රස ගුණ පිරුණු සුදුළූණු ව්‍යාංජනයක් හදමු

Smart lady අපි අද ඔබත් එක්ක බෙදාගන්න සූදානම් වෙන්නෙ රස වගේම ගුණෙනුත් අඩුවක් නැති සුදුළුණු ව්‍යාංජනයක් හදාගන්නෙ කොහොමද කියලයි.

සුදුළූණු කියන්නෙ පොටෑසියම්, සෙලිනියම් සහ මැංගනීස් කියන සංඝටක වලින් පරිපූර්ණ රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රතිශතය සහ රුධිර පීඩනය අඩුකර හදවතේ නීරෝගීබව පවත්වා ගන්නත්, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්නත්, සන්ධි සහ මාංශපේෂි වල ක්‍රියාකාරිත්වය යහපත්ව පවත්වා ගන්න වගේම සමහර පිළිකා වර්ග වල වර්ධනය අඩපණ කරන්න වගේම අක්මාවේ නීරෝගීබවටත් දායක වෙන ඉතාම ජනප්‍රිය ඖෂධයක් වගේම ස්වභාවික ආහාර රසකාරකයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්.

මේ වගේ ප්‍රතිලාභ රාශියක් තියෙන සුදුළුණු ව්‍යාංජනයක් නොකා කොහොමද නේද? 

එහෙනම් මුලින්ම අවශ්‍ය කළමණා සූදානම් කරගමු.

අවශ්‍ය ද්‍රව්‍ය

සුදුළූනු 300 g – 350 g ක්

සිහින්ව ලියාගත් ලොකු ලූනු ගෙඩියක්

සිහින්ව ලියාගත් අමුමිරිස් කරල් 02 ක් 

කරපිංචා ඉත්තක කොළ

අබ තේ හැඳි ½ ක් 

උළුහාල් තේ හැඳි ½ ක් 

කුරුදු පොතු කැබැල්ලක්

රම්පෙ කැබැල්ලක්

බැදපු තුනපහ කුඩු

මිරිස් කුඩු

කහ කුඩු 

ලුණු කුඩු

දිය කිරි කෝප්ප ½ ක් 

මිටි කිරි කෝප්පයක් 

සාදාගන්නා ආකාරය 

මුලින්ම, සුදුළූණු වල පොතු ඉවත්කර හොඳින් සෝදා පිරිසිදු කරගෙන පසෙකින් තබා ගන්න.

ඊළඟට, භාජනයක් ලිපතබා එයට අබ සහ උළුහාල් එකතු කරගන්න.

අබ ඇට පුපුරා අවසන් වුනාට පස්සෙ සිහින්ව ලියාගත් ලොකුළූණු, අමුමිරිස්, කරපිංචා, රම්පා සහ කුරුඳුපොතු එකතු කර හොඳින් කලවම් කරගන්න.

ලූණු මැලවී ගෙන එන විට එයට මිරිස් කුඩු තේ හැන්ඳක්, බැදපු තුනපහ තේ හැන්දක්, කහ කුඩු තේ හැඳි ¼ ක් සහ රස අනුව ලුණු කුඩු එකතු කර නැවත හොඳින් කලවම් කරන්න.

විනාඩි 02 කට පමණ පසු මේ මිශ්‍රණයට සුදුළූණු එකතු කර හොඳින් කලවම් කර විනාඩියක් පමණ තබා දියකිරිත් එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න.

දැන් භාජනයේ පියන වඩා අඩු ගින්දරේ විටින් විට හැඳිගාමින් දියකිරි ටික හිඳෙන තුරු පිසගන්න.

ඊළඟට, මිටිකිරි ටිකත් එකතු කර හොඳින් කලවම් කර නැවත භාජනයේ පියන වසා අඩු ගින්දරේ කිරි ටික නටන තුරු පිසගන්න.

දැන් ඔබට කැමති ප්‍රමාණයකට ඉස්ම හිඳුනු පසු පිසගත් සුදුළූණු ව්‍යාංජනයට ලිපෙන් ඉවත් කරගෙන උණුසුම්වම රසබලන්න පුළුවන්.

එහෙනම් රස ගුණ පිරි සුදුළූණු ව්‍යාංජනයක් මේ විදිහට හදල බලන්න අමතක කරන්න එපා ඔන්න.

සටහන – දුලානි නවෝද්‍යා

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles