කේක් කන්න කැමතිද?
අපි වැඩිදෙනෙක්ගෙ උත්තරේ ඔව්නේ.
හවස තේ වෙලාවට, ගතට හිතට මහන්සියක් දැනෙන වෙලාවට ඒ වෙහෙස මහන්සිය නිවන්න රසම රස කේක් කෑල්ලකට තියන්නෙ හරි අපූරු හැකියාවක්නෙ.
ඔන්න චොකලට් කේක්, බටර් කේක්, ෆෘට් කේක් වලින් එහා ගිහින් ගෙදරදීම ස්ට්‍රෝබෙරි චීස් කේක් හදාගන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි smart lady අපි මේ සූදානම් වෙන්නෙ.
පුරුදු විදිහට මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගෙන ඉමුකො එහෙනම්.
අවශ්‍ය ද්‍රව්‍ය
ශෝටීස් බිස්කට් 12 ක්
දියකරගත් බටර් මේස හැඳි 03 ක්
ශීතකරණයේ තබා ඉවතට ගත් ක්‍රීම් චීස් 200g ක්
කුඩු කරගත් සීනි මේස හැඳි 02 ක්
ශීතකරණයේ තබා ඉවතට ගත් විපින් ක්‍රීම් කෝප්ප ¼ ක්
කුඩා කොටු වලට කපාගත් ස්ට්‍රෝබෙරි 200g ක්
සීනි මේස හැඳි 02 ක්
තෙල් කඩදාසියක් අතුරා සැකසූ අඟල් 6 ක රවුම් බේකින් තැටියක්
සාදාගන්නා ආකාරය
මුලින්ම, ශෝටීස් බිස්කට් ටික බ්ලෙන්ඩරය ආධාරයෙන් හොඳින් කුඩුකර භාජනයකට දමා ගන්න.
බිස්කට් කුඩු වලට දියකරගත් බටර් එකතු කර හොඳින් කලවම් කරගන්න.
දැන් බේකින් තැටියට බිස්කට් කුඩු මිශ්‍රණය දමා තැටිය අඩියේ එක සමාන මට්ටමට සිටින සේ මිශ්‍රණය අතුරා හොඳින් තදකර ගන්න.
දැන් තැටිය ශීතකරණයේ තබන්න.
වෙනම භාජනයක් ගෙන එයට ක්‍රීම් චීස් සහ කුඩුකරගත් සීනි එකතු කර හොඳින් කලවම් කරගෙන පසෙකින් තබාගන්න.
වෙනම භාජනයකට විපින් ක්‍රීම් එකතු කර බීටරයක් ආධාරයෙන් ක්‍රීම් වනතෙක් බීට් කරගන්න.
දැන් මේ විපින් ක්‍රීම් මිශ්‍රණයට කලින් සූදානම් කරගත් ක්‍රීම් චීස් මිශ්‍රණය එකතු කර පැතලි හැන්දක් හෝ ස්පැචූලා එකක් ආධාරයෙන් හොඳින් කලවම් කරගන්න.
බිස්කට් අතුරාගත් බේකින් තැටිය ශීතකරණයෙන් ඉවතට ගෙන බිස්කට් කුඩු තට්ටුව මත සාදාගත් ක්‍රීම් චීස් මිශ්‍රණය එක සමාන මට්ටමට අතුරාගෙන පසෙකින් තබාගන්න.
ඊළඟට භාජනයක් මඳගින්නේ ලිප තබා එයට ස්ට්‍රෝබෙරි කැබලි සහ සීනි එකතු කර හැඳිගාමින් කලවම් කරන්න.
ස්ට්‍රෝබෙරි කැබලි සිටින සේ දියවී ජෑම් වැනි තරමක් උකු මිශ්‍රණයක් ලැබෙන තෙක් දියකරගෙන ලිපෙන් ඉවතට ගෙන සම්පූර්ණයෙන් නිවෙන්නට තබන්න.
සම්පූර්ණයෙන් නිමුණු මිශ්‍රණය ක්‍රීම් චීස් තට්ටුව මත එක සමාන මට්ටමට අතුරා විනාඩි 15 ක් පමණ ශීතකරණයේ තබන්න.
ශීතකරණයෙන් ඉවතට ගෙන රස්නෙන් වත්කරගත්ත කිරි කෝපි කෝප්පයක් එක්ක ස්ට්‍රෝබෙරි ක්‍රීම් චීස් කෑල්ලක් රස බලන්න දැන් ඔබට පුළුවන්.
සටහන – දුලානි නවෝද්‍යා