සල්ලි හොයන්න අමුතුම විදිහෙ දෙයක් කරන කාන්තාවන් 3 දෙනෙක් ගැන කියන -(Crew)

මේක නම් මේ තාම Movie Theatres වල තිරගත වෙමින් තියෙන අලුත්ම අලුත් චිත්‍රපටයක්. මං ඉතින් අවුරුදු නිවාඩුව කලින් සතියක ගිහින් බැලුවා. මහා ලොකු දෙයක් කියල නැති උනාට Feel Good, Comedy Movie එකක් විදියට Categorize කරන්න පුලුවන්. මම මේක ඇත්තටම බලන්න ගියේ වෙන කවුරුවත් හන්ද නෙවෙයි ලස්සනම ලස්සන කාන්තාවො තුන් දෙනෙක් වෙන තාබු, කරීනා සහ කිර්ති රඟපාන හන්දා.

සමහර වෙලාවට අපි හිතනව නේ මේ ගෑණුන්ට පුලුවන්ද කියල පිරිමි කරන දේවල් කරන්න? ඒත් ඇත්තටම පිරිමි කරන්න හිතන්නෙවත් නැති දේවල් සමහරවිට ජීවිතේ බේරගන්න කරන්න ගෑණු පෙළඹෙනවා. ඉතින් මේ මං කියන්න යන්නෙ අන්න ඒ වගෙ සුපිරි කාන්තාවො තුන් දෙනෙක් ගැන. ගීතා සේති, ජැස්මින් කෝලි සහ දිව්‍යා රානා කියන්නෙ කොහිනූර් එයාලයින්ස් වල එයා හොස්ටස් ලා තුන් දෙනෙක්. කොහිනූර් එයාලයින්ස් බංකොලොත් වෙන ගමන් තමයි තියෙන්නෙ කියල හැබැයි මේ තුන්දෙනා ඇතුලු මේ කොහිනූර් එයා හොස්ටස්ල කිසිම කෙනෙක් දන්නෙ නෑ.මාස ගානකින් පඩි ලැබිල තිබුනෙ නැතත් “මේ විදිය හෙට වෙනස් වෙයි අද වෙනස් වෙයි” කියල හිතාගෙන ඉන්නවා. ගීතාගෙ හස්බන්ඩ් අරුන් කරන්නෙ කෑම බිස්නස් එකක්. හැබැයි මේකත් සාර්තක එකක් නම් නෙවෙයි. අරුන් ගෙදර ඉඳගෙනම තමා කරන්නෙ. කරාට වඩා නොකරනම් හොඳයි ලෙවල් එකේ කෑම බිස්නස් එකක්. ඉතින් ගීතට ලැබෙන කීයක් හරි ගානෙන් තමා මෙයාලා ගෙදර දොරේ වැඩ ටික කරගන්නෙ. ඒ වගේම මේ ගීතට ඉන්නව රස්සාවක් නොකරන මල්ලි කෙනෙක්. රස්සාවක් නැතුවට මොකෝ මේ මල්ලි කසාදත් බැඳල. ඒ ජෝඩුව බලාගන්න වැඩේ කරන්න වෙලත් තියෙන්නෙ ගීතටම තමයි. ජැස්මින් ජීවත්වෙන්නෙ එයාගෙ සීය එක්ක. එයාගෙ අම්මයි තාත්තයි ඩිවෝස් වෙච්ච දවසෙ ඉඳල ජැස්මින් ජිවත් උනේ සීය එක්ක. ඒ නිසා ජැස්මින් Relationships ගැන ලොකුවට විශ්වාසකරන්නෙ නෑ. හැබැයි මාර ආසයි ලස්සනට ඇඳල කරල ෆොටෝ අරගෙන සෝශල් මීඩියා දාන්න.

