දරුවාට, පරිසරයට ආදරය කිරීමට කියාදෙමු

”මවුබිමට සිදුවන ඕනෑම හොඳක් හෝ නරකක් හෝ එහි ජිවත්වන දරුවන්ටත් උරුම වන්නේය.අප දන්නා පරිදි මේ මහපොළව මිනිසාට අයිති නැත.එහෙත් මිනිසා මහපොළවට අයිති වන්නේය.”  – සියැටල්

රතු ඉන්දියානු නායක සියැටල් පරිසරයට මහත් සේ ආදරය කල කෙනෙක්. පසු කාලයකදී ලොව පරසිදු වූ මේ ලිපිය වර්ෂ 1854 දී සියැටල් විසින් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාට යවන ලද්දක් .මේ එයින් උපුටා ගත් කොටසක් .ඉතින් ඔබේ දරුවාට ඒ මහා පරිසර හිතකාමියා සියැටල් ගැන කියා දෙන්න.ඔහුටත් ඇයටත් පුංචි සියැටල් කෙනෙකු වියහැකි බව කියාදෙන්න.

”නිල් අහසත්,පොළවේ උණුසුමත්,විකිණීම හෝ මිලදීගැනීම සඳහා වූ ඔබගේ අදහස අපට නුහුරුය. සුළගේ නැවුම් බව හෝ ජලයේ කාන්තිය අපට අයිති නොවේනම් ඒවාට මිල නියම කිරීම හෝ මිලදී ගැනීමට ඔබට හෝ අපට හැකියාවක් නැත.අපගේ භූමියමිලදී ගැනීමට කැමැත්ත පළකරමින් ඔබ කරන ඉල්ලීම අපට දරාගන්නට නොහැක්කකි.ගංගා දිගේ ගලා බස්නා දිදුලන දියදහර හුදු ජලයම නොව අපගේ මුතුන්මිත්තන්ගේ රුධිරයයි.ගංගාවෝ අපගේ සොහෝයුරෝ වෙති.ඔවුහු අපගේ පිපාසය සංසිදුවති.අපගේ දරුවන් පෝෂණය කරවති. සුදු මිනිසුන් වන ඔබ අපගේ සිරිත් විරිත් නොදන්නා බව අපි දනිමු. ඔබට එක් බිම්කඩක් තවත් බිම්කඩකට වඩා වෙනස් නොවන බවද අපි දනිමු.භුමියේ තිබිය යුතු දේ පැහැරගෙන පලායන ඔබගේ මිනිසුන් මේ භූමියට පිටස්තරයෝ වන්නාහ. පොළොව ඔවුන්ට සහෝදරයකු නොව සතුරෙකි.භූමිය අත්පත් කරගැනීමෙන් පසු ඔහු එය අමතක කොට තවත් නැවුම් බිම් යටත් කර ගනිමින් ඉදිරියට ඇදෙති.ඔවුන්ගේ කෑදර කම විසින් මේ භුමියේ සාරය උරාබොනු ලැබීමෙන් පසු ඉතිරිවන්නේ හිස් කාන්තාරයක් පමණි.අපගේ සිරිත් විරිත් ඔබගේ සිරිත්

විරිත් වලට වඩා වෙනස් වන්නේය.මවුබිමට සිදුවන ඕනෑම හොඳක් හෝ නරකක් හෝ එහි ජිවත්වන දරුවන්ටත් උරුම වන්නේය. අප දන්නා පරිදි මේ මහපොළව මිනිසාට අයිති නැත.එ හෙත් මිනිසා මහපොළවට අයිති වන්නේය.”

ක්‍රියාවට වඩා ආදර්ශය උතුම් බව අප දන්නවා. ඉතින් පළමුව ඔබ පරිසරය සමඟ ඒකාත්මික වන්න. දිනෙක ඔබේ දරුවාගේ යෝධ සෙවණැල්ල ඔබට සෙවණ සපයාවි.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles