සෙල්වරාජ් රැකියාව කලේ ඉන්දියාවෙ චෙන්නායි වල. ඉතින් මේ සෙල්වරාජ්ගෙ පුරුද්දක් තිබුණා හැමදාම රෑට ගමේ ඉන්න එයාගෙ අම්මට කෝල් එකක් දීලා තමන්ගෙ දුක සැප එහෙම අම්මා එක්ක බෙදා හදාගන්න.
හැබැයි ඔන්න එක දවසක් සෙල්වරාජ් මේ විදියට අම්මට කොච්චර කෝල් කරත් අම්මා ෆෝන් එක ආන්ස්වර් කරන්නෙ නෑ. මේක කවදාවත් මෙහෙම දෙයක් වෙලා නැති නිසාම සෙල්වරාජ්ගෙ හිතට සැකයක් අරගෙන එන්න හේතුවූනා. එදා දවස එහෙම ගෙවිලා පස්සෙන්දා වෙන තුරුත් සෙල්වරාජ්ගෙ අම්මා සෙල්වරාජ්ට කෝල් කරේ නෑ වගේම සෙල්වරාජ් කොච්චර කෝල් ගත්තත් අම්මාගේ ෆෝන් එක තිබුනේ ඕෆ් කරලා දාලා.
හිතට පොඩි අමුත්තක් දැනෙන හන්දා තමයි සෙල්වරාජ් එයාලගෙ ගෙවල් ලඟ ඉන්න නැන්දා කෙනෙක්ට කියන්නෙ ගෙදරට ගිහින් අම්මා ඉන්නවද කියල බලන්න කියලා. ඒ නැන්දා ගෙදරට ගිහින් බැලුවත් සෙල්වරාජ්ගෙ අම්මාගෙ කිසිම හෝඩුවාවක් හොයාගන්න වෙන්නෙ නෑ. ඒ කතාව ඇහුවට පස්සෙ සෙල්වරාජ් මොකද කරන්නෙ චෙන්නායි පොලිසියට ගිහිල්ලා එයාගෙ අම්මගෙ අතුරුදහන් වීම ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා.
අම්මාගේ අතුරුදහන් වීම එක්ක තමන්ට රස්සාව කරන්න අමාරු බව දන්න හන්දම චෙන්නායි වල රස්සාව අත ඇරලා දාලා සෙල්වරාජ් ගෙදර ගෙනවා. සෙල්වරාජ් ගෙ ගෙදර තිබුනෙ චෙන්නයි වල එහා කෙලවරේ තිබිච්ච කේරලවල එර්නාකුලම් කියන ගමේ.
2022 සැප්තැම්බර් 27 වෙනිදා සෙල්වරාජ් දාමු මේ පැමිණිල්ල අනුව පොලිසිය විමර්ශන පටන් ගන්නවා. ඒ විමර්ශන වලට අනුව තමයි පොලිසියට දැනගන්න පුලුවන් වෙන්නෙ සෙල්වරාජ්ගෙ අම්මා අන්තිමට කතාබහ කරලා තියෙන්නෙ එයාලගෙ ගමට කිට්ටුව රෙස්ටුරන්ට් එකක් කරගෙන ගිය මොහොමඩ් සාෆි කියන මනුස්සය එක්ක බව. මේ කතාව එයාලගෙ අසල්වාසී පවා සාක්කි දීලා ඔප්පු කරනවා.
සෙල්වරාජ්ගෙ අම්මගෙ අතුරුදහන් වීම පිටිපස්සෙ මේ මොහොමඩ් සාෆි ඉන්න පුලුවන් කියල සැකකරන පොලිසිය සාෆිගෙ රෙස්ටුරන්ට් එක තියන දිහාවට යනවා. තමන්ගෙ රෙස්ටුරන්ට් එක පැත්තට එන පොලිසිය දකින සාෆි කලබල වෙලා දුවන්න පටන් ගන්න එකෙන් වෙන්නෙ පොලිසියෙ තියෙන සැකය තව වැඩිවෙන එක. දුවන් යන සාෆිගෙ පිටිපස්සෙන් එලවන් යන පොලිසිය සාෆිව අල්ලගන්නවා.
සාෆි කොච්චර දුරක් දිව්වත් පොලිසියට පුලුවන් වෙනවා. පොලිසිය තමන්ව අල්ලගත්තයින් පස්සෙ සාෆි පිස්සුවෙන් වගේ මෙන්න මෙහෙම කියන්න පටන් ගන්නවා.
“අනේ බුදු සර් මං නෙවෙයි මේක කරේ. මං නෙවෙයි එයාව මැරුවෙ. මේකට තව දෙන්නෙක් උදව් උනා” කියලා තමයි සාෆි පිස්සුවෙන් වගේ කියවන්නෙ.ඇත්තටම පොලිසිය මුලින්ම මේ සාෆිව හොයාගෙන ආවෙ සෙල්වරාජ්ගෙ අම්මගෙ අතුරුදහන් වීම ගැන ප්‍රශ්න කරන්න විතරයි. හැබැයි සාෆි මේ කියන කතාව එක්ක අතුරුදහන් වීමට එහා ගිය දරුණු අපරාධයක් මෙතන වෙලා තියෙනවා කියන එක පොලිසියට තේරුම් යනවා. ප්‍රශ්න කරද්දි මොහොමඩ් සාෆි මාරම අමුතුම කතාවක් තමයි එලිදරව් කරන්නෙ.
ඒ කතාව ඉන්දියානු අපරාධ ඉතිහාසයේ වෙච්ච දරුණුම බිලි පූජාවක් වගේ දෙයක් කියලා තමයි පොලිසිය මාධ්‍යවලට කියනවා.
2022 අවුරුද්දෙ ඉන්දියාව පුරාම මේ කතාව The Kerala Ritual කියලා ප්‍රසිද්ධ වෙනවා. ඉන්දියාවේ සමහර ප්‍රදේශ වල තාමත් Black magic ක්‍රියාත්මක වෙනවාලු. මේ චාරිත්‍ර වලින් සමෘද්ධිය අරගෙන එන්න, දරුවන් නොමැති කාන්තාවන්ට දරුවන් ලබාදෙන්න, රෝග සුව කරන්න වගේම වැඩි වර්ෂාපතනයක් ඇති කරන්න පුලුවන් කියලා මිනිස්සු විශ්වාස කරනවලු.
මේ සෙල්වරාජ්ගෙ අම්මාගෙ අතුරුදහන් වීම පිටිපස්සෙ ආයුර්වේද වෙදෙක් කියල තමන්ව පෙන්නගෙන උන්න භගවාල් සිං, එයාගෙ බිරිඳ ලයිලා සහ ඉඩුක්කි දිස්ත්‍රික්කයේ ගුප්ත විද්‍යාඥයෙකු වන මොහොමඩ් ෂාෆි ඉන්න බව පොලිසිය සාෆිගෙ කතාවෙන් දැනගන්නවා. ඒ වගේම කොචින් පොලිස් කොමසාරිස් සී.එච්. නාගරාජු කිව්වේ මේක හොඳට ප්ලෑන් කරලා තිබුණ, සල්ලි බලාපොරොත්තුවෙන් කරපු බිලි පූජාවක ප්‍රතිපලයක් බව.
ඒ අනුව පතනම්තිත්ත දිස්ත්‍රික්කයේ සිංගේ ගෙදර වත්තෙන් මේ මියගිය කාන්තාවන් දෙන්නෙක්ගෙ සිරුරු ගොඩ ගන්නවා. වලෙන් අරගත්ත ඒ සිරුරු කොච්චර අඳුරගන්න අමාරුද කියන්නෙ පවුලෙ අයටත් අඳුරගන්න අමාරු වෙච්ච නිසා DNA සාම්පල පරීක්ෂණ සඳහා යවනවා.
මේ විදියට මිය ගිහින් තියෙන්නෙ පද්මා සහ රොස්ලි කියන කාන්තාවන් දෙන්නා. අවුරුදු 52ක් වෙච්ච පද්මා කියන්නෙ තමිල්නාඩු ප්‍රාන්තයේ ධර්මපුරම් දිස්ත්‍රික්කයේ ඉඳලා කොචින් වලට ආව කාන්තාවක්. 49 හැවිරිදි රොස්ලි ත්‍රිෂූර් දිස්ත්‍රික්කයේ ඉඳලා ඇවිල්ලා තමයි ජීවත් උනේ.
සෙල්වරාජ්ගෙ අම්මා තමයි පද්මා කියන්නෙ. පද්මා තමන්ගෙ පුතා රස්සාවට ගියාට පස්සෙ කොචින් වල කාමරයක් අරගෙන තනියම තමයි ඉන්නෙ.හැබැයි එයා හැමදාම තමන්ට කෝල් කරා කියලා කියන්නෙ පද්මගෙ සොයුරිය වෙච්ච පලනියම්මා කියලා.
දවස් කීපෙකින් තමන්ගෙ සහෝදරි කතාකරේ නැති හන්දා තමයි පලනියම්මා පද්මාව හොයාගෙන යන්නෙ. එහෙම ගියාට පලනියම්මාට පද්මව හෙවනැල්ලක්වත් දකින්න ලැබෙන්නෙ නෑ.ඒ වගේම ෆෝන් එකත් ඕෆ් කරල තමයි තියෙන්නෙ. පද්මාගේ ජංගම දුරකථනය කොචි සිට කිලෝමීටර් 113ක් (සැතපුම් 70ක්) පමණ දුරින් පිහිටි පතනම්තිට්ටා වල තියෙන විත්තිය පොලිසියට හොයාගන්න පුලුවන් වෙනවා.
කේරළ පොලිසිය කියන්නේ ෂාෆි කියන්නෙ මානසික රෝගියෙක්, ලිංගිකව විකෘති පුද්ගලයෙක් කියලා. ඒවගේම, එයාගේ අපරාධ ඉතිහාසය දශකයක් පුරා දිවෙනවා කියලායි.
පොලිස්පති සී.එච්. නාගරාජු කියනවා, “ෂාෆිට නඩු 10ක් තිබුණා. ඒ අතරට ස්ත්‍රී දූෂණ, සොරකම්, මිනීමැරුම් උත්සාහ වගේ දේවල් ඇතුළත්. මිනිහා හැම විටම සබඳතා ගොඩනැඟලා, අනෙක් අයව හවුල්කරුවන් කරනවා. භගවාල් සිං සහ ඔහුගේ බිරිඳ ලයිලාගේ දුර්වලකම් හොයාගෙන, ඔවුන්ගේ විශ්වාසය දිනාගෙන තමන්ගේ අපරාධ ක්‍රියාවලිය කරගෙන යනවා. අන්තිමට අහු උනාම ඒක අනිත් අයත් එකතුවෙලා තමයි කරේ කියලා එයා කියනවා” කියලා.
අපරාධය ගැන වැඩිදුරටත් හොයන අතරෙ වින්දිතයින්ගේ මස් උයලාත් තියෙනවා කියලත් පොලිසියට හොයාගන්න පුලුවන් වෙනවා. මේ අපරාධකරුවන් මරපු මිනිස්සුන්ගෙ ශරීරය කොටස් 61කට කපලා දාලා තිබුන බවත් ඒ කොටස් අතරින් 56ක් එක් වළකින් හමුවෙලා තියෙනවා. තවත් වළකින් ඇටසැකිලි කොටස් පහක් හඳුනා ගන්න ලැබිලා තියෙනවා.
ෂාෆි කියන්නේ ඉස්කෝලේ හයේ පංතියට විතරක් ගිය කෙනෙක්. වයස අවුරුදු 17දී තමන්ගේ ගෙදරෙන් පිටවෙලා, වේටර්, ට්‍රක් රියදුරු, කාර්මිකයෙක් වගේ රස්සාවල් කරලා කේරළ ප්‍රාන්තේ එකින් එක ගමන් කරලා අන්තිමේට එර්නාකුලම්ට වලට තමයි සාෆි ඇවිත් තියෙන්නෙ.
පොලිසිය කියන දේට අනුව සාෆි තමන්ගෙ මේ crime partners ලා එක්ක කතා බහ කරල තියෙන්නෙ fake Facebook profile එකක් හදාගෙන. ඒ කතාවලදි සාෆි සල්ලි ලබාදෙන පූජාවල් ගැන භගවාල් සිං සහ එයාගෙ බිරිඳ එක්ක කතාකරලා තියෙනවා. ඊලඟට “රශීඩ්” කියන දෙවියො එක්ක සම්බන්ධයක් තියෙන මනුස්සයෙක්ව introduce කරලා දීලා ඒ මනුස්සයව වන්දනාමාන කරොත් සල්ලි ලැබෙනව කියල සාෆි කියල තියෙනවා.
පස්සෙ සාෆි මොකද කරන්නෙ Rasheed විදියට සිං මහත්තය සහ එයාගෙ නෝනට කතාකරනවා. Rasheed විදියට සිං පවුලෙ අයට කතාකරන සාෆි සිං පවුලෙ අයව convince කරගන්නවා මේ මිනීමැරුම් කරන්න. ඒ අනුව තමයි පද්මා සහ රොස්ලි කියන කාන්තාවන් දෙන්නව මරලා දාන්න මේ තුන්දෙනාට පුලුවන්කම ලැබෙන්නෙ.
ඒ අනුව පැහැරගන්න දෙන්නව ප්‍රාණ ඇපයට තියන් වද දීල තමයි මරලා දාලා තියෙන්නෙ. ලයිලා රොස්ලිගෙ බෙල්ල කපලා දාලා තියෙනවා වගේම සිං එයාට ශරීරයේ තැන් කීපෙකට පිහියෙන් ඇණලා තියෙනවා.
සල්ලි දෙන්නම්, අපි එක්ක ඉන්න කියල පද්මව රවට්ටල එයාව ගෙදරට එක්කරගෙන ගිහින් තමයි පද්මව මේ තුන්දෙනා එකතුවෙලා මරලා දාන්නෙ. මැරුවයින් පස්සෙ මෙයාලා මේ කාන්තාවන් දෙන්නගෙ ශරීරය කොටස් ගාණකට කපලා දානවා.
ඒ වගේම මේ අවුරුද්දෙ ජුනි මාසෙදි කාමුක චිත්‍රපටයක රඟපාන්න කියල රොස්ලිව මෙයාලා සිංගෙ ගෙදරටත් එක්කරගෙන ගිහින් තියෙනවා. ඒ වගේම එයාට රුපියල් ලක්ශ 10ක් සලි දීලාත් තියෙනවා. රොස්ලිගෙ අත් කකුල් ගැට ගහලා කටත් වහල තමයි එයාට වද හිංසා කරලා තියෙන්නෙ. ඒ වගේම සිං තමයි රොස්ලිව මරලා දාන්නෙ.
හැබැයි මේ හැමදේම ඔප්පු උනත් ලයිලා නම් එයාගෙ සැමියා වෙච්ච සිංට කිසිම වෙලාවක වරදක් දාලා නෑ. එයා දිගටම කියලා තියෙන්නෙ “මගේ මනුස්සයට එහෙම දෙයක් කරන්න පුලුවන් කියලා මම කීයටවත් විශ්වාස කරන්නෙ නෑ” කියලා තමයි.
ReplyForwardAdd reaction |