දියවැඩියාව පාලනය කරගමු 

දියවැඩියාව ඇති පුද්ගලයින්ට සහ එය වර්ධනය වීමේ අවදානමක් ඇති පුද්ගලයන්ට  රුධිරයේ සීනි මට්ටම කළමනාකරණය කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වනවා. මේ සඳහා ඖෂධ, ව්‍යායාම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුතු වන අතර ඇතැම් ස්වාභාවික අමුද්‍රව්‍ය ඇසුරෙන් සකස් කර ගත හැකි පාන වර්ග වලින්ද රුධිරයේ සීනි මට්ටම පාලනය කරගන්නට හැකියාව තියෙනවා.මෙම ස්වාභාවික පාන වර්ග රුධිරයේ සීනි නියාමනය කිරීමට පමණක් නොව අතිරේක සෞඛ්‍ය ප්‍රතිලාභ ද ලබා දෙනවා . මෙම ලිපිය, සෞඛ්‍ය සම්පන්නව රුධිරයේ සීනි මට්ටම පවත්වා ගැනීම සඳහා ඔබට භාවිතා කළ හැකි පාන වර්ග කිහිපයක් ගැන  පාන වර්ග කිහිපයක් ගැනයි.

කරවිල යුෂ

කරවිල වල රුධිරයේ සීනි අඩු කිරීමේ ගුණ ඇති චරන්ටින් සහ පොලිපෙප්ටයිඩ-p වැනි ක්‍රියාකාරී ද්‍රව්‍ය අඩංගු වේ. එය ග්ලූකෝස් අවශෝෂණය වැඩි දියුණු කරන අතර ශරීරයේ ඉන්සියුලින් ස්‍රාවයද වැඩි දියුණු කරනවා.

භාවිතා කල යුතු ආකාරය – නැවුම්ව නිස්සාරණය කර ගන්නා ලද කරවිල යුෂ 100-150ml උදෑසන හිස් බඩ සතියකට කිහිප වතාවක් පානය කරන්න.

 මහදුරු ජලය

මහදුරු බීජ ද්‍රාව්‍ය තන්තු වලින් පොහොසත් වන අතර එය ආහාර දිරවීම සහ කාබෝහයිඩ්‍රේට් අවශෝෂණය මන්දගාමී කරනවා. ඒවා ග්ලූකෝස් අවශෝෂණය වැඩි දියුණු කරන අතර එමගින් රුධිර සීනි මට්ටම අඩු කරනවා.

භාවිතා කළ යුතු ආකාරය – මහදුරු බීජ මේස හැඳි 1-2 ක් එක රැයක් වතුර වීදුරුවක පොඟවා උදෑසන පානය කරන්න

කුරුඳු තේ

කුරුඳු ඉන්සියුලින් සංවේදීතාව වැඩි දියුණු කරන අතර ආහාර ජීර්ණ ක්‍රියාවලිය තුළ  කාබෝහයිඩ්‍රේට් බිඳවැටීම මන්දගාමී කරමින් රුධිරයේ සීනි මට්ටම හදිසියේ ඉහළ යාම වළක්වනවා

භාවිතා කළ යුතු ආකාරය –  කුඩා කුරුඳු කැබැල්ලක් හෝ කුරුඳු කුඩු තේ හැඳි 1 ක් වතුරේ තම්බා දිනකට වරක් පානය කරන්න.

කෝමාරිකා යුෂ

කෝමාරිකා නිරාහාර රුධිර ග්ලූකෝස් මට්ටම අඩු කරනවා. එය අග්න්‍යාශයේ ක්‍රියාකාරිත්වය සහ ඉන්සියුලින් සංවේදීතාව ද වැඩි දියුණු කරන බැවින් රුධිරයේ සීනි මට්ටම පාලනය කර ගැනීම සඳහා කෝමාරිකා යුෂ පානය කිරීම වැදගත් වනවා.

භාවිතා කළ යුතු ආකාරය –  ආහාර වේලකට පෙර, දිනකට වරක් ජලය සමඟ මිශ්‍ර කළ කෝමාරිකා යුෂ මේස හැඳි 1-2 ක් පානය කරන්න.

ඇපල් සයිඩර් විනාකිරි පානය

ඇපල් සයිඩර් විනාකිරි ආහාර ගැනීමෙන් පසු පරිභෝජනය කිරීමෙන් පිෂ්ටය ජීරණය මන්දගාමී කිරීම සහ ඉන්සියුලින් සංවේදීතාවය වැඩි තියුණු කරනවා.එමගින් රුධිරයේ සීනි මට්ටම අඩු කිරීම සිදු කරනවා.

භාවිතා කළ යුතු ආකාරය – වතුර වීදුරුවකට ඇපල් සයිඩර් විනාකිරි මේස හැන්දක් මිශ්‍ර කර ආහාර වේලකට මිනිත්තු 15-20 කට පෙර එය පානය කරන්න. ඔබට ආමාශ සංවේදීතාවයක් , ගැස්ට්‍රයිටිස් වැනි තත්වයක් ඇත්නම් මෙය හිස් බඩ පානය කිරීමෙන් වළකින්න.

හරිත තේ

හරිත තේ වල කැටචින් ලෙස හඳුන්වන ප්‍රතිඔක්සිකාරක, විශේෂයෙන් EGCG අඩංගු වන අතර එය ග්ලූකෝස් මට්ටම නියාමනය කිරීමට සහ ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට උපකාරී වනවා.

භාවිතා කළ යුතු ආකාරය –  දිනපතා ඉතා හොඳින් ආහාර ගැනීමෙන් පසු , සීනි රහිත හරිත තේ කෝප්ප 1-2 ක් පානය කරන්න.

බාර්ලි ජලය

බාර්ලි වල බීටා-ග්ලූකන් අඩංගු වන අතර එය රුධිරයේ සීනි සහ ඉන්සියුලින් ප්‍රතිචාරය නියාමනය කිරීමට උපකාරී වන ද්‍රාව්‍ය තන්තු වර්ගයක් ලෙස සැලකෙනවා.

භාවිතා කළ යුතු ආකාරය –  බාර්ලි කෝප්ප 1/4 ක් වතුර කෝප්ප 4 ක විනාඩි 30 ක් තම්බා ගන්න. ඉන් පසුව එය පෙරා දවස තුළදී වරින් වර පානය කරන්න. 

කහ කිරි (Golden milk )

කහ වල ක්‍රියාකාරී සංයෝගය වන කර්කුමින්, රුධිරය තුළ ප්‍රති-ගිනි අවුලුවන සහ ප්‍රතිඔක්සිකාරක බලපෑම් ඇති කරනවා . එය ඉන්සියුලින් ප්‍රතිරෝධය අඩු කිරීමට සහ ග්ලූකෝස් පරිවෘත්තීය නියාමනය කිරීමට උපකාරී වනවා.

භාවිතා කළ යුතු ආකාරය –  අඩු මේද සහිත කිරි කෝප්පයකට ( එළකිරි, සෝයා කිරි හෝ ආමන්ඩ් කිරි වැනි කැමැති කිරි වර්ගයක් ) කහ කුඩු තේ හැන්දක 1/2 ක් , කුරුඳු කුඩු , ඉඟුරු එකතු කර මදක් උණු කර නින්දට යාමට පෙර පානය කරන්න.

ස්වභාවික ප්‍රතිකාර ක්‍රම ඔබට හොඳ ප්‍රතිඵල ලබා දෙන නමුත් ඔබ දියවැඩියාව සඳහා දීර්ඝ කාලීනව හෝ කෙටිකාලීනව ඖෂධ ලබා ගන්නේ නම්, ඕනෑම නව පිළියමක් ආරම්භ කිරීමට පෙර ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගත යුතු වනවා. 

ඔබ දියවැඩියා රෝගියෙක් නම් රුධිරයේ සීනි පාලනය කර ගැනීම ඔබ ජීවිත කාලය පුරාම කැපවීමෙන් කළ යුතු දෙයක් වන අතර ස්වාභාවික පාන වර්ග ඔබේ දින චර්යාවේ ප්‍රයෝජනවත් කොටසක් විය හැකියි. කරවිල යුෂ, කුරුඳු තේ හෝ මහදුරු ජලය වැනි නිවැරදි තේරීම් සමඟ ඔබට ස්වභාවිකවම ඔබේ ශරීරයේ ග්ලූකෝස් සමතුලිතතාවයට සහාය වන නිසා ,හොඳම ප්‍රතිඵල සඳහා මෙම පාන වර්ග සැමවිටම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්, දිනපතා ව්‍යායාම සහ වෛද්‍ය උපදෙස් සමඟ පරිභෝජනය කරන්න.

Related Articles

Don't Miss


Latest Articles