අවුරුද්දට තෑගි බෝග

අවුරුද්ද සමරන්නට සතුටින් සූදානම් වන ඔබට ඒ සදහා උපකාර වන ලිපි පෙලක එක ලිපියක් ලෙස අප සිතුවා මේ මාතෘකාව තෝරා ගන්න. ඇත්තටම අවුරුද්දට ගන්න තෑගි බෝග ගැන අපට කොච්චර නම් කරදර තියෙනවද ?නේද මොනව තෝරාගන්නද කියලා.

ඉතින් වර්ග දෙකක පුද්ගලයන්ට අප අවුරුදු තෑගි දෙනවා. එකක් පවුලේ අයට සහ පවුලේ සමීප නෑ හිතවතුන්ට. ඉතින් ඒ තෑගි තෝරාගනිද්දී අපට ගැටලුවක් එන්නේ නැහැ. නමුත් ගැටලුවක් මතු වන්නේ ඉන් පිටත රවුමේ සිටින හිතවත් කම් අලුත් කරගැනීමට වසරකට වරක්වත් බැහැ දකින්න්න යන අය සම්බන්ධයෙන් තමා. ඒම නේද ? ඉතින් අපි බලමු එහෙම අය සඳහා කොහොමද අවුරුදු තෑගි බෝග තෝරගන්නෙ කියලා.

  • වවුචර් විදියට තෑගි ලබා දීම. වවුචරය ලස්සනට අසුරලා දුන්නාම වැඩේ හරි. එයාල ගිහින් කැමති දෙයක් ගන්නෙ නැතෑ නේද ? ඒත් වඩාත්ම සුදුසු ඇඳුම් මිලදී ගැනීමට වවුචරයක් දීමද එහෙම නැත්තම් නිවසක අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට වවුචරයක් දීමද කියලා නිවසේ සිටින අයගේ වයස් අනුව හිතමු. තරුණ දරුවන් ඉන්න පවුලක් නම් රෙදි පෙරෙදි මිලට ගැනීමට කැමති වෙයි.
  • කුඩා ඉලෙක්ට්‍රික් බඩු බොහොම අඩුවට පිට කොටුවෙන් ගන්න පුලුවන්. ලස්සනට අසුරලා දුන්නොත් හරිම ප්‍රයෝජනවත් වෙයි.
  • නිවසක පරිහරනය අවශ්‍ය බෙඩ් ෂීට්ස්, තුවා, වගේ දේවලුත් තෝරාගන්න පුලුවන්.
  • කුඩා දරුවන් සිටින නිවසකට නම් කතන්දර පොත්, සෙල්ලම් බඩු සමග කලවමට පාසල් උපකරන ගෙනයන්න පුලුවන්. ඔබේ නම සටහන් ලස්සනම ලස්සන කතන්දර පොතක් ඔවුන්ගේ මතකයේ හැමදාම තියේවි.
  • පලතුරු කියන්නෙත් තෑගි දෙන්න සුදුසුම දෙයක්. ලස්සනට අසුරගෙන ගෙනියන්නත් අමතක කරන්න එපා.
  • ඒ වගේම නිවසකට අවශ්‍ය දේවල් ඇතුලත් පෙට්ටියක්. ලස්සනට අසුරලා ගෙනියන්න පුලුවනි. කෝඩියල්, බිස්කට්, චොක්ලට් ඒ වගේම අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙහි බහාලන්න පුලුවනි.
  • වීදුරු සහ පිඟන් බඩු කියන්නෙත් ජනප්‍රිය තෑගි වලට අයත් වන එකක්. එහෙම නේද ?
  • මේ ඔක්කොටම වඩා ඔබ අතින් නිර්මානය කල දෙයක් මිල කල නොහැකි ත්‍යාග බවටත් පත් වේවි. එය ඉතින් කලබලේ කරන්න බැහැ. පෙර සූදානමක් ඇතිව කලයුතු වෙනවා.

ඒ වගේම මේ සියලුම තෑගි බෝග සමග නිවැසියන්ට සුබ පතන අවුරුදු කාඩ් එකකුත් ඔබට දමන්න පුලුවන්. මේක නම් ටිකක් අලුත් අත්දැකීමක් වෙයි සහ වෙලඳපොලේ එහෙම ඒවා නැති නිසා ඔබට ම නිර්මාණය කරගැනීමට සිදු වෙනවා. ඒ වගේම සියල්ලම එකම තැනකින් මිලට ගන්නට සහ දින කීපයකට පෙර අසුරා තබන්නට පුලුවන් නම් ඔබේ කටයුතු තවත් පහසු වේවි.

ඉතින් මේ කොයි තෑග්ග තෝරා ගත්තත් එය ඔබ අසුරන ආකාරයෙන් සහ පිලිගන්වන ආකාරයෙන් එහි අගය තව තවත් වැඩි වේවි. ඔන්න අමතක කරන්න එපා එහෙනම්.

-ඉරේෂා-

Related Articles

Don't Miss


Latest Articles