කුස්සියේ රහස්

ඔබ දක්ෂ ගෘහනියක්ඉතින් මෙන්න මේ කුස්සියේ රහස් රැස ඔබව තව තවත් දක්ෂකාර්යක්ෂම මෙන්ම පිරිමැසුම් දායක ගෘහණියක බවට පත් කරන බවට කිසිදු සැකයක් නැහැ.

  • පොල් තෙල් නොමිදීමට – සිතල එක්ක සමහර පැති වල පොල්තෙල් මිදෙන එක සමහරවිට ප්‍රශ්නයක් වනවාපොල්තෙල් වලට එඬරු තෙල් බිංදු කිහිපයක් දැමීමෙන් සීත කාලයේ මිදෙන්නේ නැහැ.
  • සම්බෝලයටමැල්ලුමටබැදුමට දෙහි ඇඹුල් රේණු සමග දැමීමෙන් රසය වැඩිවෙනවා.
  • කළු පාටට පහේ බදින විට සෝදාගත් කැකුළු හාල් මිටක් මිශ්‍ර කරගන්නහොඳ සුවඳක් වගේම රසයක්ද එකතුවෙනවා.
  • දුගඳකින් තොරව ඉස්සන් පිස ගැනීමට සෝදාගත් ඉස්සන් ලුණු සහ දෙහි හොඳින් අතගා විනාඩි 15 ක් පමණ තබා සෝදාගන්න.
  • විනාකිරි මිශ්‍ර වතුරෙන් මාළු තැම්බූ විට මාළු කුඩු වෙන්නේ නැහැ.
  • අර්තාපල් තම්බාගන්නට පෙර ලුණු ස්වල්පයක් දැමීමෙන් පහසුවෙන් පොතු ගලවගන්න ට පුළුවන්.
  • බිස්කට් පෙගෙන්නේ නැතිව තබා ගැනීමට බිස්කට් භාජනයට බ්ලොටින් පේපර්ස් දෙකක් දමන්න.
  • තේ වලට වතුර උණු කිරීමේදී අමු හෝ වියළි දොඩම් ලෙලි භාජනයට දැමීමෙන් රසය වැඩිවෙනවා.
  • අමු කෙසෙල් ඉක්මනින් ඉදවා ගැනීමට බුලත් විටට ගන්නා හුණු ස්වල්පයක් ආලේප කරන්න.
  • දෙහි ගෙඩියක උපරිම දෙහි යුෂ ලබාගැනීමට නම් කපන්නට පෙර පැතලි මතුපිටක තෙරපමින් ඉහිල් කරගන්න.
  • මාළු බදින සුවඳ වටපිටාවට පැතිරීම වළක්වා ගන්නට නම් අල පෙත්තක් එකතු කරන්න.
  • මිරිස් බැදීමට පෙර කරලට පොල්තෙල් බින්දු කිහිපයක් දැමීමෙන් කැස්ස ඇතිවීම වලක්වා ගන්නට පුළුවන්.
  • බත් පිසගත් පසු තෙත ගතිය වැඩිනම් ටෝස්ට් කරගත් පාන් පෙත්තක් බත් එක මත තබන්න.
  • කට්ලට් කැඩෙන්නේ නැතිව බදින්නට නම් මද වේලාවක් අධි ශිතකරණයේ තබන්න.
  • කෑම මේසයේ මිංචි කොළ තැබීමෙන් මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා කරගන්නට පුළුවනි.
  • කුකුල් මස් බදින විට රන් පැහැයෙන් බැද ගැනීමට නම් පාන් පිටි වෙනුවට කිරිපිටි තවරා බදින්න.
  • කරවල පුස් කෑමෙන් වලක්වා ගැනීමට ප්ලාස්ටික් පෙට්ටියක බහා ශීතකරණයේ තැන්පත් කරන්න.
  • බාස්මතී සහල් හොඳින් පිස ගැනීමට පැය භාගයක් පමණ පෙගෙන්නට දමා උයන විට එළවලු තෙල් මේස හැඳි පමණ එකතුකරන්න.
  • ඉතිරිවන පොල් බෑයට ලුණු ස්වල්පයක් තවරා තැබීමෙන් එය පිළුණු නොවී තබාගන්නට පුළුවන්.
  • මස් පිසින විට මී පැණි තේ හැන්දක් පමණ එක්කිරීමෙන් සුවඳත් රසයත් වැඩිවෙනවා.
  • ධාන්‍ය වල ගුල්ලන් ඇතිවීම වැලක්වීමට කොහොඹ කොළ දමන්න.
  • මිරිස් කුඩු දමන භාජනයට පෙරුම් කායම ටිකක් දමා තිබුණොත් මිරිස් කුඩු නරක් නොවී තබා ගන්නට පුළුවනි.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles