තමන්ගෙ සහෝදරිය බේරගන්න යක්ශයා තුරුලට යන ගැබිනිය..

අද ඔන්න අපි කතාකරන්න යන්නෙ එක්දාස් නමසිය අසූ ගණන්වල ආව Comedy/Horror කියල කියන්න පුලුවන් විදියෙ චිත්‍රපට මාලාවක් ගැන. 90 ගණන්වල ඉපදිච්ච ලමයි නම් අනිවාර්‍යෙන්ම මේ Movie Series එකේ එක චිත්‍රපටයක් හරි බලල තියෙන්නම ඕන.

සෑම් රයිමි නිශ්පාදනය කල මේ Evil Dead Series එකේ චිත්‍රපට පහක් වගේම ටීවී සීරිස් එකකුත් තියෙනවා. මේ කතා මාලාවෙ මුලින්ම පෙන්වන්නෙ ටෙනසිවල කැලෑ ප්‍රදේශයක ඉන්න මිනිස්සු කිහිපදෙනෙකුට කරදර කරන පරණ සුමේරියන් පොතක් වන නෙක්‍රොනොමිකන් එක්ස් මෝර්ටිස් ග්‍රිමෝයර් කියන කතාව මුල් කරගෙන.

ඉතින් මේ Franchise එකේ හැම චිත්‍රපටයක්ම වගේ ප්‍රේක්ශකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලබාගත්ත චිත්‍රපට මාලාවක් කියල තමයි කියන්නෙ.

The Evil Dead (1981) කියන්නෙ මේ චිත්‍රපට මාලාවෙ පලවෙනි චිත්‍රපටය. මේ චිත්‍රපටයෙන් මේ කතා මාලාවෙ ප්‍රධාන චරිතය වන Ash ව ප්‍රේක්ශකයන්ට Introduce කරල දෙනවා. ඒ වගේම මේ කතා මාලාවට පාදක වෙන The Book of Dead and Deadites වත් මෙතනදි හඳුන්වල දෙනවා.

Evil Dead දෙවනි චිත්‍රපටය එන්නෙ 1987 අවුරුද්දෙ. මේකෙ කතාව පටන් ගන්නෙ පලවෙනි කතාව ඉවර වෙච්ච තැනින්. මෙන්න මේ චිත්‍රපටයෙදි තමයි මම අර මුලින් කිව්ව නෙක්‍රොනොමිකන් එක්ස් මෝර්ටිස් ග්‍රිමෝයර් සහ Deadties සමග වෙන Ash ගෙ සටන් හෙම පෙන්වන්නෙ. සටන් කියන්නෙ මේව ඉතින් අර කඩු සටන් වගේම ඒව නෙවෙයි හොල්මන් අවතාර එක්ක කරන ඒවනෙ.

සීරිස් එකේ තුන්වෙනි චිත්‍රපටය වුන Army of Darkness එන්නෙ 1992 අවුරුද්දෙ. 1991 දි රූගත කරල 1993 දි රිලීස් කරපු මේ චිත්‍රපටය තමයි මේ කතා මාලාවෙ මෙතෙක් ප්‍රධාන චරිතයක් රඟපෑව Ash Williams ගෙ අවසාන චිත්‍රපටය වෙන්නෙ. මේ ත්‍රාසජනක සහ Horror කියන කාන්ඩෙට අයිති වුනාට මේව එක්තරා විදියට Comedy/Horror Movies කියල කිව්වොත් ඒක තමා වඩාත්ම නිවැරදි වචනය වෙන්නෙ.

මේ චිත්‍රපට මාලාවෙ හතරවෙනි චිත්‍රපටය එන්නෙ මෑත කාලීනව. 2013 අවුරුද්දෙ ආව Evil Dead චිත්‍රපටය තමයි ඒක. මේ චිත්‍රපටයෙත් Ash Williams රඟපෑවට කලින් චිත්‍රපටවල වගේ එයා ප්‍රධාන චරිතයක් නෙවෙයි කරන්නෙ. නිකන් Flashback Scenes කිහිපයක වගේ තමයි එයා ඉන්නෙ.ඒ වෙනුවට Mia Allen  තමයි මේ අලුත්ම Evil Dead චිත්‍රපටයේ රඟපාන්නෙ සහ ප්‍රධාන චරිතය කරන්නෙ.

2023 අවුරුද්දෙත් Evil Dead චිත්‍රපටයක් නිකුත් වුණා.  ඉතින් මම හිතුව 2023 අවුරුද්දෙ රිලීස් වෙච්ච මෙන්න මේ Evil Dead චිත්‍රපටයෙ කතාව ගැන ඔයාලා එක්ක පොඩ්ඩක් විස්තර බෙදාගන්න.

කතාව පටන්ගන්නෙ මෙන්න මෙහෙම.

තෙරේසා සහ ජෙසික කියන කසින්ස් ලා දෙන්නා ජෙසිකාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් වෙච්ච කේලබ් එකක් එයාලා නිවාඩුවකට යන ගඟක් අද්දර නවාතැන් පොලකදි බිහිසුණු අත්දැකීම් කිහිපයකට මුණ දෙනවා. මේ බිහිසුනු අත්දැකීම පටන්ගන්නෙ හොඳටම අසනීප වෙන ජෙසිකා තෙරේසා සහ කේලබ්ගෙ  හිස ගසා දමලා.

ඒ දර්ශනයෙන් පස්සෙ ආපහු අපිව අරගෙන යනව දවසකට කලින් වෙච්ච සිදුවීමකට. මේ සිදුවීම වෙන්නෙ ලොස් ඇන්ජලීස් වලදි. තමන් ප්‍රෙග්නන්ට් කියල දැනගන්න ගිටාර් කාර්මික ශිල්පිනියක් වන බෙත් ලොස් ඇන්ජලීස්වල මහල් නිවාස සංකීර්නයක් වන මොන්ඩේ වල ඉන්න Single Mother කෙනෙක් වගේම Tattoo Artist කෙනෙක් වන එයාගෙ සොයුරිය එලීව හමුවෙන්න එනවා.

බෙත් මේ ගමන එද්දි එලීගෙ දරුවො දෙන්න මේ මහල් නිවාසයේ පල්ලෙහා තට්ටුවේ වාහන නවත්තන තැන තියෙන හැංගිච්ච කුටියක සෙල්ලම් කර කර තමයි ඉන්නෙ. කොහොමහරි නොහිතපු විදියට එන භූමිකම්පාවකින් මේ බිල්ඩින් එක හෙල්ලිල යනව. මේ ලමයින්ගෙ නම් වෙන්නෙ ඩැනී, බ්‍රිජට් සහ කැසී. කොහොමහරි ඩැනී භූමිකම්පාවෙන් පස්සෙ එයාල ඉන්න මේ හැංගිච්ච කුටියෙ තියෙන්නෙ මොනවද කියල චෙක් කරල බලනවා.

ආගමික කෞතුක වස්තු, 1923 අවුරුද්දෙ ෆොනොග්‍රාෆ් රෙකෝඩ්ස්, සහ එතන තියෙන තව අමුතු පොතක් ඩැනී තමන්ගෙ කාමරයට අරගෙන යනවා. එයා හිතනව මේව විකුනල තමන්ගෙ අම්ම වෙච්ච එලීට උදව් කරන්න තමන්ට පුලුවන් වෙයි කියල. මේ ෆොනොග්‍රාෆ් රෙකෝඩ්ස් වලින් කියන්නෙ මේ පොත කියවන්න උත්සහ කරපු පූජකයෙක් තමන් අසාර්තක වූ බව ලියා තිබූ සටහනක්. ඒ වගේම මේ පොත Naturom Demento කියන පොත් තුනෙන් එක පොතක් කියලත් මෙතනදි සඳහන් වෙනවා. පසුකාලීනව හෙලි වෙනව මේ පූජකයා දිගටම මේ පර්‍යේශන කරගෙන ගිය බවත් ඒ ඔස්සේ එයාට මලවුන්ව ගෙන්වන මන්තරයක් හොයාගන්න පුලුවන් වෙච්ච බවත්.

