අලිගැටපේර අයිස්ක්‍රීම් හදමු…
අවශ්‍ය දේවල්
- අලිගැටපේර ගෙඩි 2
- මිල්ක්මේඩ් ටින් 1
- ලෙමන් ජුස් මේසහැදි 2
- ලුණු ස්වල්පයක්
- Heavy Cream කප් 2 (450g)-
සාදාගන්නා ආකාරය:
- අලිගැටපේර ගෙඩිය සුරා ගෙන බ්ලෙන්ඩර් එකට දමා ගන්න.
- ලුණු ටිකක්, මිල්ක්මේඩ් ටින් 1 හා ලෙමන් ජුස් ටික දමා හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.
- එය බඳුනකට දමා ගන්න.
- Heavy Cream එක වෙනම බඳුනකට දමා බීට් කර ගන්න.
- බීට් කර ගත් Heavy Cream එක, අලිගැටපේර මිශ්‍රණයට ටික ටික දමා හැන්දකින් මිශ්‍ර කර ගෙන, සුදුසු ප්ලාස්ටික් බදුනකට දමා අධි ශීතකරණයේ දමන්න.
- පැය හයකට පසු ආහාරයට ගන්න පුලුවන්