හිතකර ලිංගික සංසර්ගයක් කියනකොට ඒක සම්පූර්ණ වෙන්න නම් අනිවාර්යෙන් ම ලිංගික එක්වීම්වලින් පසු ක්‍රියාකාරකම් ද ඇතුළත් වෙන්න ඕනෙමයි. විශේෂයෙන් කාන්තා අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ම ඕනෙ. මොකද හරිම ඉක්මනින් ආසාදන වගේ දේවල් හැදෙන්න පුලූවන් නිසා. ලිංගික එක්වීමක් එහෙම නැත්නම් සංසර්ගයකට පස්සෙ ගෑණු ළමයෙක් විදියට ඔයා මොනවද කරන්නෙ? ඇත්තට ම ඔයා මොනවද කරන්න ඕනෙ කියලා අපි අද කතා කරනවා.
මුත්‍රා කරන්න.
ඔව්, ටිකක් අමුතුයි වගේ නේද? ඒ වුණාට ඔයා නොසිතන වාසි රැසක් ලිංගික එක්වීමකට පසු මුත්‍රා කිරීමෙන් ඔයාට ලැබෙනවා. සංසර්ගය අතරතුරදී විවිධ අහිතකර බැක්ටීරියා ශරීරගත වෙන්න පුළුවන්. මේ හේතුව නිසා ඔයාට බැක්ටීරියා ආසාදන පහසුවෙන් ම ඇති වෙන්න පුළුවන්. සංසර්ගයකින් පසු මුත්‍රා කරන්න ම කියන්නේ ඒ නිසයි. එතකොට මුත්‍රා සමග අනවශ්‍ය බැක්ටීරියා ඉවත්වී යාමට ඉඩ කඩ ඇති නිසායි.
පිරිසුදු වෙන්න.
ලිංගික සංසර්ගයකින් පස්සෙ ඔයාට නැගිටින්න ටිකක් කම්මැලි වෙන්න පුළුවන්. ඒත් සනීපාරක්ෂාව ගැන හිතන ඔයා අනිවාර්යෙන් ම පිරිසිදු වෙන්න ම ඕනෙ. විශේෂයෙන් ම ලිංගික අවයව ආශ්රිත ව හොඳින් පිරිසිදු කරන්න ඕනෙ. හැබැයි මතක තියා ගන්න ඕනෙ ම දෙයක් තමයි, කොයි ම වෙලාවකවත් සැර සබන් වර්ග ආදිය මගින් ලිංගික අවයව පිරිසිදු කරන්න නොයන එක. එහෙම කළොත් අවයව වල pH අගය වෙනස් වෙලා අසාත්මිකතාවන් ඇති වෙන්න පුළුවන්. මේ පිරිසුදු කිරීම සැර නැති සබන් වර්ගයකින් හෝ පිරිසුදු වතුරෙන් කිරීම ඉතා ම ප්‍රමාණවත්.
ශරීරය හොඳින් වියළි ව තබා ගන්න.
ගෑණු ළමයින්ගෙ යෝනි මාර්ගය අවට වියලිව පවත්වා ගෙන යාම තුලින් අසාදන ඇතිවීම සඳහා ඇති ඉඩකඩ ඇහිරිලා යනවා.හේතුව තමයි යීස්ට් අසාදන සෑම විටම තෙත් සහ උණුසුම් ප්‍රදේශ ආශ්‍රිතව පැතිරීම සඳහා වැඩි නැඹුරුතාවයක් දැක්වීම. මේ නිසා තමයි බොහෝ අවස්ථා වල දහදිය දැමීම උත්තේජනය කරන රෙදි වර්ග වලින් මසන ලද සහ ශරීරයට හිර වන ආකාරයේ යට ඇඳුම් ඇඳීම අවම කරන ලෙස කාන්තාවන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ. මේ නිසා ලිංගික එක්වීමකට පසු අදාල ප්‍රදේශය සේදීමෙන් පසුවත් එම ප්‍රදේශය වියලා තැබීමට වග බලා ගත යුතුමයි. ඒ සඳහා පිරිසිදු තුවායක් භාවිතා කිරීම සුදුසුයි. නමුත් යෝනිමාර්ගයේ බාහිර ප්‍රදේශය සඳහා විතරක් මේක කරන්න ඔයා කල්පනාකාරී වෙන්න ඕනෙ.
හොඳින් වතුර බොන්න.
හොඳින් වතුර බීම මගින් ඔයාට නැවත නැවතත් මුත්‍රා කිරීමේ අවශ්‍යතාව ඇති වෙනවා. ඒ මගින් තව දුරටත් බැක්ටීරියා ශරීරයෙන් ඉවත් කරන්නට සමත් වෙනවා. මේ නිසා ලිංගික එක්වීමකින් පසු වතුර හොඳින් බීම ඉතා වැදගත්.
බලාගෙනයි!පරිස්සමින්!
ඔයා ලිංගික ව එක් වුණේ අලුත් පෙම්වතෙක් එක්ක නම්, එහෙම නැත්නම් වෙනදා නැති කැසීමක්, බිබිලි හෝ රත් පැහැ ගැන්වීමක් ලිංගික එක්වීමකින් පස්සෙ දකින්න ලැබුණා නම් අනිවාර්යෙන් ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න ම ඕනේ. ලිංගික රෝග පිළිබඳ රජයේ සායන දැන් සෑම දිස්ත්‍රික්කයක ම තියෙනවා. ඒවාගේ ඔයාගෙ රහස්‍යබව ඉහළින් ම සුරකිමින් ප්‍රතිකාර සිදු කෙරෙනවා. ඉතින් යම්කිසි හෝ සැකයක් තියෙනවා නම් ළඟ ම ලිංගාශ්‍රිත රෝග වැලකීමේ මධ්යස්තානයකින් ප්‍රතිකාර ගන්න ඔයාට පුළුවන්.