දිව්‍යා රානා කියන්නෙ පයිලට් කෙනෙක් වෙන්න ඉගෙන ගත්ත කෙල්ලෙක්. හැබැයි ගෙදර ආර්තික ප්‍රශ්න මැද්දෙ මෙයාට ඉගෙන ගන්න ගත්ත ණය ගෙවන්න රස්සාවකට යන්න වෙනව. ඒ උනාට හිතිච්ච ගමන් ගිහින් ප්ලේන් එකකට නැගල පයිලට් වෙන්න බැරිබව තේරුම් ගත්ත දිව්‍යා ගෙදර හැමෝටම හොරෙන් තමා මේ එයාහොස්ටස් රස්සාව කරන්නෙ. කතාව පටන් ගන්නෙ මෙයාලගෙ ෆ්ලයිට් සුපවයිසර් වෙච්ච රාජ්වන්ශි කියන මනුස්සය ප්ලේන් එක ඇතුලෙම මැරිච්ච දවසෙ.මැරුණ රාජ්වන්ශිට CPR කරන්න හිතාගෙන ශර්ට් එක ගලවන කෙල්ලො තුන්දෙනා දකිනව රාජ්වන්ශි පපුව පුරා ගැටගහගෙන ඉන්න රත්තරන් කුට්ටි ප්‍රමාණය. ඒ වෙලාවෙ තමා මෙයාලා දැනගන්නෙ මේ කොහිනූර් එයාලයින්ස් කියන එක පිටින් දාලා මේ මැනේජ්මන්ට් එක කරන්නෙ ඉන්දියාවෙ ඉඳල අල් බර්ජ් වලට රත්තරන් අරගෙන යන එක කියල. මේ මිශන් එකේ මහ මොලකාරයා වෙන්නෙ කොහිනූර් ගුවන් සමාගමේ මානව සම්පත් අංශයේ ලොක්ක වෙච්ච මිට්ටල් බවත් එලිවෙන්නෙ ඔන්න ඔය අතරවාරයේ තමයි. කස්ටම්ස් එකෙන් කොච්චර මේකෙ මහ මොලකරු කවුද කියල හොයන්න බැරිඋනාට රාජ්වංශිගෙ ෆෝන් එක තියෙන්නෙ මේ ගෑණු තුන්දෙනා ලඟ හන්දා මෙයාලා දැනගන්නව රාජ්වංශි සහ මිට්ටල් පඩි සල්ලි ලැබෙන්නෙ නැතුවත් හොඳ ජීවිත ගත කලේ කොයිවිදියටද කියන එක ගැන.

ඉතින් සල්ලි නැතුව අසරණ වෙලා ඉන්න ගැණු තුන් දෙනෙක්ටත් ඒ විදියට සල්ලි හොයල හරි සැපට ඉන්න හිතෙන එකේ වරදක් නෑ නේද? එහෙම හිතුවට තුන්දෙනා වරද්දගන්නෙ සල්ලි ලැබෙන්න ගත්තයින් පස්සෙ තමන් ඉඳපු ජීවිතේට වඩා සහමුලින්ම වෙනස් ජීවිතයක් ගෙවන්න යන එකෙන් තමා. සෝශල් මීඩියා වල දාන හෙන හයි ෆයි ෆොටෝ, ලොකු ක්ලබ් වලට ගිහින කන බොන ඒව ගැන දාන ෆොටෝ අරව මේව එක්ක කස්ටම්ස් එකට ආරංචියක් එනව මේ කාන්තාවො තුන් දෙනා ඉන්දියාවෙ ඉඳල අල් බර්ජ් වලට රත්තරන් ඩිලිවර් කරන මිශන් එකකට සෙට් වෙලා ඉන්නව කියල. මේ තුන් දෙනා රත්තරන් අරගෙන යන්නෙ මහ අමුතු විදියට. රත්තරන් දිය කරල බෝල විදියට හදල චොකලට් දියර ගල්වලා, චොකල්ට් කොලවල ඔතලා චොකලට් පෙට්ටිවල අරගෙන යනවා. ඉතින් දවසක් හරි ආතල් එකේ ඊලඟ ෆ්ලයිට් එකට නඟින්න යද්දි කස්ටම්ස් එකෙන් තුන්දෙනාවම නවත්තනවා. බෑග් වල තියෙන චොකලට් පෙට්ටි එලියට එනවා. මොකද හිතන්නේ තුන්දෙනාගෙ මිශන් එක අහු වෙයිද? කාන්තාවො තුන්දෙනෙක්ට ඇත්තටම හොරකම් කරන්න පුලුවන් වෙයිද? ඉතින් අදම ඔන්න ගිහින් බලන්න Crew. ඒ නැතත් ලඟඳීම එයාලගෙ Streaming Partner වෙන Netflix එකටත් ඒවි!

Related Articles

Don't Miss


Latest Articles