අද අපි ඔයාලට අරගෙන එන්නෙ මේ අවුරුද්දෙ රිලීස් වෙච්ච තෙලඟු psychological thriller movie එකක් ගැන. මේ චිත්‍රපටයේ නම සබාරි. ඉතින් අපි බලමු මේ සබාරි චිත්‍රපටයේ වෙන්නෙ මොකද්ද කියලා.
ඉතින් මේ චිත්‍රපටයේ කතාව හදලා තියෙන්නෙ තමන්ගෙ දුව වෙනුවෙන් ජීවිතේම උනත් දෙන්න ලෑස්තිවෙලා ඉන්න සංජනා කියන අම්මව කේන්ද්‍ර කරගෙන. කොහොමහරි ලස්සන විවාහ ජීවිතයක් ගෙවපු සංජානාට හදිසියෙ වෙච්ච අවාසනාවන්ත දෙයක් හන්දා එයාගෙ දුව වෙච්ච රියා එක්ක තනිවෙන්න සිදු වෙනවා. එතනින් එහාට මෙයාලගෙ ජිවීතේ හරිම තීරණාත්මක කාලයක් ගෙවන්න වෙනවා. ඒකට හේතුව වෙන්නෙ සංජානාගෙ සහ දුව රියාගෙ ජීවිතේ අතීතයේ වෙච්ච අඳුරු දේවල් කීපයක් ආයෙමත් වර්තමානයට ඇවිත් වද දෙන්න පටන් ගන්න නිසා.
ඉතින් චිත්‍රපටය පටන් ගන්නෙ මෙන්න මේ විදියට.
කතාව පටන්ගන්නෙ මෙන්ටල් හොස්පිටල් එකක සීන් එකකින්. මේ මෙන්ටල් හොස්පිටල් එකේ ඇඳක හාන්සිවෙලා ඉන්න මනුස්සයෙක් දවසක් රෑ හොස්පිටල් එකේ ලයිට්ස් නිවුවට පස්සෙ ඇඳෙන් නැගිටලා හොස්පිටල් එකෙන් යන්න හදනවා.එහෙම එන මේ මනුස්සය මෙතන තිබුන පොරවක් අරගන්නව. ඔය වෙලාවෙදි තමයි මේ හොස්පිටල් එකේ සෙකියුරිටි ගාඩ්ට තේරෙන්නෙ කවුරුහරිම රෝගියෙක් පැනලා යන්න හදනවා කියලා.
මේ මිනිස්සු එකතුවෙලා මොකද්ද වෙලා තියෙන්නෙ කියලා හොයලා බලන්නත් කලින් මේ මනුස්සයා ඉස්පිරිතාලෙ තාප්පෙනුත් එලියට පැනලා ගිහින් ඉවරයි. මේ විදියට හොස්පිටල් එකෙන් පැනලා යන මේ මනුස්සයා පාර අයිනෙ ඉන්නෙ ටුක් ඩ්‍රයිවර් කෙනෙකුට පහර දීලා එයාගෙ ටුක් එක පැහැරගෙන පැනලා යනවා.
මේ විදියට ටුක් එකක් අරගෙන පැනලා යන මේ මනුස්සයා යන්නෙ ඉස්පිරිතාලෙකට. වගකිව යුතු කාටවත් නොපෙනෙන විදියට ඉස්පිරිතාලෙ ඇතුලට යන මේ මනුස්සයා ඉස්පිරිතාලෙ ස්ටෝර් රූම් එකක් ඇතුලට ගිහිල්ලා ඒකෙ තියෙන රිපෝට්ස් වගයක් හොයනවා අපිට පෙන්වනවා. මේ විදියට මේ මනුස්සයා හොයලා බලන්නෙ අලුත ඉපදුණ ලමයෙක්ගෙ විස්තර තියෙන ෆයිල් එකක්.
මෙයා මේ රිපෝට්ස් බල බල ඉන්න අතරවාරෙම මෙතනට නර්ස් කෙනෙක් එනවා. නර්ස් හරහා අනිත් මිනිස්සු මේක දැනගන්න එක වලක්වන්න මෙයාට සිද්ද වෙනවා මේ නර්ස්ගෙත් හුස්ම හිරකරලා නර්ස්ව මරලා දාන්න. කොහොමහරි වෙන සුලු සේවකයෙක්ගෙ යුනිෆෝර්ම් එකක් ඇඟට දාගන්න මේ මනුස්සයා අර මැරිච්ච නර්ස්ගෙ බොඩි එක ට්‍රොලි එකක දාගෙන ඉස්පිරිතාලෙ කොරිඩෝර් එකක් දිගේ ඇවිත් එයාව ඇම්බියුලන්ස් එකකට දාගෙන ගෙදර අරගෙන එනවා.
මේ මනුස්සයා මේ ගෙදරට එද්දිත් කැලෑවක් මැද්දෙ තියෙන ඒ ගෙදර තව මනුස්සයෙක්ව ගැටගහලා තියෙනවා. සූර්යා කියන මනුස්සයා එයා හොස්පිටල් එකෙන් අරගෙන ආව අර රිපෝට් එක පෙන්නලා මෙයාගෙන් අහනවා “මේ කවුද?” කියලා.
“මම ඒ ගැන මුකුත්ම දන්නෙ නෑ” කියලා කිව්වම ඒකට තරහා යන සූර්යා කියන මනුස්සයා මේ මනුස්සයගෙ සහ අර නර්ස්ගෙ ඇඟට පෙට්‍රල් වක්කරලා දෙන්නටම ගිනි තියලා මේ ගෙදරින් පිටවෙලා එනවා.මෙතනදි මේ ගෙටත් ගිනි ඇවිලෙනවා අපිට පෙන්වනවා.
ඊලඟ සීන් එකේදි අපිට පෙන්වන්නෙ මීට අවුරුදු දෙකකට කලින් වෙච්ච සිදුවීමක්.
ඒකෙදි තමයි අපිට පෙන්වන්නෙ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන සංජානා එයාගෙ දුව වෙච්ච රියා එක්ක වයිසාග් වල ඉන්න එයාගෙ හොඳම යාලුවාගෙ ගෙදර එනවා. ටික දවසකට දුවත් එක්ක මෙහෙ නතරවෙන්න එන සංජානාට උවමනා වෙනවා මේ පැත්තෙන් එයාට ගැලපෙන රස්සාවක් හොයාගන්න. ඒ උනාට ඉතින් එහෙම ලේසියෙන් එයාට ජොබ් එකක් ලැබෙන්නෙ නෑ. මොකද එයාගෙ ඩිග්රි එක හරියට ඉවර කරලා නැති නිසා. මෙතනදි සංජානාගෙ යාලුවා කියනවා “කොහෙද ඔයා ඩිග්රි එක කරගන්නෙ නැතුවම අරවින්ද එක්ක ගියානෙ. දැන් එයා එක්ක රණ්ඩු වෙලා මෙහෙ එන්න කලින් ඔයාට තව ටිකක් හිතන්න තිබුනා” කියලා එයාගෙ යාලුවා කියනව. ඒ උනාට අරවින්දගෙ නම කියනවටත් මෙතනදි සංජානා කැමතිවෙන්නෙ නෑ. ඊලඟට මෙයාගෙ යාලුවා කියනවා ඒ දවස්වල ඔයාගෙ පස්සෙන් ආව රාහුල්ව මට මේ ලඟඳි හම්බුනා. එයාගෙ හිතේ නම් තාම ඔයා ගැන අදහසක් තියෙනවා කියලා.
එතකොට සංජානා අහනවා රාහුල් මොනවද මෙහෙ කරන්නෙ කියලා. එතකොට යාලුවා කියනවා එයා ගොඩක් ප්‍රසිද්ධ ලෝයර් කෙනෙක්. ඔයා එයා එක්ක කතා කරොත් ඔයාට ජොබ් එකක් හොයාගන්න පුලුවන් වෙයි කියලා.
ඊලඟට සංජානා දුව රියාව අලුතෙන් ඉස්කෝලෙකට දාන්න යනවා. මොකද නැත්තම් දුවගෙ ඉගෙනීම කඩාකප්පල් වෙන හන්දා. සංජානාට හරිහමන් රස්සාවක් නෑ වගේ ප්‍රශ්න හන්ද ප්‍රින්සිපල් අදිමදි කරනව. කොහොමහරි ඒ වෙලාවෙ සංජාන හිතට ගන්නව කොහොමහරි රස්සාවක් හොයාගෙන රියාව මේ ඉස්කෝලෙට දාන්න.
ඒ විදියට තමයි එයා රාහුල්ව හම්බෙන්න යන්නෙ. සංජානා එතනදි රාහුල්ගෙන් රස්සාවක් ඉල්ලනවා. රාහුල් කියනවා එයා දන්න කම්පනි එකක් ගැන. සංජානා ඒ අනුව ඒ කම්පනි එකට යනවා රස්සාවක් ඉල්ලගන්න. එහෙම යද්දි එයා දකිනව පාර අයිනෙ ඉන්න අම්මා කෙනෙක් පොඩි දරුවෙක් හුරතල් කරනව. සංජානාට මතක් වෙනවා එයාගෙ අම්මා එයාව හුරතල් කරපු විදිය, නැටුම් කියල දිපු විදිය එහෙම. සංජානාට හොඳට නටන්න පුලුවන් නිසාම එයා නැටුම් තරගයකට යනවා. ඒ තරගෙන් දිනලා එයා ආපහු ගෙදර එද්දි කවදාවත් හිතුවෙ නැති දෙයක් තමයි වෙලා තියෙන්නෙ. එයා එච්චර ආදරේ කල එයාගෙ අම්මා එයාව දාලා ගිහිල්ලා.
ඊටපස්සෙ සංජානාගෙ තාත්තා අම්මා මියගිය දරුවව බලාගන්න කියලා කුඩම්මෙක්ව ගේනවා. ඒත් සුපුරුදු විදියට මේ කුඩම්මා සංජානට හරිම නරක විදියට සලකනවා. ඒ නිසාම පොඩි කාලෙ දුක්බර ජීවිතයක් ගෙව්ව සංජානා ලොකුවෙද්දි තමයි අරවින්ද් එක්ක යාලුවෙන්නෙ. අරවින්ද්ව විවාහ කරගන්නවට ගෙදරින් අකමැති උනත් තනි තීරණයක් ගන්න සංජානා ගෙදරින් එලියට බැහැලා යනවා. ඒ අරවින්ද්ගෙ ආදරේ විශ්වාස කරගෙන.
ඒ විදියට අරවින්ද්ගෙ ආදරේ විශ්වාස කරගෙන ගෙදරින් එලියට බැහැපු සංජානාට තමන්ගෙ දුව වෙච්ච රියා එක්ක ජීවිතෙන් තනිවෙන්න වෙන්නෙ ඇයි?
ඉතින් මොකද කියන්නෙ අද බලමුද සබාරි ෆිල්ම් එක?