සීරියල් පුඩිම
ධාන්‍ය වර්ග කන්න අකමැති පොඩ්ඩන්ට ධාන්‍ය කවා ගන්න හොඳ උපක්‍රමයක් තමයි මේ.. එයාලා එක්කම මේ පුඩිම හදන නිසා එයාලා මේක අනිවාර්යයෙන් ආහාරයට ගනීවි.
අවශ්‍ය දේවල් තමයි මේ..
- කඩල පිටි ග්‍රෑම්50
- මුං ඇට ග්‍රෑම් 20
- කුරක්කන් මේස හැන්දක්
- නැවුම් කිරි මිලි ලීටර් 100
- බිත්තර
- සීනි
- ලුණු යාන්තමට
- බටර් ටිකක්
හදාගන්නේ මෙහෙමයි..
- සියල්ල ම බ්ලෙන්ඩරයට දමා හොඳින් මිශ්‍ර කර ගන්න .
- රසයට අනුව සීනි සහ ලුණු එකතු කර ගන්න .
- ෆොයිල් කොලයකින් වසා මිනිත්තු හතලිහක් පමණ ස්ටීම් කර ගන්න .
- අවශ්‍ය නම් සීනි ටිකක් කැරමල් කර ඒ මතුපිටට වත්කරන්න.
- සුළුවෙන් හෝ ශීතකරණයේ ටික වේලාවක් තබා පිළිගන්වන්නට පුළුවන්.
ධාන්‍ය වර්ග කන්න අකමැති පොඩිත්තන්ට කදිමයි.