අවන් එකක් ෆ්‍රිජ් එකක් ඕන වෙන්නෙ නැතුව පේස්ට්‍රි ටිකක් හදාගෙන්න කන්න පුළුවන් කියලා දන්නවද?
පේස්ට්‍රි කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ බේකරියක්, නැත්නම් ලොකු අවන් එකක්නේ. හැබැයි අවන් එකක් තියා, හදන ඩෝ එක තියන්න ෆ්‍රිජ් එකක්වත්, පේස්ට්‍රි මාගරින්වත් නැතුව, ගෙදර තියන හරිම සරල බඩු ටිකකින් සුපිරි ක්‍රිස්පි පේස්ට්‍රි ටිකක් ගෙදරදීම හදාගන්න පුළුවන් කිව්වොත් ඔයා විශ්වාස කරනවාද?
හවසට තේ බොන වෙලාවට කඩෙන් පේස්ට්‍රි ගේන එක නතර කරලා, අතේ ඇති මුදලට, හරිම අඩු වියදමකින්, ලේයර්ස් පිටින් හැපෙන මරු පේස්ට්‍රි ටිකක් ලේසියෙන්ම හදාගන්න පුළුවන් නියම ක්‍රමයක් තමයි අද අපි ඔයාලට අරගෙන එන්නේ.
අන්න ඒ ගැන තමයි අපි අද ඔයාලා එක්ක බෙදාගන්න යන්නෙ.
ඒ වගේම මේක හදන්න ඔයාට මාගරින් ඕන වෙන්නෙත් නෑ. හදන්න එච්චරට ලේසියි.
මුලින්ම ඔයා කරන්න ඕන භාජනයක් අරගන්න එක. ඉන්පස්සෙ ඒකට පාන්පිටි කෝප්ප දෙකක් එකතු කරගන්න. හරියට කිරලා ගන්න පුළුවන් නම් 200g තමයි ගන්න ඕන.
ඒකට ලුණු කුඩු තේ හැඟි බාගයක් වගේ එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න.
ඊළඟට මේකට එක්කහු කරගන්න ඕන පොල් තෙල්. පොල් තෙල් තේ හැඳි තුනක් එකතු කරගන්න ඕන.
ඉතින් මෙතනදි ඔයාට පොල් තෙල් නැතුව මාගරින් එකතු කරගන්නත් පුළුවන්. කොහොමහරි පොල් තෙල් එකතු කරගත්තට පස්සෙ පොල් තෙල්, පිටි සහ ලුණු හොඳට මික්ස් වෙනකම් කලවං කරගන්න.
ඊළඟට කරන්න ඕන මෙන්න මේ පිටි මිශ්‍රණයට වතුර මිලි ලීටර් 100ක් එක්කහු කරන එක. හැබැයි වතුර ටික එකපාර එක්කහු කරන්න එපා, ටිකෙන් ටික තමා එක්කහු කරන්න ඕන.
මොකද මේ ඩෝ එක අපි හදාගන්න ඕන ටිකක් ඝනකමට. ඒ කිව්වෙ සාමාන්‍යයෙන් අපි පොල් රොටි හදන ඩෝ එකට වඩා ඝනකමට තමයි මේ ඩෝ එක හැදෙන්න ඕන. එහෙම හදාගත්ත ඩෝ එක විනාඩි දෙකක් විතර හොඳට නීඩ් කරගන්න ඕන. එහෙම කරද්දි මේ ඩෝ එකේ තිබ්බ තද ගතිය ටිකක් අඩු වෙනවා.
ඊටපස්සෙ විනාඩි 20ක් විතර මේ ඩෝ එක වහලා පැත්තකින් තියාගන්න.
ඒ ඩෝ එක එහෙම තියෙද්දි වෙනම භාජනයක් අරගෙන ඔයා ඒකට කෝන් ෆ්ලාර් මේස හැඳි හයක් එකතු කරගන්න.
බේකින් පවුඩ තේ හැඳි එකකුත් එකතු කරගන්න.
ඊලඟට මෙකට පොල් තෙල් මේස හැඳි හහකුත් එකතු කරගන්න. මෙන්න මෙතනදි මතක් කරන්න ඕන ඔයාට අවශ්‍ය නම් කෝන් ෆ්ලාර් වෙනුවට පාන්පිටි වගේම පොල් තෙල් වෙනුවට දිය කරගත්ත මාගරින් උනත් ගන්න පුළුවන්.
කෝන් ෆ්ලාර් එකතු කරගන්නෙ එතකොට පේස්ට්‍රි එක හොඳට ක්‍රිස්පි ගතියට එන හන්දා. මේ ටික හොඳට මික්ස් කරලා ක්‍රීමි ගතියට එනකම් පේස්ට් එකක් හදාගන්න තමයි දැන් අපිට තියෙන්නෙ.
දැන් අපිට කරන්න තියෙන්නෙ අපි කළින් හදාගත්ත ඩෝ එක දිග ඇරගන්න එක. එහෙම කරන්න කළින් කටින් බෝඩ් එක හෝ ඔයා ඩෝ එක හදන තැනට පාන් පිටි එකක් ඉහින්න, ඒ වගේම රෝලින් පින් එකෙත් පාන් පිටි ටිකක් තවරන්න. එහෙම කරලා තමයි ඩෝ එක දිග ඇරගන්න ඕන.ඩෝ එක හොඳට තුනියට දිග ඇරගත්තට පස්සෙ ඔයා අර හදාගත්ත පේස්ට් එක ඩෝ එක පුරාම තවරන්න ඕන.
හරිනම් මේ විදියට තවරගන්න ඕන පේස්ට්‍රි මාගරින් එක උනාට ඒක ටිකක් මිලයි වගේම ගනිද්දි එකපාර පොඩි ප්‍රමාණවලින් ගන්න බැරි හන්දා තමයි අපි මේ පේස්ට් එක හදාගන්නෙ.මොකද මේක ගොඩක් අඩු වියදමකින් ගෙදරදිම හදාගන්න පුලුවන් හන්දා. පේස්ට් එක පේස්ට්‍රි ශීට් එක පුරාවටම හොඳට තවරගත්තට පස්සෙ අපි ලේයර්ස් තුනක් වගේ එනකම් මේ ශීට් එක නවාගන්න ඕන.
එහෙම කොටුවක් වගේ නවාගත්තට පස්සෙ අපි මේ ඩෝ එක ආයෙම සැරයක් විනාඩි 10ක් වගේ රෙස්ට් එකේ තියන්න ඕන. ඒකට කලින් කටින් බෝඩ් එක උඩයි ඩෝ එක උඩයි හොඳට පාන් පිටි ටිකක් ඉහින්න අමතක කරන්න එපා.
ඊටපස්සෙ භාජනේකින් වහලා විනාඩි 10ක් වගේ තියන්න. ඊටපස්සෙ කලින් වතාවෙ ඩෝ එක දිග ඇරගත්තා වගේ අපි තව දෙපාරක් මේ ඩෝ එක දිග ඇරගන්න ඕන. ඊටපස්සෙ ආයෙ වතාවක් තුනී කරගත්ත ඩෝ එක පුරා අර පේස්ට් එක තවරන්න. ඊටපස්සෙ ආයෙ වතාවක් ලේයර්ස් තුනක් හිටින්න නවන්න. අන්තිම ලේයර් එක උඩ ආයෙ වතාවක් පේස්ට් එක ගාලා තුන් පාරක් නවන්න.
මේ විදියට තුන් පාරක් මෙහෙම කරගත්තට පස්සෙ ආයෙ තුනී කරගන්න ඩෝ එක වටේට නීට් එකට හිටින්න අයින් කපාගෙන ඉවත් කරගන්න. ඊටපස්සෙ ශීට් එක සමාන කොටස් වලට වෙන් කරගන්න. ඔයාට හදාගන්න ඕන පේස්ට්‍රි වල ප්‍රමාණයට ගැලපෙන්න මේ කොටස් ටික වෙන් කරගන්න. සාමාන්‍යයෙන් පාන් පිටි ග්‍රෑම් 200කින් පේස්ට්‍රි 15ක් වගේ හදාගන්න පුළුවන් නිසා ඒ ගාණ අනුව ඔයා කොටස් වෙන් කරගන්න.
එහෙම වෙන් කරගත්තට පස්සෙ ඔයාට කරන්න තියෙන්නෙ ඔයා ආස විදියෙ ෆිලින් එකක් මේකට පුරවන එක තමයි. සාමාන්‍යයෙන් තේ හැන්දක වගේ ප්‍රමාණයක් තමයි ෆිලින් එක දාන්න ඕන පේස්ට්‍රි ශීට් එක උඩට. පේස්ට්‍රි ශිට් එකේ කොන් හතරෙ වතුර ටිකක් ගාලා ඊටපස්සෙ ත්‍රිකෝණ හැඩයට නවාගන්න.
එහෙම නවලා අයින් ටික අතින් ලස්සනට නීට් කරගන්න. ඕනවට වඩා තද කරන්න එපා මොකද එහෙම කරොත් අර ලේයර්ස් ටික ලස්සනට එන එකක් නැතිවෙයි.
ඊලඟට අපිට තියෙන්නෙ පේස්ට්‍රි ටික බැදගෙන රස බලන්න තමයි.











