ආදරේ උපරිමයෙන්ම දැනෙනකොට අපි නිකමට වගේ කියනවා නේද, මම ඔයා වෙනුවෙන් මරාගෙන මැරෙන්න වුනත් ලෑස්තියි කියලා. ඒ වගේම සමහර වෙලාවට කියනවා මම ඔයා වෙනුවෙන් මරන්නත්, මැරෙන්නත් ලෑස්තියි කියලා. අපි කට වචනේට මෙහෙම කියනවා වුනාට මෙන්න මේ කතාව කියවලා ඉවර වුනාම නම් ඔයාලාට හිතෙයි එහෙම කියන එකත් ලේසියෙන් සුලුවෙන් ගන්න බැරි බව.
මයුරීන් සහ ස්මිත් කියන්නේ එකිනෙකා ගැන බොහොම ආදරයෙන් ජීවත් වුන යුවලක්. දවසක් රෑ ස්මිත් කලබලයෙන් ගෙදර එනවා. ඒ ඇවිල්ලා ගේට්ටුවත් කලබලෙන්ම වහලා පුටුවක වාඩි වෙනවා.
” ඇයි මේ ඔයා කලබලෙන් ඉන්නේ ?..”
මයුරින් ස්මිත් ළඟට ඇවිල්ලා එහෙම අහනවා. ඒත් ස්මිත් ඒකට උත්තර දෙන්නේ නැහැ.
” තේ එකක් බීලා ඉමුද ?.. මට මහන්සියි…”
ඊට පස්සේ මයුරින් තේ එකක් හදාගෙන ඇවිල්ලා ඒක ස්මිත්ට දීලා ළඟින් වාඩි වෙලා බලාගෙන ඉන්නවා. ස්මිත් කිසිම දෙයක් නොකියා එක හුස්මට තේ එක බීලා ඉවර කරනවා. ඒත් වැඩි වෙලාවක් යන්න කලින් ස්මිත් ඒ තේ එක වමනේ කරනවා.
” ඇයි ..? ඔයා අසනීපෙන්ද ?…”
” නැහැ .. මට තේරෙන්නේ නැහැ මේක කොහොමද ඔයාට කියන්නේ කියලා..”
එහෙම කියලා, ටික වෙලාවක් නිහඬව ඉන්න ස්මිත් එදා රෑ සිදු වුන ඒ අතිශය භයංකර සිදුවීම ගැන මයුරින් එක්ක කියනවා. මයුරින් හොඳටම කලබල වෙනවා.
” අපි තවත් මේක හංගගෙන ඉන්න එක හොඳ නැහැ.. අපි ඉක්මනට පොලිසියට මේ ගැන කියමු ..
මයුරින් එහෙම කියනවා. පහුවෙනිදා උදේම මේ දෙන්නා එක්ක ටවුමට ගිහින් පොලිසියට මේ ගැන කියනවා. පොලිසියෙන් වහාම ස්මිත්ව පොලිසියට කැඳවගෙන මේ ගැන ප්රශ්න කරනවා. ස්මිත් පොලිසියට ඇත්තම කියනවා.
” මම ඇතුලට ගිහින් ටික වෙලාවකින් මට කෑ ගැහිල්ලක් ඇහුණා… ඒත් එක්කම මට ඇහුනා මයිරා කෑ ගහලා කියනවා ඩේව් එයාට උදව් කරන්න කියලා… මට කරන්න ඕනි දේ හිතාගන්න බැරි වුනා.. ඒත් මම ඇතුලට ගියා. මම දැක්කේ සාලේ මැද වැතිරිලා උන්න තරුණයෙක්ව.. ඒ තරුණයාගේ ඇඟෙන් බාගයක් තිබුනේ සෙටියේ උඩ.. කකුල් හරිය බිමට වැටිලා තිබුණා…. ඒ තරුණයාගේ කකුල් අතරෙන් බ්රැඩි හිටගෙන ඉන්නවා මම දැක්කා… මම එතැනම නැවතුනා…
මම දැක්කා බ්රැඩි ඒ තරුණයාට පහර දෙන්න සූදානම් වෙන බව… ඒත් මට කරන්න කිසිම දෙයක් තිබුනේ නැහැ… බ්රැඩි ඒ තරුණයාගේ ඔලුවට ගැහුවා.. ඊට පස්සේ ඔහුව ඇදලා අරගෙන විදුලි රැහැන් ගොඩකට තල්ලු කලා… ඔහු මිය ගියා ….”
මේ කතාවෙන් පස්සේ බ්රැඩි සහ මයිරා යුවල විසින් 1963 ඉඳන් 1965 වෙනකල් කරපු ළමා ඝාතන මාලාවක් එලියට ඇදෙන්න පටන් ගත්තා. මිනීමරු යුවලක් සිදු කරපු අමානුෂික දේවල් එකින් එක දිග ඇරෙන්න ගත්තා.
ස්මිත් සහ බ්රැඩි කියන්නේ මස්සිනාලා දෙන්නෙක්. මයිරාගේ නැගණියව තමයි ස්මිත් විවාහ කරගෙන උන්නේ. බ්රැඩි සහ මයිරා විවාහ වෙලා සාමාන්යෙන් සැනසිලිදායක ජීවිතයක් ගෙවමින් උන්න දෙන්නෙක්. එක කාලේකදී බ්රැඩිට අමුතු අදහසක් එනවා.
” අහන්න මයිරා… මට අමුතු ආශාවක් තියෙනවා…”
” මොකක්ද ඒ ?..”
” මට අංග සම්පූර්ණ මිනීමැරුමක් කරන්න ඕනි ….ඔයා මට ඒකට උදව් කරනවාද ?..”
තමන්ගේ සැමියාගේ ආශාව වෙනුවෙන් උදව් කරන්න සූදානමින් උන්න මයිරා එක පයින්ම එකඟ වෙනවා. ඊට පස්සේ දෙන්නා එක්ක ඒ ගැන සැලසුම් කරගෙන, ඔවුන්ගේ වාහනයෙන් නිවසින් පිටත් වෙනවා.
” එහෙනම් ඔයා මෙතනින් බැහැලා පයින් එන්න .. මම හෙමින් වාහනේ අරගෙන යන්නම්..තනියම යන කෙනෙක් දැක්කම මම ඔයා දිහා බලන්නම් .. ඊට පස්සේ ඒ කෙනාව කතාවට අල්ලගෙන ඔයා ඒ කෙනාව වාහනේ ළඟට එක්කගෙන එන්න …ඊට පස්සේ අපි එයාව වාහනේට දා ගමු ..”
මයිරා බ්රැඩිගේ යෝජනාවට එකඟ වෙනවා. දෙන්නාට ඉස්සරවෙලාම හමුවෙන්නේ මයිරාගේ අම්මාගේ ගෙවල් කිට්ටුව ඉන්න අවුරුදු අටක විතර ගෑණු ළමයෙක්. මයිරා ඒ ළමයාව මඟ අරිනවා. ඊට ටික දුරක් ඉස්සරහට යනකොට මයිරාට හමුවෙනවා, මයුරින් ගේ පාසැල් මිතුරියකගේ දියණියක් . බ්රැඩි සහ මයිරා එකිනෙකාට ඉඟි කරගන්නවා. මයිර ඒ ගැහැණු ළමයා දිහාවට ලං වෙනවා.
” යමූ … මම ඔයාව ඇරලවන්නම් …”
ඒ ගෑණු ළමයා මයිරාව අඳුනගෙන දෙපාරක් නොහිතාම මයිරා එක්ක එකඟ වෙනවා. තුන් දෙනා එක්ක වාහනේ ටික දුරක් යනකොට මයිරා කියනවා එන මඟකදී ඇගේ අත් පළඳනාවක් නැති වෙලා වග.
” අනේ .. ඒක මට ගොඩක් වටිනවා…”
” මට පරක්කු වෙන්නේ නැහැ ..අපි ගිහින් ඒක හොයමු …”
ඒ ගෑණූ ළමයා කිව්වාම, බ්රැඩි වාහනේ හරවගන්නවා. මඟක් දුර ගිහින් වාහනේ නවත්තලා බ්රැඩි වාහනෙන් බැහැලා පාර දිගේ පළඳනාව හොයන බව පෙන්වමින් ඇවිදිනවා.
” ඔයා ඔහොම ඉන්නකෝ එහෙනම්, මමත් ගිහින් පළඳනාව තියෙනවාද බලලා එන්නම් …”
වාහනේට වෙලා බලාගෙන ඉන්න මයිරාට එහෙම කියලා, ඒ ගෑණු ළමයා බ්රැඩි පස්සෙන් යනවා. ඊට ටික වෙලාවකට පස්සේ මයිරාට ඒ දෙන්නාව නොපෙනීම යනවා. ටික වෙලාවකින් බ්රැඩි ඇවිල්ලා මයිරාට කතා කරනවා.
මයිරා බ්රැඩිගෙ පස්සෙන් කැලෑව දිහාවට ඇවිදගෙන යනවා.එතකොට මයිරා දකිනවා කැලෑවේ බිම වැතිරිලා උන්න ගෑණූ ළමයාව. ඇගේ ගෙල ප්රදේශයෙන් රුධිරය ගලාගෙන යන බව දකින මයිරා බයෙන් වගේ බ්රැඩි දිහා බලනවා. ඒත් බ්රැඩි ඉන්නේ කිසිම වගක් නැතුව.
ඊට පස්සේ බ්රැඩි කියනවා තමා ඇයව දූෂණය කල බවත්, දැන් ඇයව මරා දමන්නට අවැසි බවත්. දෙන්නා එක්ක එකතු වෙලා රූඩි කියන මේ ගෑණු ළමයාව මරලා දාලා , ඒ කැළෑවෙම මේ ළමයාව වල දාලා ගෙදර යනවා.
ඉන් ටික කාලේකට පස්සේ බ්රැඩිට ආයෙම ඔහුගේ ආශාව වෙනුවෙන් බිල්ලක් ගන්න උවමනා වෙනවා. ඉන් පස්සේ ජෝන් කියන පාසැල් ළමයාව ඔවුන් වාහනේට නංවගන්නේ ගෙදරින් ඇරලවන්නම් කියලා. ටික දුරක් යනකොට බ්රැඩි ජෝන් ට මෙහෙම කියනවා.
” ඔයාට කැමති නම් මට ඔයාට ශෙරි බෝතලයක් දෙන්න පුලුවන් .. මගේ ළඟ වැඩිපුර තියෙනවා.. ඒත් අපේ ගෙදර යන්න එන්න ඕනි …”
ජෝන් ඒකට එකඟ වුන නිසා, ජෝන් නොදන්න පාරක් දිගේ එක්කගෙන යන බ්රැඩි, ජෝන්ව ලිංගික අතවරයට ලක් කරලා මරලා දානවා. ඒ බ්ලේඩ් තලයකින් ගෙල කපලා සපත්තු ලේස් එකකින් ගෙල හිර කරලා. දෙන්නා එක්ක මේ ළමයාවත් වළලනවා.
මයිරා මේ සිදුවීමේත් සාක්ෂිකාරියක් වෙනවා.
ඉන් පස්සේ බ්රැඩි බිලිගන්නේ තමන්ගේ ආච්චිගේ ගෙදර යමින් උන්න කීත් කියන පිරිමි ළමයාව. මයිරා ඔහුගෙන් උදව් ඉල්ලනවා වාහනේට බඩු වගයක් පටවගන්න. ඉන් පස්සේ ඔවුන් කීත්ව රවට්ටගෙන කලින් වගේම හුදෙකලා තැනකට අරගෙන ගිහින් මරලා දානවා. ඒ ලිංගික අතවරයන්ට ලක් කරලා ගෙල හිර කරලා. ඔවුන් කීත්වත් හොයාගන්න නොහැකි වෙන්න වළලනවා.
ඊටත් ටික කාලෙකට පස්සේ මේ මිනීමරු යුවල ඔවුන්ගේ නගරයේ තිබුන විනෝද උත්සවයකට යනවා. එතැනදී ඔවුන් ගොදුරු කරගන්නේ ඈන් කියන පොඩි ගැහැණු ළමයාව. එතැනදීත් බ්රැඩි සහ මයිරා ඈන්ව රවට්ටගෙන ඔවුන්ගේ ගෙදරට එක්කගෙන යනවා. ඉන් පස්සේ මයිරා ඉදිරියේම ඈන්ව දූෂණය කරන බ්රැඩි ඇගේ නිරුවත් සේයාරුවන් පවා ගන්නවා. ඊට පස්සේ ඇගේ වේදනාත්මක හඬ පටිගත කරනවා.
“අනේ මට ගෙදර යන්න දෙන්නකෝ …”
ඇය එහෙම කෑ ගහද්දීම ඔවුන් ඇයව මරලා දානවා. ඇයවත් නොගැඹුරු තැනක වළලනවා.
ඔවුන්ගේ ඊළඟ ගොදුර වෙන්නේ ආධුනික ඉංජිනේරුවරයෙක් වුන එඩ්වර්ඩ් කියන තරුණයාව. බ්රැඩි එතැනදී එඩ්වර්ඩ්ව ලිංගික ඇසුරක් වෙනුවෙන් නිවෙසට කැටුව යනවා. ටික වෙලාවකින් බ්රැඩි මයිරාට කියනවා ස්මිත්ව එක්කගෙන එන්න කියලා.
ඊට පස්සේ ස්මිත් සහ මයිරා ගෙදර එනකොටම ඔහු දකින්නේ තරුණ කොල්ලෙක්ව මරන්න සූදානමින් ඉන්න තමන්ගේ මස්සිනාව. ස්මිත් මේ සිදුවීම බලාගෙන ඉඳලා, වහාම ගෙදර යන්නේ උදේට එඩ්වර්ඩ්ගේ මිනිය වළලන්න ගෙනියන්න එන්න පොරොන්දු වෙලා.
අපි කතාවේ මුලින් කීවා වගේ, ස්මිත් පොලිසියට මේ ගැන කිව්වාම පොලිසිය ඉන් පස්සේ බ්රැඩි සහ මයිරා පස්සෙන් එලවන්න ගන්නවා. පොලිස් නිළධාරින් බ්රැඩිව ප්රශ්න කරන්න පටන් ගන්නවා.ඒ වගේම නිවස සෝදිසි කරන්න පොලිසිය කටයුතු කරනවා. එතැනදී ඔවුන්ට හොයාගන්න ලැබෙනවා මරලා දාලා තිබුන තරුණ ඉංජිනේරුවාව.
බ්රැඩි ඉන් පස්සේ තමා සිදුකරපු හැමදේම පාපොච්චාරණය කරනවා. මයිරා මේ හැමදේකටම වක්රව සම්බන්ධ බව පොලිසිය තේරුම් ගන්නවා. අවූරුදු ගණනක් තිස්සේ තමන්ගේ දරුවන්ට සිදු වුන දෙයක් ගැන නොදැනගෙන උන්න දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන් මිහිදන් වුන තැන් ගැන හොයලා දෙන්න පොලිසියට පුලුවන් වෙනවා. ඒත් මිනීමරු යුවලකගේ කුරිරු ආශාවන් නිසා ජීවිත වලින් වන්දි ගෙවපු දරුවන්ට සාධාරණයක් නම් ලැබෙන්නේ නැහැ
ReplyForwardAdd reaction |