Indian Spaghetti පහසුවෙන් හදන්නේ මෙහෙමයි

ඉන්දියන් ආහාර වලට අපි බොහෝ දෙනෙක් හරිම කැමතියි. ඉතින් ඉක්මනින් සහ පහසුවෙන් Indian Spaghetti හදා ගන්න හැටි තමයි මේ

අවශ්‍ය දේවල්

  • ස්පැගටි
  • තෙල් මේස හැඳි 4
  • සුදු ළූණු
  • තක්කාලි සහ ඉඟුරු
  • සූදුරු
  • අමු මිරිස්
  • ලුණු
  • සීනි
  • ගම්මිරිස්
  • කොත්තමල්ලි කොළ
  • සෝස්

හදන්නේ මෙහෙමයි.

  • ස්පැගටි තම්බා පසෙකින් තබා ගන්
  • භාජනයක් ලිප තබා තෙල් රත් කර ගන්න.
  • කුඩාවට කැපූ සුදු ළූණු, තක්කාලි සහ ඉඟුරු එයට එක් කර බැද ගන්න.
  • හොඳින් බැදගත් පසු සූදුරු හා වතුර ටිකක් එකතු කරන්න.
  • කුඩාවට කැපූ අමුමිරිස් එකතු කරන්න.
  • අවශ්‍ය තරමට ලුණු ද එකතු කරන්න.
  • සීනි, ගම්මිරිස් කුඩු සහ කුඩාවට කැපූ කොත්තමල්ලි කොළ එකතු කරන්න.
  • ලිපේ ගින්දර අඩු කර තම්බාගත් ස්පැගටි එකතු කරන්න.
  • තක්කාලි සෝස් ද දමා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles