Atrial fibrillation කියන ලෙඩේ ගැන ඔයාලා අහලා තියෙනවද? මොකද්ද මේ Atrial fibrillation කියලා කියන්නේ?
Atrial fibrillation කියලා කියන්නෙ අක්‍රමවත් හෘද ස්පන්දනයක් එහෙමත් නැත්තම් මේක arrhythmia කියලත් කියනවා. AFib හෝ AFකියලා කියන්නෙත් මෙන්න මේ තත්ත්වයටම තමයි. රුධිර කැටි ගැසීම්, ආඝාතය, හෘදයාබාධ සහ අනෙකුත් හෘද ආශ්‍රිත සංකූලතාඇතිකරන්න මේ තත්ත්වය බලපාන බව වෛද්‍ය විද්‍යාවේදි හොයාගෙන තියෙනවා. AFib කියන්නෙ ගොඩක් සුලභ අක්‍රමවත් හෘදය ගැහෙන විදි වලින් එකක්. අද වෙන කොට ඇමරිකාවේ මිනිස්සුන්ගෙන් මිලියන පහක් මෙන්න මේ තත්ත්වය එක්ක ජීවත්වෙනවා කියන එක හොයාගෙන තියෙනවා. ඒ වගේම 2030 අවුරුද්ද වෙද්දි ඒක මිලියන 12 වගේ ප්‍රමාණයක් වෙන්නත් ඉඩකඩක් තියෙනවලු.
සාමානයෙන් වෙන්නෙ අපේ හදවත regular beat එකකට හැකිලෙන එකයි දිඅ ඇරෙන එකයි.හැබැයි මේ අපි කතාකරන රෝගී තත්ත්වයෙදි හදවතේ ඉහළ කුටි හෝ කර්ණිකාව අක්‍රමවත් ලෙස තමයි ස්පන්දනය වෙන්නෙ. කර්ණිකාවෙන් ප්‍රමාණවත් තරම් රුධිරය පොම්ප කෙරෙන්නෙ නැති හන්දා ඒකෙ රුධිරය එකතුවෙනවා. ඒ විදියට ඉතුරු වෙන රුධිරය කැටි ගැහෙන්න පුලුවන්කමක් තියෙනවා වගේම ඒක ඉතාම භයානක තත්ත්වයක් දක්වා දුර දිග යන්න පුලුවන්.
රුධිර කැටියක් ඇතිවෙලා ඒක මොලයට පොම්ප කරොත් ඒක මොලයට ලොකුවටම හානිකර වෙන්න වහේම ආඝාත රෝග තත්ත්වයක් ඇතිවෙන්නත් හේතුවක් වෙන්න පුලුවන්.
රුධිර කැටි ගැසීම් නිසා ඇතිවන ආඝාත ඇති හෝ විශාල හෝ කුඩා සනාල රෝග නිසා ඇති වන ආඝාත රෝග තත්ත්වයන් තියෙන පුද්ගලයින්ගෙන් 12% සිට 20% දක්වා ප්‍රමානයකට මෙන්න මේ
Atrial fibrillation තත්ත්වය තියෙනවා කියන එක විශ්වාස කරනවා.
රුධිරය කැටි ගැහෙන්න ඉඩක් තියෙන මේ වගේ තත්ත්වයන් වල ඉන්න පුද්ගලයන්ට රුධිරය තුනී කරන ප්‍රතිකාර කරනවා. AFib මරණ අවදානම දෙගුණ කරන්න හේතුවෙනවා වගේම ආඝාතය කියන රෝග තත්ත්වයට තියෙන අවදානම පස් ගුණේකින් විතර වැඩි කරන්න හේතු වෙනවා. හැබැයි ගොඩක් අය මේ ලෙඩේ තියෙන බරපතල කම දන්නෙ නෑ.
රෝග ලක්ෂණ මොනවද?
ස්පන්දනය ස්ථාවර නොවන අක්‍රමවත් හෘද ස්පන්දනයක්
හදවත ගැහෙන බව, වේගයෙන් ධාවනය වන බව, ගැහෙන බව හෝ ස්පන්දනය නොමැති බව දැනීම හෘද ස්පන්දනය තත්පර කිහිපයක්සිට මිනිත්තු කිහිපයක් දක්වා පැවතිය හැකිය
විනාඩියකට ස්පන්දන 100 ට වඩා වේගවත් හෘද ස්පන්දනයක්
ඉතා වෙහෙසට පත්වීම
ව්‍යායාම කිරීමට අපහසු බව
පපුවේ වේදනාව හෝ තද ගතිය
හුස්ම හිරවීම, කරකැවිල්ල හෝ ක්ලාන්ත විය හැකි බව දැනීම
ඒ වගේම සමහර අයට කිසිම රෝග ලක්ශණක් පෙන්නුම් කරන්නෙ නැතුව ඉඳලා වෙන මොකක් කරි ලෙඩකට ශරීරය ස්කෑන් කරද්දි මේ රෝගී තත්ත්වය තියෙනවා කියන එකත් මෙතනදි අනිවාර්යෙන්ම මතක් කරන්න ඕන.
සමහර රෝග ලක්ෂන ටික කාලයක් තිබිලා එකපාර නැතිවෙලා යන්න පුලුවන් වගේම සමහර අවතාවක ප්‍රතිකාර කරයින් පස්සේ ඒ රෝග ලක්ශණ නතරවෙලා යන්න පුලුවන්.
Atrial fibrillation වෙනුවෙන් කරන පරීක්ෂණ මොනවද?
කවුරුහරි වෛද්‍යවරයෙක් හිතනවනම් ඔයාට මේ Atrial fibrillation කියන රෝගී තත්ත්වය තියෙනව හෝ ඇතිවෙන්න ඉඩකඩක් තියෙනවා කියලා අනිවාර්යෙන්ම ඒ වෛද්‍යවරයා ඔයාව හදවත් රෝග පිළිබඳ්අ විශේෂ්ඥ වෛඩ්‍යවරයෙකු වෙත ඔයාව යොමු කරාවි.ඒ වෛද්‍යවරයා ඔයාගේ රෝග ලක්ශණ අහලා ඔයාගෙ හදවතේ ස්පන්දනය පරීක්ෂාවට ලක් කරනවා. ඔයාගෙ හදවතේ ගැහෙන වේගයේ මොකක් හරි ගැටලුවක් තියෙනවද? එහෙම තියෙනවනම් ඒක මේ Atrial fibrillation කියල රෝගය නිසා ඇතිවෙන දෙයක්ද එහෙම නැත්තම් වෙනත් රෝගී තත්ත්වයක් නිසා ඇතිවෙන දෙයක්ද කියලා හොයාගන්න උදව් කරන පරීක්ෂන කිහිපයක්ම තියෙනවා.
විද්‍යුත් හෘද රෝග සටහනක් (ECG)
එකෝකාඩියෝග්‍රෑම් (දෝංකාරය)
පපුවේ එක්ස් කිරණ
රුධිර පරීක්ෂණ
මේ සඳහා කරන පරීක්ෂණ විදියට අපිට කියන්න පුලුවන්.
Atrial fibrillation වෙනුවෙන් කරන ප්‍රතිකාර මොනවද?
ඔයාට මේ රෝග තත්ත්වය තියෙනවා කියල වෞද්‍යවරයා හොයාගත්තොත් ඒ තත්ත්වය තවදුර දිග යන එක වලක්වන්න නිතරම ටෙස්ට්ස් සහ චෙක් අප්ස් වලට යන්න සිදුවෙයි.ඒ වගේම සමහර අවස්තාවලදි ඔයාට බෙහෙත් වර්ග දෙන්නත් ඉඩක් තියෙනවා.
ඒ බෙහෙත් දෙන්නෙ රුධිර කැටි ගැසීම් හෝ ආඝාත අවදානම අඩු කිරීම (ප්‍රතිදේහජනක) වෙනුවෙන්.
මේ රෝගී තත්ත්වය වෙනුවෙන් කරන්න පුලුවන් වෙනත් ප්‍රතිකාර අතරට එකතුවෙන්නෙ:
හෘදයේ කොටසක් පිළිස්සීමට හෝ කැටි ගැසීමට සැත්කම් (අබ්ලේෂන්)
ඔබේ හෘද රිද්මය නැවත සැකසීමට විදුලිය භාවිතා කිරීම (විදුලි හෘද අනුවාදය)
පේස්මේකරයක් හෝ බද්ධ කළ හැකි හෘද පරිවර්තක ඩිෆයිබ්‍රිලේටර් (ICD) සවි කර තිබීම
සමහර විට Atrial fibrillation වෙනත් සෞඛ්‍ය තත්වයක් හෝ ඖෂධයක් නිසා ඇතිවෙන්නත් ඉඩකඩ තියෙනවා. ඒ වගේ අවස්ථා වලදී,මේ රෝග තත්වයට ප්‍රතිකාර කිරීම හෝ ඖෂධය නැවැත්වීම මගින් රෝග ලක්ෂණ වැඩිදියුණු වෙන්න පූලුවන්කමක් තියෙනවා.
ප්‍රතිකාර වලට අමතරව මේ වගේ රෝග තත්ත්වයක් නිසා ඇතිවෙන්න පුලුවන් සංකූලතා අවම කරගන්න අපිට කරන පුලුවන් සහ අපි විසින් නොකල යුතු දේවල් කිහිපයකුත් තියෙනවා.
මොනවද කරන්න හොඳ?
කැෆේන්, කුළුබඩු සහිත ආහාර, ආතතිය, විජලනය සහ නින්ද නොමැතිකම වැනි ප්‍රේරක වළක්වා ගන්න
සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීමට උත්සාහ කරන්න
සමබර ආහාර වේලක් ගන්න
නිතිපතා ව්‍යායාම කරන්න – ඇවිදීම, බයිසිකල් පැදීම හෝ ගෙවතු වගාව වැනි මධ්‍යස්ථ ව්‍යායාම සතියකට අවම වශයෙන් විනාඩි 150 ක් කිරීමට ඉලක්ක කරන්න.
මොනවද කරන්න හොඳ්අ නැත්තෙ?
දුම් පානය නොකරන්න
අධික ලෙස මත්පැන් පානය නොකරන්න
අධික ලෙස ව්‍යායාම නොකරන්න
ReplyForwardAdd reaction |