දරු ප්‍රසූතියට රෝහල් ගත වෙන්නට පෙර බෑගය සකස් කර ගන්නට ඔබට අපෙන් උදව්වක්

දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත වෙන විට ඔබට සහ දරුවාට අවශ්‍ය දේවල් සහිතව බෑගයක් සකස් කළ යුතුයි. මේ බෑගය සකසා ගන්නට ඔබට උදව්වක් ලබා දීමටයි අපි මේ ලිපියෙන් අදහස් කරන්නේ.

සාමාන්‍යයෙන් මේ බෑගය මාස හයෙන් පසුව සකස් කර තබන්න කියලා තමයි බොහෝ මව්වරුන්ට උපදෙස් ලැබෙන්නේ. ඔබ ඇතුළත් වෙන රෝහලෙන් හෝ ඔබේ පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් මේ ලැයිස්තුව ඔබට අනිවාර්යයෙන් ලැබේවි.

රෝහල් ගත වීමට ඔබ දරුවා වෙනුවෙන් සකස් කළ යුතු භාණ්ඩ ලැයිස්තුව මේ ආකාරයි.

  • 20×20 ප්‍රමාණයේ නැපීස් 20
  • ළදරු ඇඳුම් 12
  • බබා පිස දැමීමට කපු රෙදි දෙකක්
  • ළදරු සබන්
  • සබන් පෙට්ටියක්
  • ළදරු ප්ලැනල් සූට් මේස් තොප්පි කට්ටලයයි.
  • ප්ලැනල් 36×36 ප්‍රමාණයේ 3ක්
  • ළදරු මදුරු දැල් 1යි
  • නැපි කටු කිහිපයක්
  • පෙකණි කටුව
  • රබර් ශීට් එකක්

මේ හැරුණු විට ඔබ බේබි බෑග් එකක්, රෙදි වනන රැක් එකක්, දරුවා නෑවීමට අවශ්‍ය බේසම, කෝප්ප, බාතින් ශීට්ස්, තොටිල්ල, කොට්ට උර සහ කොට්ට ආදිය සූදානම් කර තබා ගන්න. ළදරු ඇඳුම් සහ නැපීස් ද ඔබේ ප්‍රදේශයේ කාලගුණ තත්වය අනුව සකස් කර ගැනීම අනිවාර්යය දෙයක්.

මව රෝහලට ගෙනයා යුතු ලැයිස්තුව මේ ආකාරයි.

  • ගර්භණී සටහන් පත සහ අනෙක් සියලුම ගර්භණී වාර්තා
  • වෙනත් අසනීප හා ශල්‍යකර්ම පිළිබඳව වෛද්‍ය වාර්තා
  • බෙඩ් ජැකට් 5 ක්
  • ලා පැහැති චීත්ත 5ක්
  • සුදු චීත්තයක්
  • සුදු බෙඩ් ජැකට් එකක්
  • ලූප් සහිත පෑඩ්ස් පැකට් 3 ක්
  • සුදු ඇඳ ඇතිරිලි 4ක්
  • සුදු රෙදි පටි( ඉනට බැදීමට හා කොණ්ඩය බැදීමට)
  • සබන්
  • දත් බුරුසුවක්
  • දන්තාලේප
  • පනාවක්
  • තුවායක්
  • උණු වතුර බෝතලයක්
  • වස්ති බෝතලයක්
  • පොඩි බිස්කට් පැකට්ටුවක්
  • තේ කොළ, සීනි, කිරිපිටි
  • පොඩි බෝල් එකක්
  • කෝප්පයක්
  • පිඟානක්
  • රබර් සෙරෙප්පු
  • ෂොපින් කවර කිහිපයක්
  • මවගේ උප්පැන්න සහතිකය හා හැදුනුම්පත
  • ෆීඩින් බ්‍රා

මව සූතිකාගාරයට ගෙන යා යුතු දේවල් වන්නේ මෙන්න මේ දේවල් –

  • බෙඩ් ජැකට් 1 ක්
  • ලා පැහැති චීත්තයක්
  • ලූප් සහිත පෑඩ් පැකට් 2 ක්
  • සුදු රෙදි පටියක්

හදිසි අවස්ථාවකදී සූතිකාගාරයෙන් ශල්‍යාගාරයට ඔබව මාරු කර යැවීමටත් ඉඩ තිබෙනවා. ඒ නිසා සුදු චීත්තයක්
සුදු බෙඩ් ජැකට් එකක් වෙනම තබා ගන්න.

දරුවාට සූතිකාගාරයට ගෙන යා යුතු දේවල්-

1. 20×20 නැපි 2
2. ළදරු ඇඳුමක්
3. බබා පිස දමන කපු රෙදි (36×36) එකක්
4. ප්ලැනල් රෙද්දක්
5. ළදරු ඇඳුමක් මේස් තොප්පි සහිත කට්ටලයක්.
6. පෙකණි කටුව

මේ රෙදිපිළි සියල්ල හොඳින් සෝදා මැද බෑග් වල අසුරා ගන්න. ලේබල් කරන්නත් අමතක කරන්න එපා. ඔබ ප්‍රසූතිය සිදු කරන්නේ රජයේ රෝහලකද පෞද්ගලික රෝහලකද යන්න සහ එක් එක් රෝහලින් රෝහලට ද මේ ලැයිස්තුවේ යම් වෙනස්වීම් තිබෙන්නත් පුලුවන් .ඒ නිසා ඔබට රෝහලෙන් ලබා දෙන ලැයිස්තුවකට අනුව ඔබේ භාණ්ඩ සූදානම් කර ගැනීම අනිවාර්යය දෙයක්.

(මේ ලැයිස්තුව ලබා ගත්තේ රජයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියකගෙනි)

-නිබන්ධිකා-

Related Articles

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -16

"අපේ බබාව ලැබුණට පස්සේ හිමාෂාගේ බබාට ඔයාගෙන් ලැබෙන්න ඕන දේවල් දීලා දාන්න.මම කියන්නෙ ඉඩමක් වගේ මොනවා හරි." මල්මි එසේ...

සුන්දර නිය පෙළක් සඳහා නිවසේ දී ම කළ හැකි නොවරදින සත්කාර

කාන්තාවකගේ දෙපා වල මෙන්ම දෑත් වල සුන්දරත්වය සදහා නීරෝගිමත් නියපොතු ගොඩක් වැදගත්. හානි වුන නියපොතු නිසා ඔබේ දෑතේ මෙන්ම දෙපා වලත් සුන්දරත්වයටහානි...

ශරදාකාසේ -30

පවුලක් බිඳී යාම යනු  නීත්‍යානුකූල වූ බැඳීම් ලිහී යාමක් ම නොවේ. එහිදී ශරීරයක සියලු සෛල වල බිඳී යාමක් සිදු වේ. සිතක ක්ෂුද්‍ර...

කලගුණ

"පැතුම්,මේ මගේ යාළුවෙක්.රුවිනි.මෙයා මේ එක්සෑම් එකකට උදව් ගන්න කෙනෙක් හොයනවා" දිල්මි පැතුම්ට එහෙම කිව්වේ මිතුරිය හඳුන්වා දෙන ගමන්.මිතුරිය මේ...

හිමගිරි අරණ -15

"මම අද රවිඳුට කෑම එකක් ගෙනාවා.ඒ මනුස්සයා දවල්ට කන්නේ නෑ කියන්නේ." හිමාෂා හිස ඔසවා බැලුවේ පාරමීගේ පැමිණිල්ල ඇසී ය.පාරමීගේ...