතිවම බැරි කෑමක්.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • හොඳින් කුඩු කර ගත් උම්බලකඩ ග්‍රෑම් 400
  • දිගු අතට සිහින්ව කපා ගත් බී ළූණු ග්‍රෑම් 750 g
  • කුඩාවට කපාගත් සුදු ළුෑණු බික් 2
  • දෙහි ගෙඩියක යුෂ
  • කරපිංචා කොළ ස්වල්පයක්
  • අවශ්‍ය ප්‍රමාණයට කෑළි මිරිස්
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • තලාගත් කරදමුංගු කරල් කිහිපයක්
  • රස අනුව ලුණු
  • රස අනුව සීනි ස්වල්පයක්
  • බැදීමට තෙල්

සාදන අයුරු :

පළමුවෙන්ම ගැඹුරු භාජනයකට තෙල් වැඩිපුර දමා මද ගින්දරේ තබා තෙල් ටික රත් වු පසු එයට ළුෑණු වරකට ස්වල්පය බැගින් එක් කරමින් රන්වන් පාට වන තුරු බැද ගන්න. ළුෑණු සියල්ලම බැද ගත් පසු, එම තෙලටම කුරුදුපොතු, කරදමුංගු, සුදු ළුෑණු සහ කරපිංචා කොල ටික එක් කර ඉක්මනින් බැද ඉවතට ගන්න. අවසානයට උම්බලකඩ කුඩු ටික ද එක් කර ටික වේලාවක් බැදෙන්නට හරින්න. ටික වේලාවක් ගිය පසු එයට කෑළි මිරිස්, ලුණු දෙහි ඉස්ම දමා හොදින් කලවම් කර ගන්න. අනතුරුව රස අනුව සිනි ද දමා , කලවම් කර උම්බලකඩ සම්බෝල එක ලිපෙන් ඉවතට ගන්න. නිවෙන්ට හැර පිළිගන්වන්න. නැතිනම් පසුව ප්‍රයෝජනයට ගැනීම සඳහා ජීවාණුහරණය කරන ලද බෝතල් වල අසුරා ගන්න.

රසවත් දිව පිනා යන උම්බලකඩ සම්බෝල ඕනෑම කෑම වේලකදී බත්, පාන් හෝ රොටී වර්ග ආදී ඕනෑම ආහාරයක් රසවත් කර ගැනීම සඳහා යොදා ගත හැක.

– කල්හාරී –

Related Articles

Don't Miss



Latest Articles

සුන්දර නිය පෙළක් සඳහා නිවසේ දී ම කළ හැකි නොවරදින සත්කාර

කාන්තාවකගේ දෙපා වල මෙන්ම දෑත් වල සුන්දරත්වය සදහා නීරෝගිමත් නියපොතු ගොඩක් වැදගත්. හානි වුන නියපොතු නිසා ඔබේ දෑතේ මෙන්ම දෙපා වලත් සුන්දරත්වයටහානි...

ශරදාකාසේ -30

පවුලක් බිඳී යාම යනු  නීත්‍යානුකූල වූ බැඳීම් ලිහී යාමක් ම නොවේ. එහිදී ශරීරයක සියලු සෛල වල බිඳී යාමක් සිදු වේ. සිතක ක්ෂුද්‍ර...

කලගුණ

"පැතුම්,මේ මගේ යාළුවෙක්.රුවිනි.මෙයා මේ එක්සෑම් එකකට උදව් ගන්න කෙනෙක් හොයනවා" දිල්මි පැතුම්ට එහෙම කිව්වේ මිතුරිය හඳුන්වා දෙන ගමන්.මිතුරිය මේ...

හිමගිරි අරණ -15

"මම අද රවිඳුට කෑම එකක් ගෙනාවා.ඒ මනුස්සයා දවල්ට කන්නේ නෑ කියන්නේ." හිමාෂා හිස ඔසවා බැලුවේ පාරමීගේ පැමිණිල්ල ඇසී ය.පාරමීගේ...

සිරුරේ බර අඩු කරන සාර්ථක උපක්‍රම 8 ක්

ඕනම කාන්තාවක් කැමතියි තමන්ගේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්න. විශේෂයෙන්ම කාර්යබහුල ජීවිත ගත කරන කාන්තාවන්ට තියන ලොකුම ගැටලුව ව්‍යායාම කරන්න කාලයක් නැති...