ලස්සන වෙන්නයි නිරෝගි වෙන්නයි කමු රස කොමඩු

දියර සහිත පලතුරු අතර කොමඩු වලට හිමිවන්නේ සුවිශේෂී තැනක්. ලොකු පොඩි හැමදෙනෙක්ම බොහෝම ආසවෙන් රසවිඳින කොමඩු ගැන බොහෝ අය දන්නේ දාහය නිවන පලතුරක් විදිහට විතරයි. අපි දන්නේ නැති වුනාට මේ රසවත් පළතුරෙන් අපේ ශරීරයට අවශ්‍ය පෝෂ්‍යපදාර්ථ කිහිපයක්ම ලබා දෙනවා.

  1. Beta Carotene යහමින් අඩංගු නිසා ඇස් පෙනීම වර්ධනය කරන අතර අක්ෂි රෝග ඇතිවීම වළකයි.
  2. ශරීරයේ වතුර මට්ටම පාලනය කිරීමට උපකාරි වේ. නිතර මස්පිඬු පෙරලෙනවානම් කොමඩු වැඩියෙන් පාවිච්චි කරන්න. ඉක්මනින්ම එම තත්ත්වය සමනය වේවි.
  3. කොමඩුවල සීනි අඩංගු වන්නේ 10% පමණ වන අතර ඉතරි 90% ජලය වේ. එනිසා රුධිරයේ සීනි මට්ටම පිලිබඳව බිය නොවී නිතර කන්න පුළුවන් පලතුරක්.
  4. ආසාදනයන් ඇතිවීම වළක්වයි. එසේම ආසාදන ප්‍රතික්‍රියාවක් ඇතිවීමේ හැකියාව අවම මට්ටමේ පවතින පලතුරකි.
  5. ප්‍රතිශක්තිය වර්ධනය කරගන්නට බෙහෙවින් උපකාරී වේ.
  6. හදවත් රෝග වැළඳීමේ අවධානම අවම කරන අතර රුධිර පීඩනය ක්‍රමවත් කර පාලනය කර දෙයි.
  7. මේද රහිත ආහාරයක් වුවත් Vitamin A සහිත නිසා ශක්තිය වර්ධනය කරයි. මෙන්න මේ නිසා තමයි බොහෝ Diet Plans වල මෙ පලතුර වැඩියෙන් දකින්න ලැබෙන්නෙ.

කොමඩු තනි පලතුරක් විදියට කන්න අකමැති නම් සලාද වලට එකතු කරගන්න. නැති නම් දෙහි සමඟ බීමට ගන්න පුළුවන් නමුත් මතක ඇතිව සීනි එකතු නොකර ඉන්න වග බලාගන්න.

– කල්හාරි –

Related Articles

Don't Miss


Latest Articles