ආදරය නිසා දුවගෙ කකුල් පණ නැති කල අම්මා කෙනෙක්

Run කියන්නෙ 2020 ආව ඇමරිකානු මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටයක්. ඉතින් Psychological Thrillers කියන්නෙ කොහොමත් හරිම Interesting Film Genre එකක් නිසාම තමයි අපි ඔයාලා එක්ක අද චිත්‍රපට ලිපි මාලාවෙන් මේ චිත්‍රපටය ගැන බෙදාගන්න හිතුවෙ.

මේ චිත්‍රපටයෙ කතාව යන්නෙ මෙන්න මේ විදියට.

ඩයෑන් ශර්මන් කියන කාන්‍තාවට හම්බුවෙන්නෙ නොමේරු ලදරුවෙක්. නොමේරු දරුවෙක් හන්දම ඉස්පිරිතාලෙ ඉන්කියුබේටර් එකක ඉන්න දරුවව බලන්න ඩයෑන් නිතරම යනවා.ඊටපස්සෙ අපිට පෙන්වන්නේ අවුරුදු ගාණකට පස්සෙ ඩයෑන් තමන්ගෙ දුව වෙච්ච ක්ලෝයි එක්ක හරිම අනිහඬ ජීවිතයක් ගෙවන විදිය.ඉපදෙන කොටම තිබුන Birth defects නිසා ක්ලෝයිට ඇදුම, දියවැඩියාව සහ එයාගෙ කකුල්වල එක එක විදියෙ ආබාධයන් තියෙනවා,

ඒ නිසාම මෙයා ඉන්නෙ රෝද පුටුවක. බෙහෙත් ගන්න නිසයි, එයාගෙ මේ ආබාධයන් නිසයි ක්ලෝයිට එයාගෙ අම්ම ගෙදරදිම Home schooling තමයි කරන්නෙ. ක්ලෝයි ආසයි ඉස්කෝලෙකට යන්න, ඒ වගේම ඒකට ඩයෑන් උදව් කරනවා. හැබැයි තවමත් ක්ලෝයි දාපු කොලේජ් ඇප්ලිකේශන්ස් වලට කිසිම උත්තරයක් ඇවිල්ලා නෑ.

දවසක් උදේක ක්ලෝයි චොකලට් වගයක් හොයද්දි එයා දකිනව බඩු දාලා තියෙන බෑග් එකක් අස්සෙ බෙහෙත් දාලා තියෙන බෝතලයක් හම්බෙනවා. ඒකෙ තියෙන්නෙ කොල පාට බෙහෙත් පෙති. ඒ බෙහෙත් පෙති බෝලයේ ඩයෑන්ගෙ නමට යටින් ගහලා තියෙන්නෙ තමන්ගෙ නම කියල දකින ක්ලෝයිට උවමනා වෙනවා මේ ට්‍රයිගොක්සින් කියන බෙහෙත් එක ගැන විස්තර හොයාගන්න. කම්පියුටර් එක ඔන් කරලා ඒක සර්ච් කරන්න ක්ලෝයි පටන් ගත්තම එයාට තේරෙනව ගෙදර ඉන්ටර්නෙට් වැඩ කරන්නෙ නෑ කියලා.

හැබයි එයා දන්නෙ නෑ ඩයෑන් තමන් දිහා බලාගෙනයි ඉන්නෙ කියල. ඉතින් ඊටපස්සෙ දවසෙ ක්ලෝයි එයාගෙ අම්මගෙ ෆෝන් එකෙන් දන්නෙ නැති නම්බර් එකකට කෝල් එකක් අරගෙන ඒ කතාකරන මනුස්සයට කියනවා මේ බෙහෙත් එකේ විස්තර හොයලා දෙන්න කියලා. ඒ කතා කරන මනුස්සයා කියනවා ඒක හදවතේ රෝගයකට දෙන බෙහෙතක් සහ ඒක රතු පාට බෙහෙත් පෙත්තක් බව.

මෙහෙම ඉද්දි දවසක් මෙයා චිත්‍රපටයක් බලන්න යනවා. වොශ් රූම් එකට ගිහින් එන්නම් කියලා බොරුවට මූටි තියටර් එකෙන් එලියට පනින ක්ලෝයි ලඟ තියෙන ෆාමසි එකකට යන්නෙ මේ බෙහෙත් එකේ විස්තර හොයාගන්න කියලා.

කොහොමහරි ෆාමසි එකේ ඉන්න මනුස්සය කියන දේ අහන ක්ලෝයිට හිතාගන්න බැරිවෙනවා. ෆාමසි එකේ මනුස්සය කියන විදියට මේ කොල පාට බෙහෙත් පෙත්ත දෙන්නෙ බල්ලොන්ට. බල්ලොන්ව බලා ගන්න මිනිස්සු මේ බෙහෙත් එක ගන්නෙ එයාලගෙ දෙපා අඩපණ කරන්න උවමනා උනාම. ඒක Ridocaine කියලා relaxant එකක් බවත් කිව්වම ක්ලෝයිට හිතාගන්න බැරිවෙනවා ඇයි එයාගෙ අම්මා වන ඩයෑන් මේ විදියෙ බෙහෙතක් බොරු නමක් තියෙන බෙහෙත් පෙට්ටියක් අස්සෙ දාගෙන ඉන්නෙ ඇයි කියලා.

කොහොමහරි ක්ලෝයි නැතිබව දැනගන්න ඩයෑන් එයාව සිහි නැති කරලා ගෙදර එක්කරගෙන යන්න කලියෙන් hyperventilate වෙන්න පටන් ගන්නවා.

කොහොමහරි ආපහු අවදිවෙනවකොට ක්ලෝයි දැනගන්නවා තමන් ඉන්නේ ඇඳේ බවත් තමන් ඉන්න කාමරයේ දොර අගුලු දාලා තියෙන බවත් ක්ලෝයි දැනගන්නවා. කාමරයෙන් පැනගන්න එක එක දේවල් කරන ක්ලෝයි අන්තිමේ කොහොමහරි ජනේලය කඩලා එළියට එනවා.ක්ලෝයි උත්සහ කරනවා තමන්ගෙ රෝද පුටුව පඩිපෙල දිගේ පල්ලෙහට අරගෙන යන්න. හැබැයි ඒක කරන්න ගිහින් ඇද වැටෙන ක්ලෝයිට සුලු තුවාල වෙනවා. ඒත් මේ අතරෙම එයා දැනගන්නවා එයා අර Relaxant එක නොගත්ත නිසා ඇඟිලි එහෙම චලනය කරන්න පුලුවන් කියලා.

ගෙදරින් එලියට එන ක්ලෝයි පාරෙ යන තැපැල් වාහනේකින් තමන්ට උදව් කරන්න කියලා ඉල්ලනවා. ක්ලෝයි ඒ වාහනේ එන කෙනා වෙන ටොම්ට කියනව තමන් මූණ දීල ඉන්න ප්‍රශ්නෙන් බේරෙන්න පොලිසියට යන් කියලා. කොහොමහරි ක්ලෝයිව පොලිසියට එක්කරගෙන යන්නම් කියල ටොම් පොරොන්දු වෙලා වාහනේ වහලා දාන්න හදද්දි පිටිපස්සෙන් එන ඩයෑන් ටොම්ගෙ බෙල්ලට සිරින්ජර් එකකින් අනිනවා. කොහොමහරි ආයෙ ක්ලෝයිට ඇහැරෙද්දි එයා ඉන්නෙ එයාගෙ ගෙදරම පල්ලෙහ තට්ටුවේ ගැට ගහලා. ඩයෑන් කොරිඩෝව දිගේ ටොම්ව ඇදගෙන යනවා.

කොහොමහරි මේ විදියට පහල තට්ටුවෙ ඉද්දි ක්ලෝයිට හම්බෙනව එයා පුංචි කාලෙ ෆොටෝ. ඒ ෆොටෝ වල තමන් ඇවිදින, නැගිටල කකුල් දෙකෙන් හිටගෙන ඉන්න පින්තූර. ඒ විතරක් නෙවෙයි එයා ඉපදිලා මිනිත්තු එකොලහකට පස්සෙ මියගිය ක්ලෝයි කියලා බබෙක්ගෙ මරන සහතිකය වගේම රෝහලකින් දරුවෙක්ව හොරකම් කරපු යුවලක් ගැන ලියවෙච්ච විස්තරයක් ක්ලෝයි හොයාගන්නවා. තමන් එනකම් බලාගෙන උන්නු College වලින් තමන්ව පිලිගත්තා කියන ලියුම් පවා එයාට හම්බුවෙනවා.

ක්ලෝයි ඩයෑන්ගෙන් අහනවා ඇයි තමන්ට මෙහෙම කලේ කියල. ඩයෑන් කියනවා “මම මේ හැමදේම කලේ ආදරේට” කියලා.

ඒත් ඒක පිළිගන්න පුලුවන්ද? ආදරේ නිසානම් ඩයෑන් මෙහෙම කලේ තමන්ගෙ සියලුම රහස් එලිවෙච්ච තැන ක්ලෝයිව තවදුරටත් ජීවත් කරවලා තියන්න ඩයෑන්ට පුලුවන්ද?

ක්ලෝයිගෙ අනාගතය මොන වගෙ වෙයිද? ඒ හැම ප්‍රශ්නෙකට උත්තරේ දැනගන්න ඔයාලාත් අදම Run Movie එකක් බලන්න අමතක කරන්න එපා.

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles