ආදරේ කියල හිතලා, අපි ඕනතරම් මිනිස්සු වැරදි මිනිස්සු එක්ක වැරදි තැන්වල නතරවෙලා නම් තියෙනවද?සමහර තැන්වල අපිට රිද්දන අයව දාලා යන්න අපිට පුලුවන් උනත් ඒක හැමෝටම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. සමහරු ආදරේ හන්දම, එයා හෙට වෙනස් වෙයි අද වෙනස් වෙයි කියල හිත රවට්ට රවට්ට ඒ දුකේම ගිලිලා ඉන්නව.
“ආදරේ නම් අපිට පුලුවන් වෙන්න ඕන ඕන දුකක් දරාගන්න” කියල මීට අවුරුදු ගාණකට කලින් කෙනෙක් මට කිව්වා. මම එදත් එයාට කිව්වෙ “ආදරේ කියන්නෙ දුකක් දරාගන්න පුලුවන් වෙන හේතුවක් නෙවෙයි, හිතට සැනසීමක් අරගෙන එන බැඳීමක්” කියල.
ඉතින් අද මේ චිත්‍රපට ලිපි පෙලින් අපි ඔයාලා එක්ක බෙදාගන්න යන්නෙ “එයා හැදේවි” කියල හිතල හිතල බැරිම තැන තමන්ගෙ අම්මා එක්ක එක්කහු වෙලා, තමන්ට තාඩන පීඩන එල්ල කරන සැමියව මට්ටු කරන්න කටයුතු කරපු බිරිඳක් ගැන කතාවක්.
Darlings කියන්නෙ 2022 අවුරුද්දෙ ආව චිත්‍රපටයක්. මේක 2022 අගෝස්තු මාසෙ 5 තමයි Netflix වලට Release වුණේ. Opening weekend එකේම globally 10 million watching hours ලබාගන්නත් පුලුවන් වෙච්ච Darlings කියන්නෙ ඇත්තටම සුපිරි චිත්‍රපටයක්.
හම්සායි බද්රුයි කසාද බඳින්නෙ යාලුවෙලා ඉඳලා. හම්සා කියන්නෙ හරියට බොන්න පුරුදුවෙච්ච මනුස්සයෙක්. ඒ විතරක් නෙවෙයි එහෙම බීගෙන ආව දවසට බද්රුට අතින් පයින් පාරක් දෙකක් ගහන්නත් හම්සා අමතක කරන්නෙ නෑ.
හැබැයි ඉතින් බද්රු නම් හිතන්නෙ “මට පුලුවන් හම්සාව වෙනස් කරගන්න” කියලමයි. ඉතින් අම්මා කොච්චර බැන්නත් බද්රු හම්සා කියන්නෙ ටොක්සික් හස්බන්ඩ් කෙනෙක් කියලා පිළිගන්නෙම නෑ, කොහොමහරි මෙයාලා ජීවත්වෙන්න නිවාස සංකීර්ණෙක. ඉතින් මේ නිවාස සංකීර්ණය ප්‍රතිසංස්කරණය කරන වැඩකට හම්සා හරියට විරුද්ධ වෙනවා. හැබැයි බද්රු ඇතුලු නිවාස සංකීර්ණයේ ඉන්න ඔක්කොටම උවමනයි තමන් ඉන්න පරණ නිවාස සංකීර්ණය අලුත් විදියට හදාගන්න. හැබැයි ඕකට විරුද්ධ වෙලා ඉන්න හම්සා කියන්නෙ බද්රුටත් ඔය වැඩේට පොඩිවත් උදව්වක් දෙන්න එපා කියලා.
කොහොමහරි දවසක් හම්සා එපා කිව්වට මේ නිවාස ප්‍රතිසංස්කරණ වැඩේ මීටිමකට බද්රු ගියා කියල දැනගෙන හම්සා බද්රුට හොඳටම පහර දෙනවා. මෙයාලගෙ ගෙවල් ලඟම තමා බද්රුගෙ අම්මගෙ ගෙදර තියෙන්නෙත්. අම්මට ඉතින් හරි වේදනයි උදේට දකිද්දි තමන්ගෙ දරුවගෙ මූණෙයි ඇඟ පුරාමයි තුවාල එහෙම දකින්න වෙන එක ගැන. ඒත් කොච්චර ඇත්ත තේරුම් කරලා දුන්නත් බද්රු ඕක පිළිගන්නෙ නෑ කියල දන්න හන්දම අම්මාත් සද්ද නැතුව ඉන්නවා.
බද්රුගෙ අම්මා කෑම උයන වැඩක් කරන්නෙ. මේකට උදව් කරන කොල්ලෙක් ඉන්නව සුල්ෆි කියලා. ඉතින් සුල්ෆිටත් රහසක් නෙවෙයි බද්රු විඳින මේ දුක් කන්දරාව. ඉතින් සුල්ෆි මොකද කරන්නෙ බද් රුටයි එයාගෙ අම්මටයි තියෙන හිතවත්කම නිසා සුල්ෆි ගිහිල්ලා පොලිසියට පැමිණිල්ලක් දානවා හම්සා බද්රුට ගහනවා බනිනව කියල. පොලිසියෙන් හම්සාව අල්ලගෙන යනවා. බද්රු පොලිසියට එන්නෙ අම්මා එක්කමයි. බද්රු එන්නෙම හම්සාව කූඩුවට දාන්න කියල කියන්න උනාට මොකෝ හම්සා දන්නව බද්රුගෙ හිත වෙනස් කරන විදිය.
“මම ඔයාට කොච්චර ආදරේද? මම බිව්වම විතරනෙ ඔයාට පාරක් දෙකක් ගහන්නෙ. මම නැතුව ඔයා ඉන්නෙ කොහොමද?” කියල හම්සා පොලිසියෙදි අනුකම්පාව දිනාගන්න විදියට කතාකරලා ආපහු බද්රුයි අම්මයි එක්ක ගෙදර එනවා. ඒ එන අතරමගදි “මගේ දූට මෙහෙම සලකන්න එපා” කියල අම්මා කියවද්දි හම්සා හැරිලා බද්රුගෙ අම්මගෙ නාහෙන් ලේ එන්න ගහනවා.
“මගේ දරුව උනත් කරුම ගෙවන්න වෙනවා” කියල හිතලා බද්රුගෙ අම්මා ඕන දෙයක් කරගන්න කියල දෙන්නවම අතෑරල දාන්නෙ ඔන්න ඕකෙන් පස්සෙ. ඒ උනාට හැමදේටම අම්මව ශේප් එකේ තියාගන්න එක වටිනව කියල දන්න හම්සා, බද්රුව වචනෙන් අල්ලගත්තා වගේම අම්මවත් ශේප් කරගන්නවා.
“ආදරේ නිසානෙ ඔක්කොම” කියල හිතන අම්මයි දුවයි දෙන්න ගුටි කකා, බණුම් අහ අහා ශේප් වෙවී ඉන්නව. හම්සා එයාට ඕන ජීවිතේ ඕන ඕන විදියට ගෙවනවා.
කොහොමහරි හම්සාට උවමනයි තමන්ට විරුද්ධව පොලිසියෙ පැමිණිල්ල දැම්මෙ කවුද කියල දැනගන්න. ඔය අතරෙ “දරුවෙක් ලැබුනම හම්සා වෙනස් වෙයි” කියල හිතාගෙන ඉන්න බද්රු ප්‍රෙග්නන්ට් වෙනවා. තමන්ට සිරෝසිස් රෝගය තියෙනව කියල දැනගන්න හම්සා බොන එක නතර කරන්නෙත් පට්ට පල් බොරු රඟපෑමක් කරලා, “දරුවා නිසා මං බොන එක නතර කරනවා” කියලා.
පොලිසිය් රාලහාමි කෙනෙක්ගෙ කටෙන් වචනෙ පිටවුනාට පස්සෙ හම්සා දැනගන්නව පොලිසියට පැමිණිල්ල දාලා තියෙන්නෙ සුල්ෆි බව. සුල්ෆි එහෙම කලේ සුල්ෆිට බද්රු එක්ක සම්බන්ධයක් තියෙන නිසා කියලා. ඒ නිසාම හම්සා හිතනවා බද්රුට ලැබෙන්න ඉන්න දරුව තමන්ගෙ නෙවෙයි සුල්ෆිගෙ කියල.
තරහෙන් ගෙදර එන හම්සා බද්රුට ගහනවා. පඩිපෙලෙන් පල්ලෙහට වැටෙන බද්රු ආපහු නැගිටින්නෙ ඉස්පිරිතාලෙන්.
“මගේ දරුවාට මොකද?” කියල බඩට අත තියාගෙන අහන බද්රුට ලැබෙන්නෙ හිත සනසන උත්තරයක් නෙවෙයි. හැබැයි ඒ හිත් වේදනාව තමයි බද්රුට තේරුම් කරවන්නෙ තමන් මේ ආදරේ කියල අහුවෙලා ඉන්නෙ ලොකු මායාවකට බව.
ඉතින් මොකද හිතන්නෙ ඒ මායාවෙන් එලියට එන්න, හම්සාගෙන් ගැලවෙන්නෙ බද්රුට පුළුවන් වෙයිද?
ReplyForwardAdd reaction |