වර්තමානයේ ස්මාර්ට් ජංගම දුරකථනය එදිනෙදා ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත්වෙලා තියෙනවා . ජංගම දුරකථනය අපට බොහෝ දේවල් සඳහා විශාල පහසුවක් ලබා දෙන නමුත් දුරකථන භාවිතය ඇබ්බැහි වීම නම් එතරම් හොඳ දෙයක් නෙමෙයි. මෙය මානසික සෞඛ්‍යය, ඵලදායිතාව සහ සම්බන්ධතා කෙරෙහි ඍණාත්මක බලපෑමක් එල්ල කරනවා.ඒ නිසා දුරකථන භාවිතයට ඇබ්බැහිවීම වළක්වා ගැනීමට හැකි ක්‍රම කිහිපයක් ගැනයි අපි අද ඔබට කියන්නේ.
තිර කාලය සමඟ සීමාවන් සකසන්න
දුරකථන භාවිතය අඩු කිරීමට ඇති පහසුම ක්‍රමයක් නම් ඔබ ඔබේ දුරකථනය සමග දිනකට ගත කරන කාලය පිළිබඳ සීමාවන් සැකසීමයි. ඇමතුම් සහ කෙටි පණිවිඩ , අනෙකුත් අත්‍යවශ්‍ය කාරණා හැරුණුකොට සමාජ මාධ්‍ය, ප්රවෘත්ති, හෝ ක්‍රීඩා වැනි දේවල් සඳහා ඔබ දුරකථනය භාවිතා කරන කාලය සඳහා ඔබ ඔබටම සීමාවන් සකස් කර ගන්න. මුලින්ම කුඩා කාලයකින් එය ආරම්භ කර එම කාලය ක්‍රමානුකූලව වැඩි කර ගන්න.
නිවස තුළ දුරකථනයෙන් තොර කලාප සහ අවස්ථාවන්
ඔබගේ නිවසේ දුරකථනය භාවිත නොකළ යුතු කලාප නම් කරගන්න. උදාහරණයක් වශයෙන් කෑම මේසය , නිදන කාමරය සහ පවුලේ සියලු දෙනා එකට එක්වන අවස්ථාවන් වලදී දුරකථන භාවිතයෙන් වලකින්න. මෙම පුරුද්ද ඔබේ ජීවිතයට පුරුදු කර ගැනීම මගින් පවුලේ අය සමඟ ඔබට ඇති සම්බන්ධතාවය වඩාත් ශක්තිමත් සහ සෞඛ්‍ය සම්පන්න බැඳීමක් බවට පත්කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.
අනවශ්‍ය දැනුම් දීම් ( Notifications ) අක්‍රිය කරන්න
ඔබේ දුරකථනයෙන් ඔබට නිතරම ලැබෙන දැනුම් දීම් ( Notifications ) අක්‍රිය කර දමන්න.විවිධ ඇප්, සමාජ මාධ්‍ය , ප්රවෘත්ති සහ ක්‍රීඩා මගින් ඔබට නිතර නිතර ලැබෙන මෙවැනි දැනුම් දීම් ඔබව දුරකථනය නිතර භාවිතා කිරීමට පොළඹවනවා. එවැනි දැනුම්දීම් නිසා ඔබ වරින් වර දුරකථනය පරීක්ෂා කිරීමට පෙලඹෙන නිසා එම දැනුම්දීම් අක්‍රිය කර ඔබ දුරකථනය පරීක්ෂා කරන විට පමණක් ඒවා කෙරෙහි අවධානය යොමු කරන්න.
Digital Detox පුරුද්දක් අනුගමනය කරන්න
ඔබගේ දුරකථනය සම්පූර්ණයෙන්ම විසන්ධි කිරීමට සෑම සතියකම දිනයක් හෝ නිශ්චිත කාලයක් නියම කරගන්න. මෙය සති අන්තයේ හෝ වැඩ කරන දිනය අවසානය වුවත් විය හැකිය. කියවීම, ව්‍යායාම කිරීම හෝ ආදරණීයයන් සමඟ ගුණාත්මක කාලයක් ගත කිරීම වැනි ක්‍රියාකාරකම්වල යෙදීමට එම කාලය භාවිතා කරන්න.
විනෝදාංශවල නිරත වන්න
ඔබගේ දුරකථනය ඔබට අවශ්‍ය නොවන ක්‍රියාකාරකම් සහ විනෝදාංශ තෝරා ගන්න. එය පින්තාරු කිරීම, කඳු නැගීම, අලුත් ආහාර වට්ටෝරු අත්හදා බැලීම , කියවීම , ලිවීම හෝ සංගීත භාණ්ඩයක් වාදනය කිරීම වැනි ඕනෑම ගුණාත්මක ක්‍රියාකාරකමක් විය හැකියි. මෙවැනි විනෝදාංශවල යෙදීම මගින් ඔබේ මානසික ආතතිය අඩු කිරීම , ඔබේ ජීවිතයට ගුණාත්මක කාලයක් ලබාදීම සහ ඔබේ එදිනෙදා ජීවිතයේ පලදායිතාවය වැඩි කිරීම සිදු වනවා.
නින්දට පෙර දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම නතර කරන්න
නින්දට අවම වශයෙන් පැයකට පෙර “දුරකථනයක් නැත” යන රීතිය අනුගමනය කිරීමට පුරුදු වන්න. ඔබ නිදා ගැනීමට සූදානම් වූ පසු ඊමේල් පරීක්ෂා කිරීම , සමාජ මාධ්‍ය භාවිතා කිරීම හෝ දුරකථනය සම්බන්ධ වෙනත් ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් වළකින්න. දුරකථන තිරයේ ඇති නිල් ආලෝකය ඔබගේ නින්දට බාධා ඇති කළ හැකි අතර ගුණාත්මක නින්දක් ලබා ගැනීම කෙරෙහි බලපෑම් එල්ල කරනවා.එය පසු දින දවස පුරාම ඔබට උදාසීන බවක් දැනීමට පවා හේතුවක් විය හැකි වනවා.
දුරකථනයට ඇබ්බැහි වීම මගින් ඔබට සැබෑ ලෝකයේ බොහෝ දේවල් මගහැරීම සිදුවිය හැකියි. විශේෂයෙන්ම ඔබගේ එදිනෙදා ජීවිතය කෙරෙහි සහ ඔබගේ සම්බන්ධතා කෙරෙහි බලපෑම් ඇති කිරීම මෙමගින් සිදුවනවා. දුරකථනය යනු අත්‍යවශ්‍ය තාක්ෂණික මෙවලමක් වුවත් එයට ඇබ්බැහි එතරම් සුදුසු දෙයක් නොවන නිසා ඉහත සඳහන් කළ පුරුදු අනුගමනය කිරීම මගින් එවැනි ඇබ්බැහිවීම් වළක්වා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.
ReplyForwardAdd reaction |