මේ ඒ වසන්තයයි – 68

0
5120

වත්සලා උන්නේ සිදුවූයේ කුමක්දැයි සිතාගන්නට නොහැකිවය .එක්වරම පොලිසියෙන්  පැමිණ  පැමිණිල්ලක් විභාග කිරීම සඳහා ඇයට පොලිසියට පැමිණෙන්නටයි පැවසූ විට ඇය කිසිවක් සිතා ගන්නට නොහැකිව ගල් ගැසුණාය.

මගහරින්නට කිසිදු ක්‍රමයක් නොවූ නිසා ඇයට අම්මාද කැටුව පොලිසියට යන්නට විය. එහිදී සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඇයට මුසාවක් ගොතා ගන්නට තරම්වත් කාලයක් තිබුණේ නැත.

අවසානයේ ඕ සියල්ල පිළිගත්තේ ඇගේ මව ක්ලාන්තව ඇද වැටෙද්දීය.

” මම හැමදේම කලේ නුරාන් ස්ර් මට අයිති කරගන්න ඕන නිසා… මට තේරුනේ නැහැ ඊට වඩා හොඳ  විදියක් ….අලුතෙන් ඇවිල්ලා ඉන්න කෘෂිකර්ම වැඩ කරන අර වඳ ගෑනි නුරාන් සර්ව  අල්ලගන්න යන්නේ කියලා හොඳටම පැහදිලිව දැනගත්තට පස්සේ මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ……

නුරාන් සර්ගේ ජීවිතයේ බිඳිලා ගිහිල්ලා තිබුණු දවස්වල ඉඳන්,  සර් ටිකෙන් ටික උඩට එනකල්  හැමදේම මම බලාගෙන හිටියා. නුරාන් සර් ටිකෙන් ටික ඔලුව උස්සන විදිය මම බලාගෙන හිටියා.. මම ඒ  දවස්වල ඉඳන්ම ආදරේ කරේ. මගේ නුරාන් සර්ව වෙන කාටවත් දෙන්නේ නැහ සර් මම …. මට නුරාන් සර්ව වෙන කාටවත් දෙන්න බැහැ… “

තම දියණිය උමතුවෙන්  මෙන් එලෙස පවසන ආකාරය අසුනකට වී අඩ සිහියෙන් මෙන් සෝමා  අසා සිටියේ හඬා වැටෙමිනි.

” ඒ කෘෂිකර්ම ඔෆිස් එකේ වැඩට ඇවිල්ල ඉන්න …ඒ  නුරාන්  සර්ව අල්ලගෙන ඉන්න ගෑනු කෙනාට ළමයි නැහැයිලු. ඒ නිසා තමයි එයාගේ හස්බන්ඩ්  එයාව  ඩිවෝස් කරලා තියෙන්නේ…… දැන් ඒ ගෑනි ඒ කතා ඔක්කොම හංගලා නුරාන් සර්ගේ කරේ එල්ලෙන්න එනවා … මම කීයටවත් ඔය ගෑනිට මගේ නුරාන් සර්ට ළං වෙන්න දෙන්නේ නැහැ. මම ඔය ගෑනිව මරලා හිරේ ගියත්…..ඒක වෙන්න දෙන්නේ නැහැ…”

සියලු සැලසුම් හෙළිදරව් වුණාට පසුව රැක ගන්නට කිසිවක් නැතැයි මෙන් සිතමින් වත්සලා ඉතා උමතුවෙන් කියවමින් උන්නාය.  ඇයට තමා ඉදිරියේ සිටින්නේ තම මවය,  පොලිස් නිලධාරින්ය කියා වෙනසක් තිබුණේ නැත.   ඇයට අවශ්‍ය වූයේ තමා නුරාන්ට කෙතරම් පෙම් කරනවාද යන්න පැවසීමටත් , ඉසිනි ව   නුරාන් ගේ  ජීවිතයෙන් පසෙකට කරවීමත්ම පමණි…”

කාන්තා පොලිස් නිලධාරිනියක් වත්සලාව පසෙකට කැඳවාගෙන ගියාය. තවත් පොලිස්  නිලධාරීනියක්  වත්සලාගේ මව පසෙකට කැඳවාගෙන ගියාය.

ස්ථානාධිපතිවරයා වත්සලාගේ මව අසලටම  පැමිණියේය.

” මට බොහොම කණගාටුයි… මේ අම්මට මේ වයසට මුහුණ දෙන්න වෙච්ච  සිදුවීම ගැන….. මං හිතන්නේ මේ අම්මට සිද්ධ වෙච්ච දේ පැහැදිලි ඇති… දැන් දුව ඉන්නේ යම් මට්ටමකට ප්‍රතිකාර අවශ්‍ය වන  තත්ත්වයක කියල තමයි මට නම් හිතෙන්නේ…..

ඒ නිසා පවුලේ හිතවත් කෙනෙක් සම්බන්ධ කරගෙන,  හොඳ මනෝ වෛද්‍යවරයෙක්ව මුණගැහිලා දුවට ප්‍රතිකාර අරන් දෙන්න… උපදේශනයට යොමු  කරත් කමක් නෑ…

  එහෙම නැතිවුනොතින් ඒකෙන් දුවගේ ජීවිතයට කරදරයක් වුණොත් වෙන්න පුළුවන්…. දැනට නුරානන් සමරකෝන් මහත්තයාලගේ පැත්තෙන් පැමිණිල්ල දාල තිබුනට මේක කතාබහ කරලා විසඳ ගන්න කැමති බව තමයි දැනුම් දීලා තියෙන්නේ….

ඒත්,  ඉතිං ඒකට එහෙං කවුරුහරි මෙහෙට එනකල් ඉන්න වෙනවා ….. මට එතකල් මේ අම්මගේ දුවව ගෙදර යවන්න විදියක් නැහැ. ඒත් මං එයාව කූඩුවකට දාන්නේ නැහැ. ඔහොම ඉඳගෙන ඉඳී ……අම්මත් කැමතිනම් ඔහොම ඉඳගෙන ඉන්න පුළුවන්…”

වත්සලාගේ මව ස්ථානාධිපතිවරයාගේ දෑත් අල්ලාගෙන හඬා වැටුණාය.  කුඩා කල සිටම අසීරුවෙන් ඇයට උගන්වා ,  ක විශ්වවිද්‍යාලයට ද යවා ,  ඇය උස්මහත් කරගෙන රැකියාවක් කරන දෙස සතුටින් බලා සිටියේ කෙලෙසකින් දැයි  ඕ  කිව්වේ හඬා වැටෙමිනි..

”   මන්දිනු  මහත්තයා දෙයියෙක් වගේ කෙනෙක්…… ඒ දෙයියොන්ට ළං වෙන්න අපිට බෑ කියලා මේ කෙල්ලට තේරුනේ නැත්තේ ඇයි මහත්තයෝ……”

ඇය එලෙසින්ද විමසුවාය

” අම්මා ඒ දේවල් ගැන හිතන්න එපා…… තරුණ ළමයිනේ….. ජීවිතය  , ආදරය ගැන දකින විදිය  ,  ඒ දේවල් අර්ථ දක්වා ගන්නා විධිය වෙනස්… කොහොම වුණත් වත්සලාම පිළිගත්ත නිසා නුරාන්  එයාට කිසිම විවාහ බලාපොරොත්තුවක්වත් අඩුම ගානේ ප්‍රේම සම්බන්ධතාවයකට ඉඟියක්වත් දීලා නැහැ කියලා මේ ප්‍රශ්න වැඩිදුර යවන්නේ නැතුව ඉවරයක් කරගන්න පුළුවන් වෙයි කියල මට හිතෙනවා……. “

කාන්තා පොලිස් නිලධාරිනියද වත්සලාට කරුණු කාරණා පැහැදිලි කරන්නට යම් මට්ටමකින් උත්සාහ දැරුවාය. එහෙත් වත්සලා හිතුවක්කාරවම උන්නාය. ඇය තම නෑදෑ සොහොයුරියටද, ඉසිනි ටද එක සෙයින් බැන වැදුනාය.

තමා දැන් සිටින්නේ තම පියවි සිහියෙන් ඔබ්බට බවක් ඇයට වැටහුනේ නැත. ඒ වෙනුවට ඇයට  අවශ්‍ය කරේ නුරාන්ගේ අයිතිය ලබාගැනීම සඳහා යම් මඟක් සොයා ගැනීම පමණි.

මෙම සිදුවීම ගම තුළ ප්‍රචාරය නොකරන්නැයි වත්සලාගේ මව පොලිස් නිලධාරීන් එකිනෙකා ළඟට ගොස් වැඳ වැටෙන්නට පටන් ගත්තේ ස්ථානාධිපතිවරයාටද දෙනතට නැගෙන කඳුළු නවතා ගන්නට නොහැකි වෙද්දීය. ඔහු වහාම ඇය අසුනක සිටුවා ඇය අසලටම විත් යළි කතා කළේය.

” කලබල නොවී ඉන්න අම්මේ….. ඒක එහෙම  වෙන කවුරුත් දැනගන්න එකක් නැහැ…… අපි දැන් ඔය වත්සලා ගැන කට උත්තරයක් දීපු ගෑනු ළමයටයි , එයාගේ පෙම්වතාටයි පොලිසියට එන්න කියලා තියෙන්නේ…… ඒගොල්ලෝ ළඟ මේ වීඩියෝ එකට අදාල මොනවා හරි දර්ශන තියෙනවානම් අපි ඒවත් අපේ භාරයට ගන්නවා ගන්නවා… කලබල වෙන්න එපා. වත්සලා දැන් ඉන්නෙත් ටිකක් කලබල වෙච්ච මානසිකත්වයකනේ ඒක සංසුන් උනහම මේ හැමදේම හරියාවි.. උගත් ළමයි නේ..  මෙහෙම දේවල කාලෙත් එක්ක තේරුම් ගනීවී…..”

තම මව වන් කාන්තාවක ගේ මාතෘ සෙනෙහස ස්ථාධිපතිවරයාට මෙන්ම පොලිසිය ස තුළ සිටි අනෙක් නිලධාරීන්ට සහ නිලධාරිනියන්ටද වටහා ගන්නට නොහැකි වූ ඒ නැත. දරුවන් කිනම් වරදක් කළද අම්මලාට දරුවන් අත්හරින්නට සිතෙන්නේ නැත. වරදෙන් මුදවාගෙන කෙලෙසක හෝ සමාජගත කළ හැකි  ය  යන උදාර අරමුණම සිත දරන්නෝය

නුරාන්  පෞද්ගලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව නුරාන් ගේ මිතුරන් කිහිප දෙනෙක්ම විත් ඔහුගේ දුක සැප විමසාා ගියෝය. ඔවුන් පැවසුවේද එවේලෙහි රජය රෝහලෙන් ඔහුගේ පාදයෙහි කොටසක්  ඉවත් කිරීමට ගත් තීරණය ඉතා නිවැරදි බවය.

” දැන් ලෝකේ ඉස්සරහට ගිහිල්ල තියෙන්න මන්දිනූ ….. උඹ කලබල නොවී  ඉස්සෙල්ලා අනෙක අපහසුතා ටික අඩු කරගෙන ඇඟට හයියක් අරගෙන හිටපන්…… ඊට පස්සේ හොයලා  බලලා  අවශ්‍ය ඔපරේශන්  එකක් කරමු..

අනෙක නිවුස්වලට ඒ වාහනය පෙන්නපු විදියට මං හිතුවේ ඒක ඇතුලේ හිටපු කෙනා කුඩු පට්ටම් වෙලා ඇති කියල…..  පස්සේ තමයි මම ගෘප් එකේ උඹේ වාහනය කියලා දාලා තියෙනවා දැක්කේ… එනිසා උඹ ඔහොම කෙලින් කටින් ඉන්න එක උඹේ වාසනාව කියලා හිතාගනින්… “

වෛද්‍ය මිතුරන්ගේ කතාවල සාරාංශය වූයේ එලෙසින්‍ ය.  ඒ හැම කතාවකටම පසු පසු  නුරාන්  ඉතා තද ගැඹුරු හුස්මක් සමගින් ජීවිතය ඉදිරියට ගෙන යා යුතු බව අවධාරණය කරගන්නට උත්සාහ කළේය.

” එක තත්පරයක හිතනවා බං එකපාරම කුඩු පට්ටම් වෙලා ගියා නං හොඳයි කියලා……. ජීවිතේ ඉස්සරහට දේවල් මං විසඳගන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. ඒත් ආයෙම හිතනවා මට එහෙම නොවී තිබ්බ එක හොඳයි කියල…”

ඔහු ඒ මිතුරන් අතරින් එක් අයෙකුට  එලෙසින් කීවේය.

” නිකන් විකාර කතා කරන්න එපා මන්දිනු… ඉස්කෝලෙ යන කාලෙ උඹ කාපු කට්ට අපි දන්නවා. …උඹලයි අම්මා තාත්තා විඳපු  දුකත් අපි දන්නවා….. එහෙව් එකේ ඒ මිනිස්සු ජීවිතේ සතුටක් සැනසීමක් විඳින්න පටන් ගත්ත ගමන් උඹ කුඩු පට්ටම් වෙලා යන කතා කියන එක සාධාරණයිද  හිතපන්කෝ…

ඒකත් හරි උඹ ජීවිත කාලයක් බලාගෙන හිටපු ගෑනි දැන් අත් දෙක දික් කරගෙන උඹ ලඟට ඇවිල්ලා ඉන්නවා. දැන් ඒ ගැණි  උඹව ආදරෙන් බදාගන්න බලාගෙන ඉන්නවා. ඉතින් උඹට මොනාද බන් අඩු.. හිතට හයිය  අරගෙන වෙච්ච දේ  ඇක්සෙට් කරපන්. ඊට පස්සේ උඹට ඉස්සරහට යන එක අමාරු වෙන්නේ නෑ..”

මිතුරා වක්‍රාකාර උපදේශනයද ඇරඹුවේය.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here