අපි අද ස්මාර්ට් ලේඩි තුළින් ඔබට කියන්න යන්නේ අරුන් විජේ ප්‍රධාන චරිතය නිරූපණය කරන, ක්‍රයිම්ත්‍රිලර් වර්ගයට වැටෙන වානම්ගාන් කියන මලයාලම් චිත්‍රපයට ගැන. මේ වෙනකොට වානම්ගාන් තිරගත වෙන්න පටන් අරගෙන ඒ තරම් කාලයක් ණැති වුනත්, ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් ඉතාම ඉහළ බව තමයි වාර්තා වෙන්නේ.
චිත්‍රපටය ට පාදක වෙන්නේ කන්‍ය කුමාරි කියන ධීවර ගම්මානය. කතාව පුරාවටම එකිනෙකා එක්ක බැඳුනු, අපි ලේසියෙන් බලාපොරොත්තු නොවන කතන්දර කිහිපයක්ම ගලාගෙන ගිහිල්ලා නොසිතන අවසානයක් තමයි අපිට දෙන්නේ.
කතාව පටන් ගන්නේ දකුණු ඉන්දියාවේ තියෙන ධීවර ගම්මානයක තියෙන ළිඳක් වටේ වට වෙලා ඉන්න පිරිසකින්. ඔවුන් ඒ ළිඳේ තියෙන දේවල් එකින් එක ගොඩ ගන්න ගමන් තමයි ඉන්නේ. සුනාමියට හසු වෙලා තියෙන ගම්මානයේ තිබුන දේවල් තමයි මේ ළිඳ ඇතුලෙන් මේ විදියට ගොඩ ගන්නේ. ගමේ ඕනෑම දේකට ඉදිර්පත් වෙන ගමේම සාමාජිකයෙක් වෙන පටේ තමයි ළිඳට බැහැලා මේ දේවල් ගොඩට ගන්නේ. උපතින්ම ගොලු සහ බිහිරි අයෙක් වන මේ පටේට ඉන්නේ ඔහුගේ නංගි වුන දේවි විතරයි. ඔවුන්ගේ දෙමාපියන් සුනාමියෙන් මරණයට පත් වෙලා බවත් පෙන්නවා.
මේ අයියයි නංගියි දෙන්නා හරිම ආදරෙන් ජීවත් වෙන බවත් පෙන්නවා. පටේ සංචාරක බෝට්ටුවක තමයි වැඩ කරන්නේ. දේවි ටැටූ ශොප් එකක ටැටූ ආර්ටිස්ට් කෙනෙක් විදියට රැකියාව කරනවා. අම්මයි තාත්තයි නැති වුනාට පස්සේ කුඩා පටේ සහා දේවිට රැකවරණය දීලා තියෙන පල්ලියේ පියතුමාවත් ඉන් පස්සේ චිත්‍රපටයේ පෙන්නවා. ඒ වගේම පියතුමා, පටේ සහා දේවි අතර බොහොම තද සෙනෙහසක් තියෙන බවත් පෙන්නවා.
ඊට පස්සේ ගමට ඇතුලු වෙන වාහන දෙකක් පෙන්නවා. මේ වාහන දුම් රිය හරස් මඟේදි නැවැත්තුවට පස්සේ පළතුරු විකුනන ගමේ කෙනෙක් ඇවිල්ලා ඔවුන්ට පළතුරු මල්ලක් විකුනන්න උත්සාහ කරනවා. වාහනේ උන්න රියැදුරා ඒ පුද්ගලයාට අනවශ්‍ය විහිලුවක් කරන්නේ ඒ පුද්ගලයාගේ ස්වභාවය ගැන කියලා.
” අනේ අනේ .. මගේ ගැන මම බලාගන්නම් … ඔහේගේ මූණ ගැන ඔහේ බලාගන්නකෝ….”
පළතුරු විකුනන්න ආව පුද්ගලයා එහෙම කියලා ආගන්තුක රියැදුරු තරුණයාව මිතුරන්ගේ ඉදිරියේ සමච්චලයට පත් කරලාම දානවා. ඊට පස්සේ මේ රියැදුරා වාහනෙන් බැහැලා පළතුරු විකුනන කාන්තාවට පහරදෙනවා. ඉන් පස්සේ ඇයව බේරගන්න එන අනෙක් අයටත් මුලු වාහනේම උන්න අය එකතු වෙලා ඔවුන්ට පහර දෙනවා.
මේ අතරේ එතන ඉන්න පටේ මේ සිදුවීම දකිනවා. ගැටුමට මුල් වුන සිදුවීම ගැන වැටහීමක් නැති වුනත්, ගමේ අයට පිටින් කට්ටිය ඇවිල්ලා පහර දෙනකොට බලාගෙන ඉන්න අකමැති වෙන පටේ සිදුවීමට මැදිහත් වෙනවා. පටේ දිගින් දිගටම ඔවුන්ට පහර දෙනවා.
ඊට පස්සේ පටේගෙන් බේරෙන්න මේ තරුණ පිරිස දුවන්නේ පොලිසියට. ඒත් පටේ පොලිසිය ඇතුලේත් ඔවුන්ට පහර දෙනවා. පොලිසිය අසීරුවෙන් පටේව කූඩුවට දාගන්න සමත් වුනත්, පොලිසිය කියන කිසිම දෙයක් පටේට ඇහෙන්නේ නැති නිසා ඉබේම පටේ පොලිස් නිළධාරින්ගේ කෝපයට භාජනය වෙනවා.
ඊට පස්සේ පටේට විරුද්දව බොරු චෝදනා එල්ල කරන පොලිසිය තරුන කණ්ඩායමෙනුත් ප්‍රකාශ ගන්නවා. ඒ අතරේ දේවි පියතුමා සහ ගමේ අය එක්ක පටේව බේරගන්න පොලිසියට එනවා. පියතුමා පොලිසිය එක්ක කතා කරන්න උත්සාහ කලත්, පොලිසිය පියතුමාට සවන් දෙන්නේ නැහැ.
එදා රෑ පොලිසිය පටේවත් එක්කගෙනම විනිසුරුතුමා හමුවෙන්න යනවා. එතනදී පටේගෙන් කට උත්තරයක් ගත්ත විදියට තමයි ඔහුට එරෙහිව පොලිස් චෝදනා ඉදිරිපත් කරන්නේ,
” මේ මගේ සේවා දායකයා උපතින්ම ගොලු සහ බිහිරි කෙනෙක් .. මේ තියෙන්නේ වෛද්‍ය වාර්තා . ඉතින් ඔහු කොහොමද කට උත්තර ලබා දෙන්නේ …”
විනිසුරුතුමා පොලිසියට දෝෂාරෝපනය කරන අතරේම පටේව නිදහස් කරනවා.
ඊට පස්සේ පටේ වැඩ කරන බෝට්ටුවට ගොඩ වෙන සංචාරක කණ්ඩායමේ මඟ පෙන්වන්නිය වෙන ටීනා චිත්‍රපටයට එනවා. පොඩි කාලේ ඉඳන්ම පාටේගේ ගමේ යාලුවෙක් වෙන ටීනා මේ වෙනකොට පාටේට ටිකෙන් ටික ආදරේ කරන්න පටන් අරගෙනයි ඉන්නේ. ඒත් පාටේගෙන් නම් ඒකට කිසිම අනුබලයක් ලැබෙන්නේ නැහැ.
ඊට පස්සේ පල්ලියේ උත්සවයක් වෙනුවෙන් සහභාගී වෙලා ඉන්න පාටේ සහ අනෙක් පිරිස පෙන්නවා. උත්සවයේ වැඩ කටයුතු අතරෙදි පල්ලියට කිට්ටුව තියෙන බාර් එකක මහ සද්දෙන් සාදයක් පවත්වන්න ගන්නවා. පියතුමා වහාම ඒ දිහාවට ඇවිදගෙන යනවා.
” කරුණාකරලා ඔයාලාගේ සද්දේ ටිකක් අඩු කරගන්න පුලුවන්ද ?..”
” අපේ සද්දේ අඩු කරන්නේ නැහැ..පල්ලිය කියන්නේ එක ආගමකට අයිති තැනක් .. ඒත් අපේ බාර් එක හැම ආගමකටම වැදගත් තැනක් ..”
බාර් එකේ අය එහෙම කියලා පියතුමාට අවලාද නඟනවා. ඊට පස්සේ ඔවුන් එක්ක රණ්ඩු වෙන්න අකමැති හින්දාම පියතුමා ආපහු හැරිලා එනවා.
පල්ලියවටේට ඇහෙන හඬ ගැන අවබෝධයක් නැති වුනත්, අවට යමක් සිදුවෙන බව වටහා ගන්න පටේ පල්ලියෙන් එලියට ඇවිල්ලා සිද්දිය මොකක්ද කියලා විමසිලිමත් වෙනවා. ඉන් පස්සේ පටේට තේරුම් යනවා බාර් එකේ අය පල්ලියට බාධාවක් වෙන බව. පාටේ ඉතාම දරුණු විදියට ඔවුන්ට පහර දෙනවා.
ඉන් පස්සේ පියතුමාට සිද්ද වෙනවා පාටේව හංගලා තියාගන්න. ඒ අතරේ ටීනා සිදුවීමට මැදිහත් වෙනවා. ඇය ආණ්ඩුකාරවරයා මුණ ගැහිලා මේ සිදුවීම ගැන කියනවා.
” පල්ලියකට එතරම් ලඟින් බාර් එකක් හදන්නේ කොහොමද ?? වහාම පර්මිට් එක කැන්සල් කරන්න …”
ආණ්ඩුකාරවරයා එහෙම කිව්වාට පස්සේ ඔවුන්ගේ එක ගැටලුවක් විසඳෙනවා. ඔය වැඩේ ඉවර කරගෙන ආයෙම එනකොට ටීනා පාටේ ලඟින් ඉඳගන්නවා. ඒ වෙද්දී පාටේගේ හිතෙත් ටීනා ගැන යම් ආදරයක් ඇති වෙලා තියෙන්නේ.
මේ සිදුවීමෙන් පස්සේ පියතුමා පාටේට ආබාධිත දරුවන් වෙනුවෙන් ගොඩ නඟලා තිබුන නිවාසයක පාටේට රැකියාවක් හොයලා දෙනවා. පාටේ ඉතාම සතුටින් එතන රැකියාව කරනවා. දේවිත් අයියාගේ මේ වැඩේට ඉතාම උදවු කරනවා.
පාටේ මේ ළමයින්ට හරිම ආදරෙන් තමයි ඔවුන්ව රැක බලා ගන්නවා.
ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේ ළමා නිවාසේ ඉන්න ඇස් නොපෙනෙන ගැහැණු ලමයින් කිහිප දෙනෙක් නාන කාමරවලට එන විදිය. ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේ එක් නාන කාමරේක ඉන්න වෙනත් මනුස්සයෙක්ව. ඒ ළමා නිවාසයේ පාලකවරයා බවත් අපිට පෙන්නනවා. ඊට පස්සේ මේ කෙනා අතින් තවත් අයට ඉඟියක් හදනවා. එතකොට හැංගිලා උන තවත් පිරිමි දෙන්නෙක් එලියට එනවා. ඒ අතර වාරයේ ගෑණු ළමයි තමන්ගේ ඇඳුම් ගලවලා දාලා නාන්න පටන් ගන්නවා. හැංගිලා උන්න මේ පිරිමි තුන්දෙනා ඉන් පස්සේ හිතේ හැටියට මේ ගෑණු ළමයින්ගේ නිරුවත රස විඳින්න පටන් ගන්නවා.
ඇස් නොපෙනුනත් එතන උන්න එක ගෑණු ළමයෙක්ට යම් වෙනසක් දැනෙන්නේ ඒ අතරේ. නාන කාමරයේ තමන් ඇරුනම තව කවුරුන්ම හරි ඉන්න බව ඇය වටහා ගන්නවා.
” දැන් නෑවා ඇති ..යමු ..”
ඇය ඔක්කොමලාව සූදානම් කරගෙන නාන කාමර වලින් එලියට එනවා. ඒ යන අතරේදී ඇය පාටේගේ ඇඟේ වදිනවා.
ඊට පස්සේ තමයි, චිත්‍රපටය අලුත්ම දිශාවකට යොමු වෙන්නේ. ඒ කතන්දරය මොකක්ද කියලා දැනගන්න නම් ඔබ අනිවාර්‍යෙන්ම මේ වානම්ගාන් සිතුවම් පටය නරඹන්නම ඕනි.
ReplyForwardAdd reaction |