ඔය අතරවාරෙ මේ අපාට්මන්ට් එකේ පවර් කට් එකක් එනවා. ඒ වගේම දරුවො තුන්දෙනාගෙ අම්ම වෙච්ච එලීව යක්ශ ආත්මයක් මෝහනය කරගන්නවා. ආවේශ වෙලා තමන්ගෙ අපාට්මන්ට් එකට එන එලී හැමෝටම පහරදෙන්න හදනව. එහෙම කරල කලන්තෙ දාලා වැටෙන්න කලින් තමන්ගෙ සහෝදරිය වෙච්ච බෙත්ට කියනව “මගෙ ලමයින්ව බලාගන්න” කියල.

අසල්වාසියො එකතුවෙනව මෙයාලට උදව් කරන්න. පවර් කට් එක වගේම භූමිකම්පාව නිසා මේ බිල්ඩින් එකේ පඩිපෙල කැඩිල, ලිෆ්ට් එක වැඩකරන්නෙත් නෑ. එයාලා Fire Escape එකෙන් බේරිල යන්න හැදුවට නැගිටල එන එලී මෙයාලට කරදර කරන්න පටන් ගන්නවා.   ඒ Attack එක නිසා බෙත් සහ බ්‍රිජට්ට තුවාල වෙනවා. බෙත් දරුවො දෙන්න එක්ක එක්කහුවෙලා එලීව අපාට්මන්ට් එකෙන් එලියට දාලා දොර වැහුවත් එලී ඊටපස්සෙ එලියෙ ඉන්න මිනිස්සුන්ටත් කරදර කරන්න පටන් ගන්නවා.

මෙතනදි තමයි ඩැනී එයා පහල බේස්මන්ට් එකෙ තිබිල හොයාගත්ත Naturom Demento පොත ගැන බෙත්ට කියන්නෙ. බෙත් සහ ඩැනී මේ ගැන කතා කර කර ඉද්දි එලී කැසීව රවට්ටල දොර ඇරගෙන එයාට කරදර කරනවා. ඒ අතරවාරෙ බ්‍රිජට්ටත් මේ යක්ශයෙක්ව මෝහනය වෙනව එයාට වෙච්ච තුවාල නිසා. බ්‍රිජට් මුලින්ම බෙත්ට පහර දෙනවා. ඊට පස්සෙ ඩැනී සහ කැසීට කරදර කරන්න එනවා.             

මේ කරදර වලින් බේරෙන්න නම් තමන් ලඟ තියෙන පොත කියවන්න උවමනා බවත් ඒ ඔස්සේ Deadties ව පලවාහරින්න ඕන මන්තරය හොයාගන්න ඕන බවත් බෙත් තේරුම්ගන්නවා. ඒත් කලින් මේක කරන්න උත්සහ කල පූජකය වගේම එයාගෙ අනුගාමිකයන් සියල්ලන්ම මේ මන්තරේ වැරදිල භූතයන්ට ගොදුරුවුන බව බෙත් දන්නවා.

ඉතින් තමන්ව, තමන්ගෙ අක්කව සහ අක්කගෙ දරුවන්ව මේ භූතාත්ම වලින් බේරගන්න යක්ශයා තුරුලට යන මාරාන්තික අවදානමක් ගන්න බෙත් සූදානම් වෙයිද? සූදානම් වුණත් ඒක එයාට දිනන්න පුලුවන් සටනක් වෙයිද?

Related Articles

Don't Miss


Latest Articles