නීති ගැටළුවක්ද? ලෝයර්ට ගෙවන්න සල්ලි නැද්ද? එහෙම නම් දැන්ම කියවන්න

අපේ ජිවිතයට කරදර බාධා එන්නේ අප සිතන වෙලාවට නෙවේ .හදිසියේ කරදර ගෙන එන්නේ මිනිසුන් වගේම එයට පිළිසරණ වන්නේද මිනිසුන් .ඉතින් එවැනි අවස්තාවන් ඇතිවන බැවින් සමාජ සංස්ථාව තුලම මිනිසුන්ට උපකාර කිරීමේ පරමාර්ථයෙන් විවිධ සංවිධාන ගොඩ නැගෙනවා .අද අප දැනුවත් වන්නට යන්නේ අපට ඉමහත් සේවාවක් සපයන ආයතනයක් එහෙම නැත්නම් එකතුවක් පිලිබදවයි .ඒ ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවයි .

මොකද්ද මේ ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව..

1978 අංක 27 දරණ නීති ආධාර පනත මගින් ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව නමින් ආයතනයක් ගොඩ නැගෙන්නේ නොදැනුවත්කම මෙන්ම දුප්පත්කම හේතුවෙන් නීතියේ පිළිසරණක් නොලැබෙන මිනිසුන්ට සහාය ලබාදීමේ අරමුණින් .

කොළඹ කාර්යාලයට අමතරව ලංකාව පුරා කාර්යාල 82 ක් පවත්වාගනිමින් පිළිසරණක් අවශ්‍ය එහෙත් ඒ සඳහා ශක්තියක් නොමැති මිනිසුන් හට නීති ආධාර කොමිෂන් සභාව සිය රැකවරණය ලබා දෙනවා .සතියේ දිනවල කාර්යාල විවෘතව තබා තිබෙන අතර පැමිණ හෝ දුරකතනයෙන් නීති උපදෙස් ලබා ගන්නට හැකියාව තිබෙනවා .මෙහිදී ඔබ අඩු ආදායම් ලාභියෙකු බවට ග්‍රාමසේවක ලවා සහතිකයක් ලබාගෙන එය ප්‍රදේශයේ නීති ආධාර කොමිෂන් සභාවට ලබා දිය යුතුයි .ඉන් පසුව අවශ්‍ය නීති සහන ලබාගන්නට පුළුවන් .

එපමණක් නොව නීති ආධාර වලට අමතරව මානසික උපදේශන සේවාවන් ,වෛද්‍ය සහාය අවශ්‍ය පිරිස් ඒ සඳහා යොමු කිරීමටද නීති ආධාර කොමිෂන් සභාව කටයුතු කරනවා .

විශේෂයෙන්ම කාන්තාවන්ට මෙන්ම ළමුන්ට මේ මගින් සැලසෙන සෙත අතිමහත් .

කාන්තාවන් වෙනුවෙන්ම …

නෑදෑ හිතවතුන්ගෙන් ඇතිවන තාඩන ,පීඩන ,දරුවන්ගෙන් ඇතිවන හිරිහැර ,සැමියාගෙන් සිදුවන කරදර ,ලිංගික අඩතේට්ටකම්අයිතිවාසිකම් කඩවීම ,ආත්ම ගරුත්වයට හානි පැමිණීම ආදී කාන්තාවක ලෙස ඔබ මුහුණ දෙන ඕනෑම ගැටලුවකට පිළිසරණ පතා ඔබට නීති ආධාර ලබා ගැනීමේ හැකියාව ලබා දෙන්නට සුදානම් .

ඉතින් ජිවිතයට කරදර පැමිණෙන්නේ ඉතාමත්ම අනපේක්ෂිත මොහොතක මිසක් පෙර සුදානමකින් නෙවෙයි .අසාධාරණයට පත්වී ,මානසික රෝගියෙකු ලෙස පීඩා විඳිනවාට වඩා ,අසරණ වී සියදිවි නසගන්නවාට වඩා ජීවත්වීමට ඉඩකඩක් සොයා ගැනීම අපහසුවක් නොවන බව පෙන්වීමට අපට හැකියි .ඔබට පමණක් නොව ඔබ දන්නා ඕනෑම කෙනෙකුට මේ ඔබගේ කියවීම ජිවිතයට ආලෝකයක් එක්කරන්නට සමත්වන බවට අපට විශ්වාසයි

නීති ආධාර කොමිෂන් සභාව අංක 129, අලුත් කඩේ වීදියකොළඹ 12 ලිපිනයේ පිහිටා තිබෙන අතර, 0115 335329, 335281 දුරකථන ඔස්සේ ඇමතීමෙන් ඔබට අවශ්‍ය තොරතුරු දැනගන්නට පුළුවන්.

– චම්මි –

 

Related Articles

Don't Miss


Latest Articles