අවුරුදු 16 දි ජීවිතය නොහිතපු ආගාධයකට වැටිච්ච කුකීගේ කතාව

අද මේ චිත්‍රපට ගැන ලිපියෙන් අපි ඔයාලට අරගෙන එන්නෙ අවුරුදු 16ක පොඩි ගැහැණු ළමයෙක්ට අවුරුදු 16 දී මූණ දෙන්න වුන අතිසංවේදී ජීවිත අත්දැකීමක් ගැන කතාවක්. මේ කතාව ඇත්තටම ගැහැණියකගෙ ඇස් වලට කඳුලු වගේම හිතට ලොකුම ලොකු වේදනාවක් අරගෙන එන්න හේතුවෙන කතාවක් බව කියන්න ඕන. චිත්‍රපටයක් වුනාට මේ චිත්‍රපටයේ එන කතාව ඒ තරම්ම හිතට දැනෙනවා.

Kooki චිත්‍රපටය Release උනේ 2024 අවුරුද්දෙ. මේක හින්දි බාශාවෙන් ආව චිත්‍රපටයක්.ඉතින් චිත්‍රපටයේ නම තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන ගැහැණු ළමයගෙ නම වෙන්නෙත්. කුකී කියන්නෙ අවුරුදු 16 ක පොඩි කෙල්ලෙක්. ඒ වයසෙ ගැහැණු දරුවන්ට වගේම දාහක් හීන තිබ්බ කුකීට අවුරුදු 16දි තමන් හීනෙන්වත් නොදැක්ක අති භයංකාර ජීවන අත් දැකීමකට මුහුන දෙන්න සිදු වෙනවා.

සමහර තැන්වලදි කොච්චර අසාධාරණයකට අපි ලක්වෙනවද කියනවනම් නීතියෙන්වත් සොබා දහමෙන්වත් හරි කාලෙදි, හරි වෙලාවෙදි ඒ වෙච්ච අසාධාරණයට සාධාරණයක් ඉටු කරන්නෙ නෑ. ඉතින් මේ චිත්‍රපටයත් තමන්ට වෙච්ච අසාධාරණයට සාධාරණයක් ඉටු කරන්න බැරිඋන නීතිය නිසා තමන් රැවටිමට ලක්වුණා කියලා වේදනාවට පත්වෙන අහිංසක කෙල්ලෙක්ගෙ කතාවක්.

මේක අපි නිතර දකින Investigate Type එකේ Movie එකක් නෙවෙයි සමාජ ගැටලුවක් ගැන ඉතාම සංවේදීව කතාකරන චිත්‍රපටයක් කියල කියන්නම ඕන.

ඉතින් අපි බලමු මේ චිත්‍රපටයේ මොකද වෙන්නෙ කියලා සහ කූකිට මූණදෙන්න වෙන මේ සිදුවීම මොකද්ද කියලා.

කතාව පටන්ගන්නෙ කූකි එයාගෙ හොඳම යාලුවා වුන රශ්මි එක්ක රාත්‍රියේ තියෙන වේදිකා නාට්‍යයක් බලන්න ඇවිත් කියල පෙන්නන තැනකින්.කොහොමහරි නාට්‍යයේ මොන දේ උනත් රශ්මි කුකී එක්ක කතාකරන්නෙ කොල්ලෙක් ගැන. කුකී දැන් ටික දවසක ඉඳලා කොල්ලෙක් ගැන interested. ඒ කොල්ලා ගැන තමයි රශ්මි කුකී එක්ක කතාකරන්නෙ.

රශ්මියි කුකී දෙන්නම ඉගෙන ගන්නෙ ඉස්කෝලෙ එකොලහ වසරෙ. කුකී මීටකලින් කොල්ලෙක් එක්ක යාලුවෙලා ඉඳලා නෑ. ඒ නිසා මේක තමයි කුකීගෙ පලවෙනි ආදර අත් දැකීම වෙන්නෙ.ඉතින් රශ්මි නාට්‍යය බලන ගමන් කුකීට කියන්නෙ “ඔයා තවත් ඕක හංගගෙන ඉඳලා වැඩක් නෑ, ඔයාම එයාට ගිහින් ඕක කියන්න, තව පරක්කු නොකර” කියලා.

කුකී මේ විදියට කැමැත්තෙන් ඉන්නෙ එයාලගෙ ඉස්කෝලෙම සීනීයර් කෙනෙක් වෙච්ච සප්දරිශි කියන කොල්ලට.ඒ උනාට ඉතින් සාමාන්‍යයෙන් ඔය වයසෙ ඉන්න අනිත් ගැහැණු ළමයින්ට වගේම කුකිගෙත් හිතට හයියක් නෑ කෙලින්ම ඕක ගිහිල්ලා සප්දරිශි ට කියන්න.ඒ උනාට රශ්මිගෙ බලකිරීම නිසාම එයා හිතනවා ඕක ගිහිල්ලා කියන්න.කොහොමහරි ඊටපස්සෙ දවසෙ උදේ රශ්මි එක්ක ඉස්කෝලෙට යන කුකී එයාලගෙ සුපුරුදු තේ කඩේ ලඟ නතරවෙනවා. ඒ වෙලාවෙ තමයි මෙයාලා දකින්නෙ සුපුරුදු විදියටම සප්දරිශි එයාගෙ බල්ලව ඇවිද්දවන්න එක්කරගෙන ඇවිල්ලා කියලා.

ගෑණු ළමයි දෙන්නව දැකලා නතරවෙනවා සප්දරිශි මේ දෙන්න එක්ක කතා කර කර ඉද්දි එතනින් නැගිටින රශ්මි කුකීව පෙන්නලා “මෙයාට ඔයාට දෙයක් කියන්න තියෙනවා” කියලා එතනින් නැගිටලා යනවා. බලාපොරොත්තු නොවිච්ච වෙලාවක මෙහෙම දෙයක් වුනාම කුකී ටිකක් කලබල වෙනවා. හැබැයි එයා හිතට හයිය අරගෙන සප්දරිශිට එයාගෙ හිතේ තියෙන හැඟීම කියලා දානවා.

හැබැයි සප්දරිශිත් නිකන් පොඩ්ඩක් Confuse වෙනවා වගේ දැක්ක ගමන් කුකී වචනෙ වෙනස් කරලා මම ඔයාගෙ බල්ලට ආදරෙයි කියලා කියනවා.

ඊට පස්සෙ සප්දරිශිත් කියනවා “මමත් ගොඩක් ආදරෙයි” කියලා. ඒක ඇහිච්ච ගමන් කුකීගෙ මූණට අමුතු එලියක් එක්ක හිනාවක් එනවා. හැබැයි ඒකට ගොඩක් වෙලාවක් තියෙන්න වෙන්නෙ නෑ මොකෝ සප්දරිශි කියනවා “මමත් මගේ බල්ලට ගොඩක් ආදරෙයි” කියලා.

වෙච්ච දේ හිතාගන බැරිවෙච්ච තැන කුකී රශ්මි එක්කම ක්ලාස් එකට යන්න පිටත්වෙනවා. කුකී සප්දරිශි ගැන හිතේ ආදරයක් පුරවගෙන ඉද්දි සප්දරිශි ඉන්නෙත් කුකී ගැන ඒ වගේම ආදරයක් හිතේ පුරවගෙන.

ඊලඟට අපිට පෙන්වන්නෙ කුකීගෙ තාත්තා වෙන ධනංජය මිශ්‍රාව. කොහොමහරි කුකීලගෙ ගෙදර රයිස් කුකර් එක පිපිරෙන සද්දෙට තමයි කුකීගෙ තාත්තා තමන්ගෙ ඔෆිස් රූම් එකේ ඉඳල ගේ ඇතුලට එන්නෙ. කුකිගෙ අම්මා වෙච්ච දෙයින් හොඳටම බයවෙලා ඉන්නෙ. කුකී මේ ගැන කියන්න රශ්මිට කෝල් කරාම රශ්මි කියනවා “මට හෙට ක්ලාස් එකට එන්න වෙන්නෙ නෑ” කියලා.

ඕක නිසාම කුකී පස්සෙන්දා උදේ වෙනදටත් වඩා කලින් තේ කඩේ ලඟට ගිහින් බලාගෙන ඉන්න සප්දරිශි එනකම්.කොච්චර වෙලා බලාගෙන හිටියත් එයා එන්නෙ නෑ.

කොහොමහරි ඊටපස්සෙන්දා උදේ ආයෙ රශ්මි එක්කම ක්ලාස් එකට යන කුකීට සප්දරිශිව හම්බුවෙනවා. “ඊයෙ අපේ තාත්තගෙ දානෙ” තිබුනා කියලා මේ දෙන්නට රස කැවිලි පාර්සල් දෙකක් දෙන සප්දරිශි එතනින් යනවා වෙන මොනවත් කියන්නෙ නැතුව. කොහොමහරි ඔය සිදුවීමෙන් පස්සෙ මේ දෙන්න චැට් කරන්න පටන් අරගෙන දෙන්න අතර ආදර සබඳතාවයක් ගොඩනගා ගන්නවා.

ඉතින් දවසක් සප්දරිශි කුකීට යෝජනාවක් ගේනවා අපි හැමදාම හම්බෙන තේ කඩේ නැතුව අපි හවස් වරුවම ඇවිදින්න යමු කියලා. කොහොමහරි මේ විදියට ඇවිදින්න යන ගමන් වාර වැඩිවෙච්චි බයිසිකල් පදින්න ආස කුකීට ස්කූටර් එක පදින්න කියලා දෙන්නෙත් සප්දරිශි

මේ විදියට ආදරේ ටික ටික ගලාගෙන යනවා. වැස්සෙ තෙමෙනවා, උපන්දිනේ දවසෙ තෑගි හුවමාරු කරගන්නවා වගේ දේවල් මේ දෙන්න අතරෙත් වෙනවා. මෙහෙම හම්බුවෙච්ච දවසක සප්දරිශි කුකීව කිස් කරන්න යනවා. ඒ උනාට කුකී පොඩ්ඩක් අදිමදි කරන නිසා සප්දරිශි ඒකට බලකරන්නෙ නෑ. දවසක් රශ්මිලා එක්කම තම තමන්ගෙ දෙමව්පියන් එක්කම කුකීලා පූජා උත්සවයකට යනවා. ඒ උත්සවේට එන සප්දරිශී එක්ක කුකී ගොඩක් ලංවෙලා කතාකරනවා දකින කුකීගෙ තාත්තට යමක් තේරුම් යනවා. ගෙදර යන ගමන් තමයි කුකිගෙන් තාත්තා අහන්නෙ “ඒ කොල්ල කවුද?” කියල. “ඒ මගෙයි රශ්මිගෙයි යාලුවෙක්” කියලා කිව්වට අම්මයි තාත්තයි දෙන්නම කියනවා “අපිට බොරු කරන්න හදන්න එපා, අපිට ඕව තේරෙන්නෙ නෑ කියලද හිතන්නෙ” කියලා.

ඉතින් තාත්තා කෙනෙක් විදියට කුකිගෙ තාත්තත් කුකීට අවවාද දෙනවා “ඔයාලා දැන් ලොකු ගැහැණු ළමයි. ඇඟේ හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා තමයි ඔය වගේ දේවල් වෙන්නෙ. අපි ඒකට වරදක් කියන්නෙ නෑ. හැබැයි මොලේ කල්පනා කරලා වැඩ කරන්න” කියලා.

කොහොමහරි දවසක් රෑ පූජා උත්සවේකට යන කුකී සහ රශ්මි සප්දරිශි එනකම් බලාගෙන ඉන්නවා. හැබැයි එනවා කිව්ව වෙලාවට එයා එන්නෙ නැති හන්දා කෝල් එකක් දීලා බැලුවම තමයි කුකී දැනගන්නෙ සප්දරිශිගෙ අයියා එයාලගෙ බයික් එක අරගෙන ගිහින් නිසා එයා එනකම් සප්දරිශිට එන්න වෙන්නෙ නෑ කියලා. ඒ නිසා කුකි කරන්නෙ රශ්මිගෙන් එයාගෙ ස්කූටර් එකේ යතුර අරගෙන සප්දරිශි ව අරගන්න යන එක.

හැබැයි ඒ ගමන අවසානයෙදි එයාට සප්දරිශිව හම්බුවෙන්නෙ නෑ. මොකද ඒ යන පාර අතරමග දෛවය එයා ඉස්සරහට අරගෙන ආව භයානක ඉරණමකට මූන දෙන්න කුකීට සිදු වෙනවා.

ඒ ඉරණම මොකක් කියලද ඔයාලා හිතන්නෙ?

එ ඉරණම සාධාරණයි කියලාද ඔයා හිතන්නෙ?

ඉතින් මේ ගැන දැනගන්න මේ අපුරූ, ඒ වගේම සංවේදී චිත්‍රපටය බලන්න කියල මම ඔයාලට ආරාධනා කරනවා!

Related Articles

Don't Miss


Latest Articles