බර අඩු කරගන්න ඕන කියල හිත හිත හිටියට නම් බර අඩුවෙන්නෙ නැහැ. ඒ සඳහා ලොකු ලොකු දේවල් කරන්න ඕන නැහැ. මේ පුංචි smart tips ඉක්මනින් බර කරගන්න හිතන ඔබටයි.
- ගැඹුරු තෙලෙන් බැදපු ආහාර ගැනීම ඉතා අවම කරගන්න.
- සීනි පරිභෝජනය හැකිතාක් අවම කරන්න.
- සෙමින්, වෙලාව අරගෙන ආහාර අනුභව කරන්න. බඩපිරුණු බව මොළයට දැනෙන්නට අඩුම ගනණේ විනාඩි 20ක් වත් ගතවෙනව. එනිසා පොඩි ආහාර ප්‍රමාණයක් වැඩි වෙලාවක් අරගෙන කන්න.
- Carbohydrate ප්‍රමාණය අඩුකරන්න. ඒ වෙනුවට වැඩිපුර vitamin, protein හා minerals එකතු කරගන්න.
- අනිවාර්යයෙන්ම හොඳ උදෑසන ආහාරයක් ලබාගන්න. මෙයින් දවසේ අනෙකුත් වේලාවන්වලදී අධික ලෙස ආහාරගැනීමෙන් ඔබව වළකාවි.
මහන්සි නොවී කරන්න පුළුවන් මේ tips ඉක්මනින්ම ඔබේ ජීවිතයට එකතු කරගෙන හනික බර අඩුකරගන්න.
– කල්හාරි –