සිරුරේ අනවශ්‍ය මේදය ඉවත් කර, බර අඩු කරන විස්මිත පානය

Detox water – ඩෙටොක්ස් පානය. මේ දිනවල ආහාර පාලනය සහ සෞඛ්‍යමත් ජීවිතය කියන මාතෘකාව එක්ක බොහෝවිට නිතරම ඇහෙන වචනයක් ඩෙටොක්ස් වෝටර්. පහසුවෙන් සකසා ගන්න පුලුවන් ඩෙටොක්ස් පානය ගැන ඔබව දැනුවත් කරන්න අපි හිතුවේ මේ පානය ඇත්තටම බොහොම ප්‍රතිඵලදායක නිසාමයි.
ඩෙටොක්ස් පානයක් ලෙස හඳුවන්නේ නැවුම් එලවලු, පලතුරු හෝ ⁣ඖෂධ වලින් රසවත් කර ඇති ජලයයි. මෙම පානය ආහාර පාලනය කරන අය අතර වඩාත් ජනප්‍රිය පානයක්. තරබාරු අයට බර අඩුකරන්න මේ පානය නිර්දේශ කරනවා.  සිරුරේ අනවශ්‍ය මේදය ඉවත් කිරීමටත්  බඩ අඩු කර ගැනීමටත් මේ පානය මහත් රුකුලක් ලබා දෙනවා.
ඩෙටොක්ස් පානයක් සකසා ගන්නේ මෙහෙමයි –
අවශ්‍ය දේවල්-
  • මින්චි කොළ ග‍්‍රෑම් 250 ක්
  • දෙහි ගෙඩි 10 ක්
  • ලොකු වතුර බෝතලයක් 2l
සාදාගන්නා ආකාරය.
  • පිරිසිදු වතුර ලීටර් දෙකක් බෝතලයට දමා ගන්න.
  • දෙහි සිහින් තීරුවලට කපා මිරිකමින් වතුරට දමා ගන්න. මින්චි කොළ හොඳින් මිරිකා බෝතලයට දමා ගන්න. අවශ්‍ය නම් ස්ට්‍රෝබෙරි පෙති කීපයක්, ඉඟුරු කැබැල්ලක් එක්කර ගන්නත් පුලුවන්.මේ වතුර බෝතලය දවස පුරා බීමට ගන්න. දිනපතා අලුත් වතුර බෝතලයක් සකසා ගන්න.
සිරුර බර අඩුවීම, සිරුරේ විෂබීජ ඉවත් කිරීම, සමෙහි තෙතමනය ආරක්ෂා කිරීම, සිරුරේ pH අගය සමබර කිරීම,හොඳ ජීර්ණ සෞඛ්‍යයක් ඇති කිරීම සහ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වර්ධනය කිරීම ඩෙටොක්ස් පානයක් හරහා සිදු වෙනවා.
-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles