ගුරුවරියක් දිනක් සිය පන්තියේ කතාවක් කීමට පටන් ගත්තා.
“ගිලීයන නැවකින් තරුණ යුවලක් කෙසේ හෝ ආරක්ෂා උනා”
“අදාල යුවල ගලවාගැනීමේ ස්ථානයට ලඟාවුනා”
“ඒ වන විට ක්‍රියාත්මක වෙමින් පැවතියේ අවසාන ජීවිතාරක්ෂක බෝට්ටුවයි”
” එනම්,බෝට්ටුවේ ඉතිරි වී ඇත්තේ එක ආසනයක් පමනයි”
“දිවි ගලවාගතයුත්තේ කවුද”
“මොහොතක් නිහඬව සිය බිරිඳ දෙස බලාසිටි සැමියා ඇයගේ නලලත හාදුවක් තබා, ඇයව පැත්තකට තල්ලුකර දමා සැනෙකින් ජීවිතාරක්ෂක බෝට්ටුවට ගොඩවෙන අතර
ඇය කෑ ගසා කිසිවක් ඔහුට පැවසුවා”
“ඉන්පසුව දෛවය විසින් ගිලීයන නෞකාව ඇයවෙත දුන් ඉරණම කඳුළු අතරින් පිලිගන්නවා විනා ඇයට විකල්පයක් තිබුනේ නැහැ”
මොහොතකට ගුරුවරිය සිය කතාව නවත්වා සිසුන් දෙස බැලුවා. සිසුන් අයාගත් දෙනෙතින් යුතුව ඇය කතාවේ ඉතිරි කොටස කියන තෙක් බලාසිටියා.
සිසුන්ගෙන් ලැබුනු පිළිතුරු වලින් කිහිපයකුයි ඒ. ගුරුවරියගේ දෑස් පංතියේ කොනක වාඩිවී කිසිවක් නොකියා නිහඬව සිටි සිසුවෙක් වෙත යොමුවුනා. ඇය ඔහුගෙන් නැවතත් පෙර ප්‍රශ්නයම ඇසුවා.
“ඔබ සිතන ආකාරයට ඇය කුමක් කියා කෑ ගසන්නට ඇතිද?” නිහඬව සිටි සිසුවා දෑස් ඔසවා මෙසේ පැවසුවා.
“ටීච, මම හිතන විදියට ඇය කියන්න ඇති අපේ දරුවාව හොඳින් රැකබලාගන්න කියල” සිසුවාගේ පිළිතුරෙන් පුදුමයට පත් වූ ගුරුවරිය මෙසේ ඇසුවා.
“ඔබ මේ කතාව මීට කලින් අහල තියෙනවද?”
දිගු සුසුමක් පිටකල ගුරුවරිය නැවතත් කතාකලා.
ගුරුවරිය දිගටම කතාව කියන්නට වුනා. “දිනක් පරණ කැබිනට්ටුවක් පරීක්ෂා කල දියණියට මවගේ පැරණි දිනපොතක් හමුවුනා.”
“මටත් ඔබ සමග ඒ අඳුරු රාත්‍රියේ සීතල මුහුදු පතුල සිපගන්නට තිබුණානම්”
මොහොතක් සිතන්න..
මතුපිටින් පමණක් බලා අපි කෙතරම් නම් පුද්ගලයින් සහ අවස්තා පිලිබඳව නිසි අවබෝධයකින් තොරව තීරණ ගන්නවාද? බොහෝවිට ඔවුන් ඒ තීරණ ගනු ලබන්නේ මෝඩකම හෝ නූගත්කම නිසා නොව අපට වඩා ගැඹුරු දැක්මක් ඇතිනිසා විය හැකිය. අපට වඩා වැඩි අවබෝධයක් ඇති නිසා විය හැකිය. අප වෙනුවෙන් ඇති ආදරය, දයාව සහ අනුකම්පාව නිසා විය හැකිය.
සෑම තීරණයකම, ඔබගේ පැත්ත,මගේ පැත්ත,සහ ඇත්ත යනුවෙන් තුන් ආකාරයක් ඇත. ඉක්මන් හදිසි තීරණ ගන්නවාට වඩා දෙවරක් සිතා බැලීම සැමගේම යහපතට හේතුවනු ඇත.
( Sumith Edirisinghe ගේ සටහනක් ඇසුරෙන් සකසන ලදී.)