රස කර කර කෑවට මේ දේවල් දැනගෙන හිටියද?

ඇඹරැල්ලා කියන්නෙ පළතුරක් වුනත් ලංකාවෙ අපි නන් පළතුරක් විදිහට ඇඹරැල්ලා ආහාරයට ගන්නවට වඩා ව්‍යාංජනයක් විදිහට පිළියෙල කරල ආහාරයට ගන්න අවස්ථා වැඩියිනෙ.

ලංකාවෙ විතරක් නෙමෙයි ඉන්දියාව, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, ජැමෙයිකාව සහ බාබඩෝස් වගේ රටවල් වලත් මේ ක්‍රම දෙකටම ඇඹරැල්ලා ආහාරයට ගන්නව. 

ෆයිබර්, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, පොස්පරස්, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, විටමින් A, B සහ C වගේ පෝෂක රාශියකින් සමන්විත ඇඹරැල්ලා රත්තරං ඇපල් එහෙමත් නැත්නම් golden apple කියල හඳුන්වනව කියලත් ඔබ දැන හිටියද? 

ඉතිං smart lady අපි අද කතා කරන්නෙ අපි හොඳටම දන්න ඇඹරැල්ලා වල නොදන්න ගුණ මොනවද කියලයි. 

එහෙනම් එන්නකෝ අපි බලමු ඒ මොනවද කියල? 

ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි

ඇඹරැල්ලා වල අඩංගු ජලය සහ තන්තු විජලනය වළක්වා බඩවැල් පිරිසිදු කිරීමට දායක වෙනවා. 

එමඟින් මළ බද්ධය ආශ්‍රිත රෝග ලක්ෂණ වැළක්වීම සිදුවෙනවා.

ඔබට මළබද්ධය නිසා ඇතිවෙන ලිහිල් මළපහ ලක්ෂණ තියෙනව නම් ඇඹරැල්ලා වල තන්තු වල එම තත්වය වළක්වන්නත් හැකියාව තියෙනවා.

ඊට අමතරව මේ තන්තු රුධිර පීඩනය සහ කොලෙස්ටෙරෝල් අඩු කරන නිසා හෘද සෞඛ්‍යය නිසි පරිදි පවත්වා ගන්නත්, දියවැඩියා රෝගීන්ගේ ඉන්සියුලින් ප්‍රතිරෝධය පවත්වා ගන්නත් උපකාරී වෙනවා. 

ඊටත් අමතරව ආහාරමය තන්තු වල මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ අවම කිරීමෙන් මානසික නීරෝගීතාව වැඩි දියුණු කිරීමත් සිදුකරනවා.

දැවීම් සමනය කරයි

ඇඹරැල්ලා ගස් වල පොතු අතීසාරය, බඩ දැවිල්ල සහ දැවිල්ල නිසා ඇතිවෙන උගුරේ අමාරුව වැනි තත්ව සඳහා වෛද්‍ය නිර්දේශ සහ ක්‍රම අනුව භාවිතා කිරීමත් සිදුකරනවා.

පෙනීම වැඩිදියුණු කරයි

ඇඹරැල්ලා වල විටමින් A අඩංගු වෙලා තියෙනව කියල අපි කතා කරා ඔබට මතක ඇතිනෙ.

ඒ නිසා ඇඹරැල්ලා ආහාරයට ගැනීම පෙනීම වැඩිදියුණු කරන්න වගේම ඇඹරැල්ලා කොළ වලින් සෑදු කසායන් ඇස්වල වේදනාවට ප්‍රතිකාර කිරීමටත් සමහර ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවලටත් භාවිතා කරන බව සඳහන් වෙනව.

දරාගැනීම වැඩිකරයි

ඇඹරැල්ලා වල සුක්‍රෝස් ලෙස ගබඩා වෙලා තියෙන සීනි අඩංගු වෙනව.

විශේෂයෙන්ම බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ ආහාර වේල තුළ මේ ස්වභාවික කාබෝහයිඩ්‍රේට් ඇතුළත් වීම ඉතාම වැදගත් වන්නෙ ඉක්මණින් දහනය වී ඔවුන්ට අවශ්‍ය ශක්තිය ලබාදීම ඒ මඟින් සිදුකරන නිසයි.

අකලට වයස්ගත වීම වළක්වයි

විටමින් C වලින් පොහොසත් ඇඹරැල්ලා අකලට වයස්ගත වීමේ ලක්ෂණ පාලනය කරන්න ඉතාම වැදගත් කාර්‍යභාරයක් ඉටුකරනවා.

ස්වභාවික ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියාකරල සූර්‍ය විකිරණ, පරිසර දූෂණය සහ දුම්පානය වගේ හේතු නිසා ඇතිවෙන නොමේරූ වයස්ගත වීම පාලනය කරන්න උදව් කරනවා.

ඇස් සහ දත් වල නීරෝගී බව පවත්වා ගනී

ඇඹරැල්ලා වල අඩංගු කැල්සියම් සහ පොස්පරස් අස්ථි නීරෝගි කරන්නත් සැපීම, ඇඹරීම සහ අධික උෂ්ණත්වයෙන් දත්වල එනැමලය ආරක්ෂා කර දත් ශක්තිමත් කරන්නත් ඇඹරැල්ලා වලට පුළුවන්. 

මීට අමතරව ඇඹරැල්ලා වල අඩංගු විටමින් C නිසා, සම යථා තත්වයට පත්කර සමේ තෙතමනය පවත්වා ගන්නත් කොලැජන් නිෂ්පාදනය වැඩිකර සමේ නීරෝගීබව වැඩිකරනත් උපකාරී වෙනව වගේම ප්‍රතිශක්තිය වැඩි කරන්නත් උපකාර කරනවා.

ශරීරයේ අනවශ්‍ය බර අඩු කරන්න ආහාර පාලනය කරන ඔබේ ආහාර වේලටත් ඇඹරැල්ලා එකතු කර ගැනීම ඉතාම හොඳ විසඳුමක්.

එහෙනම්, මේ ගුණාංග ගැන දැනගෙනම ඊළඟ වතාවෙ ඉදල ඇඹරැල්ලා ආහාර වේලට එකතු කරගන්න දැන් ඔබට පුළුවන්. 

සටහන – දුලානි නවෝද්‍යා 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles