පිපිඤ්ඤා කියන්නේ හැම අතින්ම ඔබේ ශරීර සෞඛ්‍යයට ගුණදායක ආහාරයක්.විශේෂයෙන්ම ඔබේ ශරීරය සජලීයව තබා ගැනීමට උපකාරී වන හොඳ එළවළුවක් ලෙස පිපිඤ්ඤා සැලකෙනවා.තන්තුවල ඉතා හොඳ ප්‍රභවයක් ලෙස සැලකෙන පිපිඤ්ඤා ප්‍රතිඔක්සිකාරක , කැරොටින් , විටමින් A සහ විටමින් C වලින් පොහොසත් වන අතර මල බද්ධය පාලනය කිරීම , ශරීරයට අවශ්‍ය තෙතමනය ලබා දීම, වයසට යාම වැළැක්වීම ආදී වැදගත් කාර්යභාරයන් ඉටු කරනවා.
රූපලාවන්‍ය කටයුතු වලදී පවා පිපිඤ්ඤා බොහෝවිට භාවිතා කරන්නේ එහි ඇති සමේ තෙතමනය ආරක්ෂා කිරීමේ ගුණය නිසයි. අද අපි ඔබට කියන්නේ පිපිඤ්ඤා භාවිත කර නිවසේදී පහසුවෙන්ම ඔබට සකස් කර ගැනීමට හැකියාව ඇති ස්වභාවික ෆේස් මාස්ක් කිහිපයක් ගැනයි.
කෝමාරිකා සහ පිපිඤ්ඤා ෆේස් මාස්ක්
කෝමාරිකා සහ පිපිඤ්ඤා යන අමුද්‍රව්‍ය දෙකම සම හොඳින් සමනය කරමින් සම සන්සුන් කරනවා. මේ අමුද්‍රව්‍ය දෙක සමට නීරෝගී බවක් ලබා දෙමින් සම දීප්තිමත් කරන අතර කෝමාරිකා මගින් සම මත ඇතිවන ආසාත්මිකතා පාලනය කරනවා.
හොඳින් ග්‍රේට් කර ගත් පිපිඤ්ඤා කැබැල්ලකට කෝමාරිකා ජෙල් මේස හැඳි දෙකක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්නන.
මෙම මිශ්‍රණය මුහුණේ සහ බෙල්ලේ ඒකාකාරීව ආලේප කර විනාඩි පහළොවක් තිබෙන්නට හරින්න
ඉන් පසුව මද උණුසුම් ජලයෙන් සෝදා හැර ටෝනර් එකක් ආලේප කරන්න
ආමන්ඩ් සහ පිපිඤ්ඤා ෆේස් මාස්ක්
වියලි සම සඳහා ප්‍රතිකාර කිරීමට ආමන්ඩ් සහ පිපිඤ්ඤා කියන්නේ ඉතාම හොඳ අමුද්‍රව්‍ය දෙකක්.සමේ වර්ණක වැඩි කිරීමට සහ වියළි බව පාලනය කිරීමට ආමන්ඩ් ක්‍රියා කරන අතර කෙතමනය ආරක්ෂා කිරීමට පිපිඤ්ඤා භාවිත කල හැකියි
ආමන්ඩ් බටර් මේස හැඳි එකකට පිපිඤ්ඤා පල්ප් මේස හැඳි එකක් එකතු කර මිශ්‍ර කරන්න.
මෙය ඔබේ මුහුණේ සහ බෙල්ලේ ඒකාකාරීව ආලේප කර විනාඩි පහළොවක් තිබෙන්නට හරින්න
ඉන් පසුව මද උණුසුම් ජලයෙන් සෝදා හැර ටෝනර් එකක් ආලේප කරන්න
යෝගට් සහ පිපිඤ්ඤා ෆේස් මාස්ක්
සංවේදී සමක් සඳහා ඉතා සුදුසු වන මේ ෆේස් මාස්ක් එක ඔබට ඔබේ සමේ ඇති මැරුණු සෛල ඉවත් කර ගැනීම සඳහා, ස්වාභාවික දීප්තියක් ලබා ගැනීම සඳහා සහ සමේ ආරක්ෂා කර ගැනීම සඳහා භාවිත කළ හැකියි
පිපිඤ්ඤා පල්ප් මේස හැඳි දෙකකට යෝගට් මේස හැඳි එකක් හොඳින් මිශ්‍ර කරන්න
මෙම මිශ්‍රණය මුහුණේ සහ බෙල්ලේ ඒකාකාරීව ආලේප කර වියළෙන්නට හරින්න
විනාඩි පහළොවකට පසුව මද උණුසුම් ජලයෙන් සෝදා හැර ටෝනර් එකක් ආලේප කරන්න
පිපිඤ්ඤා සහ තක්කාලි ෆේස් මාස්ක්
මෙම ස්වාභාවික අමු ද්‍රව්‍ය දෙක ඔබේ සමේ වර්ණය වැඩි කිරීමට , තෙතමනය ආරක්ෂා කිරීමට වගේම හිරු රශ්මියෙන් ඇතිවී ඇති හානි වලින් ආරක්ෂා කිරීමට ක්‍රියා කරනවා
පිපිඤ්ඤා කැබැල්ලක් සහ කුඩා තක්කාලි ගෙඩියක බාගයක් ගෙන හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න
මෙම මිශ්‍රණය ඔබේ මුහුණේ සහ බෙල්ලේ ඒකාකාරීව ආලේප කර විනාඩි විස්සක් තිබෙන්නට හරින්න
විනාඩි විස්සකට පසුව මද උණුසුම් ජලයෙන් සෝදා හැර ටෝනර් එකක් ආලේප කරන්න
මී පැණි සහ පිපිඤ්ඤා ෆේස් මාස්ක්
මී පැණි යනු සමට භාවිතා කළ හැකි ඉතාම හොඳ ස්වාභාවික අමු ද්‍රව්‍යයක්.එය ප්‍රතිබැක්ටීරිය සහ විෂ බීජ නාශක ගුණ වලින් අඩංගු නිසා සම සුවපත් කරමින් තෙතමනය ආරක්ෂා කර සම සිනිඳු කරනවා.
පිපිඤ්ඤා පල්ප් මේස හැඳි දෙකකට මී පැණි තේ හැඳි එකක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
මෙම මිශ්‍රණය ඔබේ මුහුණේ සහ බෙල්ලේ ඒකාකාරීව හොඳින් ආලේප කරන්න
විනාඩි පහළොවකට පසුව මද උණුසුම් ජලයෙන් සෝදා හැර ටෝනර් එකක් ආලේප කරන්න
ඔබේ සමට ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගත හැකි පිපිඤ්ඤා වලින් සකස් කරගත හැකි ස්වාභාවික ෆේස් මාස් වර්ග කිහිපයක් ගැනයි මේ ලිපියෙන් අපි ඔබට කරුණු ගෙන ආවේ. මේවා සඳහා ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතා කරන නිසා ඔබේ සමට අහිතකර ප්‍රතිඵල ඇති වෙන්නේ නැහැ.
ReplyForwardAdd reaction |