ඔබේ ලස්සන හැමදාම රැක දෙන රූපලාවණ්‍ය රහස්

ලස්සනට ඉන්න වියදමක් නැතුව කළ හැකි දේවල් රැසක් තිබෙනවා.මේ ඉන් කිහිපයක්.

මුහුණේ රැළි වැටීම් නවතන අයිස් කැට සත්කාරය 

දිනපතාම මුහුණට අයිස් කැට සාත්තුවක් ලබාදෙන්න .අයිස් කැට කිහිපයක් අරන් ඒවා දියව යනතුරු ඒවායින් මුහුණ තවන්න.ඉන් ඔබේ මුහුණේ මුහුණේ රැලි වැටීම් නැති කෙරෙනවා.ඉන් වයස පාට අඩුවීමත් සිදුවෙනවා.ඒ වගේම සමේ අවපැහැය ඉක්මනින්ම මග හැරවීමත් මේ තුලින් ලැබෙන අමතර වාසියක්.

සුසිනිඳු කෙස් කලඹකට විනාකිරි සත්කාරය.

සතියකට වතාවක් කෙස් කළඹේ විනාකිරි ගල්වන්න .ඉන් සුවච කීකරු සුසිනිඳු කෙස් කළඹක් ඔබට ලැබෙනවා.ගැල්වූ විනාකිරි සීතල ජලයෙන් සෝදා සෝදා හරින්න අමතක කරන්න එපා .

අවපැහැ වැලමිටි වලට සත්කාරයක් 

වැලමිට අව පැහැය වළක්වා ගැනීමට  දිනපතාම මී කිරි සහ දෙහි එකට මිශ්‍ර කර ආලේප කරන්න .

ඇස්‍ යට අවපැහැයට අර්තාපල් සත්කාරය 

ඇස් යට අවපැහැයට අර්තාපල් පෙති තබන්න.පැය භාගයක් පමණ ප්‍රමාණවත් .

මේකප් හොඳින් ඉවත් වීමට

මේකප් ඉවත් කිරීමට බොඩිලෝෂන් යොදාගන්න. මේකප් රිමූ වලට වඩා එය ගුණාත්මකයි .සමට පෝෂණයක් එක්කරන අතරම ඒවා මේකප් ඉවත් කිරීමට පහසු කරවනවා.

අවපැහැ දෙතොල් වලට සත්කාර 

දින 2කට වරක් අනිවාර්යයෙන්ම මී පැණි සහ සීනි කැට වලට දෙහි යුෂ ටිකක් දමා දෙතොල් ස්ක්‍රබ් කරන්න .අවපැහැ දෙතොල් වලට කදිම සත්කාරයක්.

දිදුලන කෙස් කලඹකට 

දිදුලන කෙස් කළඹක් සඳහා තේ කොළ තැම්බූ ජලය ජලයෙන් හිස කෙස් සෝදන්න. නැතිනම් කරපිංචා තැම්බූ ජලයෙන් හිස කෙස් සෝදා හරින්න .

අනවශ්‍ය රෝම ඉවත් කිරීමේදී 

කන්ඩිශනර් හිසට පමණක් නොව අනවශ්‍ය රෝම ඉවත් කිරීමේදී ආලේප කිරීමටත් ඉතාමත් සුදුසුයි. සමටද සෞම්‍ය බවක් ලබා දෙනවා .

මේ ඔබට පහසු වෙන් සොයා ගත හැකි අමුද්‍රව්‍යයන් වලින් නිවසේදීම කල හැකි රූපලාවණ්‍ය සත්කාර කිහිපයක්. ඇත්තටම ලස්සන රැක ගන්න නම් අපිට මුදල් වලට වඩා අවශ්‍ය ඔබේ අවධානය හා ඒ සදහා කාලය යෙදවීම පමණයි

Related Articles

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -46

රවිඳු කිසිවක්ම නොකියා අම්මා දෙස බලා සිටියේ ය.මේ මොහොත කිසිවක් ම කියන්නට හැකි මොහොතක් නොවේ.ඔහුට පාරමීගේ කෝපදීප්ත දෑස සිහිව ආයේ ය.

(අ) හිමි සිහින -142

සියල්ල එසේ සිදුවෙමින් පවතිද්දී මට එක් දෙයක් උවමනා වුණා .ඒ සුදාරක වෙනුවෙන් රුවන්වැලි මහා සෑ රදුන්ට බාරයක් වීමට.උදෑසනම අවදි වී නිරාහාර ව...

පරිප්පු ගණන් වැඩි කාලේ පිරිමැසෙන්නට පරිප්පු උයමු

සාමාන්‍යයෙන් අපි එදිනෙදා සකස් කළ ව්‍යාංජනයක් වූ පරිප්පු දැන් ඉතාමත් මිල අධික වෙලා.ඒ නිසා පරිප්පු තනි ව්‍යාංජනයක් ලෙස සැකසීම සමහරුන්ට ඇත්තටම අසීරු...

සීත මාරුතේ -32

ඒ රාත්‍රිය මා මුළුමනින් නිදි වර්ජිතව සිටියා ය කීවොත් නිබොරු ය. අපේ පුංචි සාදය නිමා වන විට තරමක් රෑ බෝ වී තිබිණ....

අනිත් අයගේ ජීවිත විනිශ්චය කරන්න එපා.

"අපෝ ඔය අනූෂා ඉන්නවා නේද?" මම ඉදල පැත්තකින් තියලා ඒ හඬට හැරිල බැලුවා.අපේ අලුත් ගෙදර අසල්වැසිනියක් පොඩි ගේට්ටුවෙන් එබිලා...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content