ඇමරිකාවට ගියත් මෙන්න මෙතනට නම් යන්නම එපා!

අපි ඕන තරම් අහලා තියෙනවනෙ ඔය ශාපලත් තැන්, මිනිස්සු බිලිගන්න අඳුරු ගුහා, හොල්මන් ඉන්න ගෙවල් එහෙම ගැන නේද?

ඉතින් අද මේ ආඅටිකල් එකෙනුත් අපි ඔයාලා එක්ක කතාකරන්න යන්නෙ අන්න ඒ වගේම තවත් අද්භූත තැනක් ගැන තමයි. අපි අහලා තියෙනව සහ Smartlady ඔස්සේ අපි ඔයාලා එක්ක බෙදාගෙන තියෙනවා ශාප වැදුණ, හොල්මන් අරක් ගත්ත බෝනික්කො එහෙම ගැනත්. ඒ වගේ කතා නම් ඉතිහාසය පිරික්සුවම අපිට ඕන තරම් අහන්න ලැබුණට විලකට එහෙම නැත්තක් Lake එකකට එහෙම හොල්මන් ශාපයක් වැදෙන්න පුලුවන් කියල ඔයා හිතනවද?

අන්න ඒ ගැන තමයි අපි අද කතා කරන්න යන්නෙ.

ශාපලත් විල

මේ ශාපලත් විල තියෙන්නෙ ඇමරිකාවේ ජෝර්ජියා වල. විලේ නම තමයි Lake Lanier. මේක අවුරුදු 70ක් තිස්සෙ මිනිස්සු සිය ගණනකගෙ ජීවිත බිලි ගත්ත විලක් විදියට ප්‍රසිද්ධ වෙච්ච තැනක්. මේ විදියට නැතිවෙච්ච ජීවිත නැතිවෙන්න හේතු වෙච්ච කාරණා එකිනෙකට වෙනස්. සමහර ජීවිත අහිමිවීම් හරිම අද්භූත ඒවා. ඒවා ගැන හොයාගෙන යද්දි තමයි මේ විල පිටිපස්සෙ හැංගිලා තිබුණ අතීත කතාවක් ගැන විස්තර හම්බුවෙන්නෙ.

අතීත කතාව

ඇමරිකාවෙ උතුරු අත්ලන්තා වලට පැය කිහිපයක දුරෙන් තමයි මේ විල පිහිටලා තියෙන්නෙ. ඒක අක්කර ගානක කැලෑවකින් වටවෙලා තමයි තියෙන්නෙ.මේක Man made lake එකක්. එහෙමත් නැත්තම් මිනිසුන් විසින් නිර්මාණය කරන ලද ජලාශයක්. ඒ 1956 අවුරුද්දෙදි.

වර්තමානය වෙද්දි සම්පුර්ණයෙන් වතුරෙන් යටවෙලා තිබුණත් ඒ කාලෙදි ඔස්කාවිල් කියන, ගොවිතැන්වලින් යැපුණ ජනාවාස කිහිපයක්ම මේ විල වටා ජීවත්වෙලා තියෙනවා කියන එක තමයිි ඉතිහාස කතාවෙ ලියවෙන්නෙ. මෙතන පවුල් සියයකට නවාතැන් සපයපු ගම්මානයක් කියල කියනවා. එක්තරා පරපුරකට අයිති වෙච්ච කලු ජාතිකයන් පිරිසක් තමයි මේ ඔස්කාවිල් කියන ගමේ පදිංචි වෙලා ඉඳලා තියෙන්නෙ.

1950 මුල් කාලෙදි අත්ලන්තා වල ජනගහනය වැඩි වීමත් එක්ක මිනිස්සුන්ට Power සහ Water වල තියෙන අවශ්‍යතාවය වැඩිවෙලා තියෙනවා. ඒ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න තමයි ඇමරිකානු රජය ඉංජිනේරුවන් පිරිසක් ජෝර්ජියා වලට එවලා තියෙන්නෙ. ඒකෙදි එයාලා බලාපොරොත්තු වෙලා තියෙන්නෙ පරම්පරා ගණනාවක් තිස්සෙ මේ කලු ජාතිකයන්ට ජලය සපයපු Chattahoochee River එක භාවිතා කරල ලොකු Dam එකක් හදන්න. ඒකට රජයේ අනුමැතිය ලැබිලා තිබුණත් රජයට තිබුන ලොකුම ගැටලුව තමයි ඒ අවට ජීවත්වෙච්ච ඔස්කාවිල් කියන ගමේ පදිංචි වෙලා උන්නු මිනිස්සුන්ව කොහොමද එතනින් ඉවත් කරන්නෙ කියන එක.

ඔස්කාවිල් ගමේ මිනිස්සු මොකද කරේ?

මේ ප්‍රශ්නෙට විසඳුමක් විදියට රජය දීලා තියෙන උත්තරේ තමයි ඔස්කාවිල් වල ජීවත්වෙච්ච මිනිස්සුන්ට එයාලගෙ ගෙවල් සහ වතුපිටි, කුඹුරු එහෙම කුණු කොල්ලෙට රජයට විකුණන්න කියපු එක.

මේ මිනිස්සු අතරෙ හිටිය හෙන්‍රි කියන 81 හැවිරිදි ගොවියට 1948 දි තමන්ගෙ අක්කර සියයක් විතර වෙන ගොවිපොල රජයට විකුණන්න වෙලා තියෙන්නෙ ඩොලර් 4100 වගේ සුලු මුදලකට තමයි.

අනිත් ගොවියන්ගෙ කතාවත් ඊට වඩා වෙනසක් නෑ. තමන් අමාරුවෙන් ගොඩනගපු ඉඩම් එහෙම දාලා යන්න මිනිස්සු කැමති උනත් පරම්පරා ගාණක් තිස්සෙ තමන් එකතුකරගත්ත මතකයන් උරුමයන් දාලා යන්න මේ මිනිස්සු කැමති වෙලා නෑ.මිනිස්සු එකතුවෙලා මේකට විරුද්ධව උද්ගෝෂණ පැවැත්වුවත් රජය තමන්ගෙ තීරණේ වෙනස් කරන්න හිතලා නෑ.

අවුරුදු හතකට පස්සෙ…

අවුරුදු හතක් පුරාවට කෙරීගෙන ගිය මේ දෙපැත්තට ඇදිල්ල අවසන් වුණේ අවුරුදු හතකට පස්සෙ රජයට ඕන දෙයක් කරගන්න කියල තම තමන්ගෙ ගෙවල් දොරවල් එහෙම අත හැර දාලා මිනිස්සු යන්න සූදානම් වුනයින් පස්සෙ.

ඒ විදියට පරම්පරා ගණනාවක් තිස්සෙ ඔස්කාවිල් මිනිස්සුන්ට නවාතැන් සැපයුව ඒ ඉඩකඩම් යට කරගෙන විලක වතුර පිරවුණා. ඒ විල තමයි අද වෙද්දි Lake Lanier කියලා හඳුන්වන්නෙ.

විල අසල ඝාතන

1912 දි තමයි ගමට යාබද කැලෑවක තිබිලා හම්බුවෙන්නෙ මේ ක්‍රෝ කියන අවුරුදු 18ක් වයසක තරුණ ගැහැණූ ළමයගෙ මල සිරුර. ඒ ළමයව දූශණය කරල ඔලුවට ගලකින් ගහලා තමයි මරලා දාලා තියෙන්නෙ. මේ සිදුවීමට සැකපිට අත් අඩංගුවට ගන්නවා ඔස්කාවිල් ගමේ උන්නු කලු ජාතිකයින් පස් දෙනෙක්ව. කිසිම ප්‍රබල සාක්කියක් නැතුව සුදු ජාතිකයන් පමණක් ඉන්න ජූරියකදි ඒ සැකකරුවන්ව විභාග කරනවා. මිනිස්සු මේකට විරුද්ධව පාරට බහිනව.මේ අතරෙදි තමයි මේ සිදුවීමට සැක පිට අත් අඩංගුවට ගත්ත එක් සැකකරුවෙක් වෙන රොබට් එඩ්වර්ඩ්ස් එහෙම නැත්තම් බිග් බොබ්ව එල්ලා මරන්නෙ.

තවත් සැක කරුවෙන් වෙච්ච අර්නස්ට් නොක්ස් කියනව එයාටත් කිව්වා කියල වරද පිළීගත්තෙ නැත්තම් එල්ලා මරනවා කියලා. කොහොමහරි මේ සිදුවීම ඔස්කාවිල්වල උන්නු කලු ජාතිකයන්ව ඒ ප්‍රදේශයෙන් ඉවත් කරන්න ලොකු හේතුවක් වුනා කියල තමයි සඳහන් වෙන්නෙ.

වටපිටාවෙ තියෙන ලස්සන නිසා Lake Lanier බලන්න සංචාරකයන් ආවත් ගොඩක් අය මේ අතීත කතාව මෙච්චර දුක්බර එකක් කියලා දන්නෙ නෑ.

නටඹුන් නගරය

බෝට්ටු එහෙම ගමන් කරන්න අදහසක් තිබුණ නිසා ගම්මානයේ තිබුණ සියලුම ගොඩනැගිලි කඩා ඉවත් කල යුතු බව දැනගෙන හිටියත් තමන්ගෙ පහසුව තකා රජය කලේ ඒ කිසිම ගොඩනැගිල්ලක්, ඉදිකිරීමක් ඉවත් කරන්නෙ නැතුව සම්පූර්ණයෙන්ම ගම්මානය වතුරෙන් යට කරලා දාපු එක.

අදටත් කිමිදිල බැලුවොත් වතුරෙන් යට වෙලා ගිය ගම්මානයක නටඹුන් විල් පතුලේ දකින්න ලැබෙනවා. ඒ අතරෙ ගෙවල්, පල්ලි වගේම සොහොන් රාශියකුත් තියෙනව. මේ සොහොන්වල තැන්පත් කරලා තිබුණ මල සිරුරු මේ විදියට වතුරෙන් යට කරන්නෙ නැතුව වෙන තැන්වල ගෞරවාන්විතව තැන්පත් කරන්න කියලා ගම්මානෙ වාසියො රජයෙන් ඉල්ලුවත් එහෙම කරේ මියගිය කිහිප දෙනෙකු වෙනුවෙන් විතරයි. පසුකාලීනව මිනිස්සු රජයෙන් ඒ ගැන අහද්දි රජයට ඒකට දෙන්න උත්තරයක් තිබුනෙ නෑ.

අද්භූත සිදුවීම්

අද්භූත සිදුවීම් ආරංචි වෙන්න පටන් ගත්තෙ මෙන්න මේ විදියට. මෙතනදි මිනිස්සු හිතන්නෙ අහිංසක මිනිස්සුන්ව තමන්ගෙ නිවාසවලින් පන්නල දාපු එක සහ මියගිය මිනිසුන් රැසකගේ සොහොන් යටකරගෙන ගොඩ නැගුව මේ විල සාපයක් අරක් ගත්ත එකක් කියලා.

මේ විල හදපු කාලෙ ඉඳලා 1994 අවුරුද්ද වෙනකම් අත්භූත මරණ 200කට අධික ප්‍රමාණයක් ගැන සඳහන් වෙනවා. ඒ සමහර මිය ගිය මිනිසුන්ගේ සිරුරුවත් සොයාගන්න බැරි වෙලා තියෙනව වගේම සමහර මරණ හරිම අස්වාභාවිකයි. ඒ වගේම ජීවත්වන පිරිස එක්ක ගත්තම මරණ අනුපාතය අසාමාන්‍ය වීමත් මේ කතාව මෙච්චර ප්‍රසිද්ධ වෙන්න එක හේතුවක්.

ගොඩක් මරණ දියේ ගිලීම සහ බෝට්ටු අනතුරු වලින් වෙච්ච ඒවා.

ඒ වගේම තමන්ගෙ ජීවිතේ ගොඩක්ම Diving කරපු සහ ඒ ගැන ප්‍රවීණයෙක් වුණ කැනන් කියන පුද්ගලයා මේ Lake Lanier එකෙ කිමිදුන වෙලාවක එයාගෙ ඇඟේ විල් පතුලේ ගිලුණ මිනිස්සුන්ගෙ අත් පා වැනි දේවල් පැටලුණ බවත්, ඒව අන්ධකාරයේ පේන්නෙ නැතුව තිබෙන බවත් කියනවා.

Lady of the Lake

1958 දී, Delia May Parker Young සහ Susie Roberts යන තරුණ ගැහැණු ළමයින් දෙදෙනෙකු Lanier විල හරහා ගමන් කරමින් සිටියදී පාලමකින් ලිස්සා ගොස් අතුරුදහන් වෙලා තියෙනවා.

මිනිස්සු කියනව මේ විදියට මිය ගිය ගැහැණු ළමයින් දෙන්නාගෙන Parker ව එයාලා වැව කිට්ටුව හොල්මන් කර කර ඉන්නවා දැක්කා කියලත් වැවේ ආර්‍යාව කියලා හඳුන්වන ඇය මිනිසුන්ව වැවට එක්කරගෙන ගිහිල්ලා මරලා දානවා කියලත්.

දැනටත් ඒ පාලමෙන් යන අයට පේනවා කියල මිනිස්සු කියනවා.

1990 දි, ඒ කියන්නෙ මේ සිදුවීම් වෙලා අවුරුදු තිහකට පස්සෙ පාලමේ ප්‍රතිසංස්කරණ වැඩකදි වතුරෙ ගිලිච්ච Susie ගේ දිරාපත් වුණ මල සිරුර සහ වාහනය හම්බුවෙනවා.

මෙතනදි මේ විදියට මිය යන්නෙ පීනන්න දන්නෙ නැති අය පමණක් නොවෙයි. ඉතාම දක්ශ කිමිදුම්කරුවන් පවා ඉඳල තියෙනවා Lake Lanier විල බිලි ගත්ත.

2012 අවුරුද්දෙදි Jake සහ Griffin කියන සහෝදරයන් දෙදෙනා Lake Lanier වල රාත්‍රී බෝට්ටු සවාරියකට යනව තව 12 දෙනෙක් එක්ක. මෙතනදි වෙන අනතුරකින් Griffin අතුරුදහන් වෙනවා. ඒ වගේම Jake ආයෙ පෙර තත්ත්වයට එන්න දවස් ගාණක් යනවා. Griffin ගෙ සිරුර හම්බුවෙන්නෙ අඩි ගානක් යට විල් පතුලෙ තිබිලා.

මේ සිදුවීමට දවස් 10කට කලින් විල මේ වගේම තව පොඩි දරුවෙක්ගෙ ජීවිතේඑ බිලි අරගෙන තියෙන බවත් ආරංචි වෙනවා. මේ විදියට Lake Lanier විල බිලි ගත්ත මනුස්ස ජීවිත බොහොමයක් තියෙනවා.

ඉතින් ඇත්තටම Lake Lanier විල මේ විදියට මිනිස්සුන්ව බිලි ගන්න හේතුවුනේ අවුරුදු ගණනාවකට කලින් ඔස්කාවිල් වල උන්නු අහිංසක කලු ජාතිකයන් ව හරිම අසාධාරණ විදියට තමන්ගෙ ඉඩ කඩම් වලින් පන්නලා දාපු එක වෙන්න පුලුවන්ද?

එහෙමත් නැත්තම් විල් පතුලේ ගිලී යන්න වුණ මිය ගිය මිනිසුන්ගේ සොහොන්වල තැන්පත් කර තිබෙන නිසල ආත්මයන් වලට සැනසීමක් නොලැබිච්ච එකද?

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles