පොඩිත්තන්ට කෑම හදන්න “Smart Tips “

ඇත්තටම මේක ස්මාර්ට් ටිප්ස් විතරක් නෙවෙයි ස්මාර්ට් ට්‍රික්ස් කියලත් කිව්වට කිසිම වරදක් නැහැ. එකම ආහාර රටාව පොඩි පැටවුන්ගේ ආහාර රුචිකත්වයට කරන්නෙ ඉතාමත්ම නරක බලපෑම්ක්.ඉතින් අප නිරන්තරයෙන්ම ඔබට ගෙනෙන මේ ටිප්ස් කෑම කන්නේ නැති පොඩ්ඩන්ව අල්ලගන්න රසවත් මන්තරයක් වේවි.
සමහර පොඩිත්තන් කන්න අකමැති කෑම තියෙනවා.නමුත් ඔවුනගේ පෝෂණය වෙනුවෙන් ඒ ආහාර නොදී සිටියත් නොහැකි අවස්ථාවන් වලදී කළහැකි දේවල් පිලිබඳ ස්මාර්ට් ටිප්ස් ටිකක් කතා කරන්නයි අප මේ සූදානම් වෙන්නේ.
  • කඩල, කවුපි,පරිප්පු ඇතුලු බොහොමයක් ධාන්‍ය  වර්ග ආහාරයට ගැනීමට පොඩිත්තන් ආසා නැහැ.මෙහිදී අපට පුලුවන් මේවා තම්බා හෝ වියලා පිටිකරගෙන එයට පොල්,පාන් පිටි මිශ්‍ර  කර රසවත් රොටී සාදා ගැනීමට.ඒ වගේම වඩේ සාදන්නත් පුලුවනි.කඩල පිටි වෙලඳ පොලේ මිලදී ගැනීමටත් තිබෙනවා.වෙනත් ආහාර සකසන විට ඉන් ටිකක් මිශ්‍ර කරන්නත් පුලුවන්.ඉදිරියේදී මේ සම්බන්ධයෙන් රෙසිපි අප ගෙනෙන අතර ඔබට ත් නව ආහාර වට්ටෝරුවක් නිර්මාණය කරන්නට පුලුවනි.
  • පොඩ්ඩන් අකමැති කෑම තවත් කෑමක් ඇතුලේ සඟවා පිළිගන්වන්නත් අපට පුලුවන්.උදාහරණයක් ලෙසට විවිධ එලවලු වර්ග කට්ලට්,රෝල්ස්,එලවලු බනිස් සේම පීසා ආදී කෑම ලෙස සකසා ඉදිරිපත් කිරීම කළ හැකියි.
  • නිවිති,සාරණ වැනි කොළ වර්ග පේස්ට් එකක දවටා බැද දෙන්නට පුලුවන්.ක්‍රිස්පි ගතියෙන් යුතු නිසා ආසාවෙන් ආහාරයට ගන්නවා.
  • කෑම වර්ග සෑදීමේ සෙල්ලමක් කිරීමට දරුවාට අවස්ථාවක් දෙමු.ඔහු හෝ ඇය සමග කෑම වර්ග සාදා ආහාරයට ගැනීම පොඩිත්තාට අභිමානයක් වනවා.අකමැති එළවලු, කෑම ද මේ වට්ටෝරු වලට හෙමින් හෙමින් ඇතුල් කරන්නට පුලුවනි.
  • ඒ ඒ ආහාර වල වැදගත්කම කියාදීම.පින්තූර පෙන්වීම,තිබේ නම් වීඩියෝ වැඩසටහන් පෙන්වීම, වෙලඳ පොලේ එලව්ලු මිලදී ගන්නා විට පොඩිත්තාවත් රැගෙන යාම වැනි දේවල් කරන්න පුලුවන්.දරුවා අවුරුදු තුනට අඩු කෙනෙක් නම් වීඩියෝ වැඩසටහන් පෙන්වන්නට එපා.
  • අකමැති එළවලු පළතුරු ඇසුරු කරගෙන රසවත් කතන්දර නිර්මාණය කර කියාදීමත් ඉතාමත්ම සාර්ථක ක්‍රමයක්.
  •  ලස්සනට සකසා පිළිගැන්වීම හරිම වැදගත්.වර්ණ කිහිපයකින් මෙහිදී ආහාර තෝරා ගැනීමට වගබලා ගන්න.ඒ වගේම ආහාර බඳුන් සෙට් දෙක තුනක් තබා ගැනීමෙන් ඒකාකාරී බව නැතිවෙනවා.
  • මීල් ප්ලෑන් එකක් සකස් කරගැනීමෙන් ලඟ ලඟ එකම වර්ගයේ ආහාර පිළි නොගන්වා සිටීමට හැකිවෙනවා.
  • කෑම සියල්ලම ආහාරයට ගත්තොත් තරුවක් ලබා දෙන්න.මේ වැනි තරු දහයක් ලබා ගැනීමෙන් පසු තෑග්ගක් හෝ රසවත් කැවිල්ලක් බව එය සිදුකිරීමෙන්ම ඔහුට හෝ ඇයට පෙන්වා දෙන්න.කොහොමත් තෑගි ලබා දෙන නිසා එවන් අවස්ථාවන් සමග මෙය ගලපාගන්න.
 -චම්මි-

Related Articles

Don't Miss


Latest Articles