රෙස්ටූරන්ට් රසට ගාර්ලික් කන්කුන් හදමු…

කංකුන් කියන්නෙ අපි බොහොම දෙනෙක් කන්න කැමති ඕනෑම ප්‍රදේශයක බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන් පලා වර්ගයක්නේ. 

විටමින් A,C,K වගේම කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම් වලිනුත් සංතෘප්ත කංකුන් සුපිරි ආහාරයක් විදිහටයි බොහෝ ආසියාතික රටවල් වල පිළිගැනෙන්නේ. 

රුධිරයේ රතු රුධිරාණු ප්‍රමාණය ඉහළ නංවන්න, පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරන්න, හිසකෙස් ශක්තිමත් කරන්න, නීරෝගි සහ දීප්තිමත් සමක් ලබාගන්න වගේම රුධිරයේ සීනි මට්ටම වැඩි කරන්නත්, අක්මාවේ නීරෝගි බව වැඩි කරන්නත් කංකුන් වලින් ලැබෙන්නෙ හොඳ සහයෝගයක්. 

එහෙනම්, පුරුදු රස වෙනුවට සුදුලූණු මුසුවුණ වෙනස් රසකට කංකුන් තෙල් දාන්නෙ කොහොමද කියල අද අපි ඔබට කියල දෙන්නයි මේ සූදානම. 

මුලින්ම බලමු අපිට අවශ්‍ය දේවල් මොනවද කියල?

අවශ්‍ය ද්‍රව්‍ය 

හොඳින් සෝදා පිරිසිදු කරගෙන මෝරා ඇති කොටස් ඉවත් කරගත් කංකුන් මිටියක්

දෙකට පලාගත් සුදුලූණු බික් 10 ක් 

දෙකට කපාගත් වේලුණු මිරිස් කරල්  03 ක් 

සිහින්ව ලියාගත් ලොකු ලූණු ගෙඩියක් හෝ ගෙඩි භාගයක්

තක්කාලි සෝස් මේස හැඳි 01 ක්

සෝයා සෝස් මේස හැඳි 01 ක් 

ගම්මිරිස් කුඩු මේස හැඳි 01 ක් 

ලුණු කුඩු 

මිරිස් කුඩු තේ හැන්ඳක් 

තෙල් 

සාදාගන්නා ආකාරය 

මුලින්ම, කුඩා භාජනයක් ගෙන එයට සෝයා සෝස්, තක්කාලි සෝස්, ලුණු කුඩු තේ හැඳි ½ , ගම්මිරිස් කුඩු සහ මිරිස් කුඩු එකතු කර හොඳින් කලවම් කරගෙන පසෙකින් තබාගන්න. 

දැන්, භාජනයක් ලිපතබා එයට තෙල් ස්වල්පයක් එකතු කරගන්න. 

තෙල් රත්වුණ විට එයට සුදුලූණු සහ ලූණු එකතු කරගන්න. 

විනාඩියක් පමණ තබා වේලුණු මිරිස් කරල්ද එකතු කර සුදුළූණු වල වටේ දාරය රන්වන් පැහැවන තෙක් මඳක් බැඳගන්න. 

ඉන්පසු කංකුන් එකතු කර සියල්ල හොඳින් කලවම් කරගන්න. 

විනාඩියක් පමණ තබා සාදාගත් සෝස් මිශ්‍රණය එයට එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න. 

විනාඩි 05 ක් පමණ තබා ලිපෙන් ඉවතට ගන්න.

කංකුන් වල කොල පාට ආරක්ෂා කර ගන්න ඉක්මණින් පිසූ භාජනයෙන් ඉවත් කර වෙනත් තැටියකට මාරු කරන්න. 

ඔන්න අපි රසම රස කංකුන් ව්‍යාංජනයක් සූදානම් කරගෙන අවසන්. 

එහෙනම්, ඊළඟ දවසෙ මේ විදිහට කංකුන් හදල බලමු නේද? 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles