පතිනියකගේ සටහන්-22

දවසක් අවසානේ ට්‍රැෆික් පෝලිමෙත් හිරවීම දුකක්. කුසේ ඉන්න චණ්ඩියත් වරින් වර එයා ඉන්න බව මතක් කරනකොට අපහසුතා අලුත් වෙනවා.

මොනවා කරන්නද.. මේ අපේ රටේ හැටි!

ට්‍රැෆික් පෝලිමේ එහෙමෙහෙ යන පුංචි දරුවෙක් මගේ අවධානය එයා වෙතට ගත්තේ මටත් හොරා. හිඟමනේ යන දරුවෙක්. මේ රාත්‍රියේ මොන තරම් අනාරක්ෂිත ද?

පදික වේදිකාවේ ඉන්න ඔවුන්ගේ අම්මා මට පෙන්නුවේ භානුක. ඇය ගර්භනී මවක්. මං මොහොතකට මං විඳින පරිස්සම ගැන හිතලා බැලුවා. පවුල, කාර්යාලය,අසල්වැසියන් මොන තරම් පරිස්සමින් මාව රකිනව ද?

අර ඉන්නෙත් අම්මා කෙනෙක්. මේ පාර පුරා දුවන්නේ තවත් පුංචි ජීවිතයක්.

පොලිසිය කරන්නේ දරුවා පරිවාසෙට දාලා අම්මට නඩු දාන එක තාරු. ඔය ප්‍රශ්නවල කෙළවරක් නෑ. ළමා නිවාස ඇතුළෙත් මොන තරම් කතන්දර තියනවද”

භානුක රථය පණ ගැන්වුවේ මගේ කල්පනාව බිම හෙළමින්.
ඇත්තටම ඒ ප්‍රශ්නය කෙළවර කරන්නම බැරි ද? වීදි දරුවන් දකින හැම මොහොතකම මගේ හිත කියන්නේ අන්න ඒ දේ.

අපිට පටන් ගන්න මොකක්ම හරි තැනක් ඇති. දරුවෝ කියන්නේ පාරක් ගාණේ දිය වෙන්න ඕන අයට නෙවෙයි. පිපෙන්න කලින් තැලිලා පොඩි වෙලා යන්න ඕන අය නෙවෙයි.
-නිබන්ධිකා-

Related Articles

Don't Miss



Latest Articles

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...

හිමගිරි අරණ -19

"එකට වැඩ කරන නිසා අයියේ අක්කේ නංගි මල්ලි කියා ගත්තෙ නැතුවට මම අක්කා තමයි." හිමාෂා කියන්නේ හිනැහෙමිනි.කාර්යාලයේ හිඳින වයසින්...

(අ)හිමි සිහින -123

මම මගේ ක්ෂේත්‍රයේ මට හැකි උපරිමයෙන් ඉදිරියට එන්නට වෙනකොට කටයුතු කරමින් සිටියා.හැබෑවටම මම ඒ වෙනකොට රටේ බොහෝ පිරිසක් දන්නා චරිතයක් බවට පත්වෙමින්...

ශරදාකාසේ -33

පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ...