සුවදායී නින්දක් ලබාදෙන පිරිසිදු නිදන කාමරයකට smart tips 6ක්!

නිතරම ඔබේ නිදන කාමරය යකා නැටූ පිටිටනියක් වගේද? ඒ නිසාම නින්දයන්නෙත් නැහැ වගේද? එය ඔබේ සෞඛ්‍යයට හොඳ දෙයක් නම් නොවේ. මේ ටික හොඳින් පිළිපදින්න පුළුවන්නම්  එබට පවිත්‍ර කාමරයක් ලබාගන්න පුළුවන්.

  1. නිදන කාමරය තුලදී ආහාරගැනීමෙන් වළකින්න. බීම වර්ගවලින් වගේම ආහාර කැබලිවලින් පැල්ලම් ඇතිවී අපවිත්‍රවියහැකියි. ඒ වගේම කූඹීන් බෝවීමේ ප්‍රවණතාවත් ඉහළයි.
  2. පරිහරණයට පහසු ලෙස බඩු අසුරන්න. නිසි තැනට නිසි පිළිවෙලට අතටගන්න පහසු ලෙස තබාගන්න. නැතිනම් පුංචි දේ හොයන්නත් කාමරය අවුල් ජාලාවක් බවට පත්කරගනියි.
  3. අනවශ්‍ය සියල්ල නිදන කාමරයෙන් ඉවත්කර තබන්න. මතක තබාගන්න, නිදන කාමරයේ ප්‍රධාන අරමුණ සුවදායී නින්දක් ලබාදීම බව.
  4. නිතරම දුහුවිල්ලෙන් තොරව තබාගන්න. ස්වසන අපහසුතා තිබේ නම් මෙය විශේෂයි.
  5. කාමරයේ මුල්ලකින් කසළ බඳුනක් තබාගන්න.
  6. කිළිටි රෙදි සඳහා කූඩයක් තබාගන්න. මෙයින් ඉබේම නිදන කාමරයේ බිම කිළිටි රෙදි ගොඩ ගැසීම වැළකෙන අතර ඒවා ඉවත් කිරීමද පහසුවේ.

මෙම කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමෙන් සුවදායී නින්දක් තුලින් සුවබර දිවියක් ලබාගන්න ඔබටත් හැකිවේවි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles