හැමදාම එකම විදියට බොන තේ කෝප්පය වෙනස් රස 3 කින් හදල බලමුද?

නිවසට අමුත්තෙකු පැමිණි විට තවමත් ශ්‍රී ලාංකික සම්ප්‍රදායට අනුව උණුසුම් තේ කෝප්පයක් පිළිගන්වන්න ට අප හරිම කැමතියි.ඉතින් ඒ තේ කෝප්පය වෙනස් රසයකින් යුතු ප්‍රණීත එකක් නම් ආගන්තුක සත්කාරය තව තවත් සුන්දර දෙයක් බවට පත් වේවි.
ඉතිං නිවසට පැමිණෙන අමුත්තන්ට වගේම නිවැසියන්ට ත් ආදරයෙන් සංග්‍රහ කිරීමට වෙහෙසෙන ඔබටයි මේ.

මසාලා චායි

අවශ්‍ය දේවල්

  • කරාබු නැටි දෙකක්
  • කරද මුංගු දෙකක්
  • ඉගුරු කැබැල්ලක්
  • කුඩු කරගත් කුරුදු තේ හැඳි බාගයක්
  • කලු ගම්මිරිස් ඇටයක්
  • කහට තේ කොල හැඳි දෙකක්
  • නැවුම් කිරි කෝප්පයක්
  • වතුර කෝප්පයක්
  • රස අනුව සීනි
  • වැනිලා ටිකක්

සාදන ක්‍රමය

  • කුලුබඩු සියල්ල ම වතුර කෝප්පය දමා හොඳින් උතුරුවා ගන්න.
  • එය මදක් නිවෙන තුරු තබා කිරි සහ සීනි එයට එකතු කර ගන්න.
  • එයට වැනිලා සහ තේ කොළ එකතු කර ලිපෙන් බා ගන්න.
  • පෙරා උණු උණුවෙන් පිලිගන්වන්න.

උකු කිරි / ටින් කිරි තේ

අවශ්‍ය දේවල්

  • තේ කොළ තේ හැඳි දෙකක්
  • උකු කිරි පුරවපු තේ හැඳි 3
  • වතුර කෝප්ප දෙකක්
  • සීනි තේ හැඳි දෙකක්

සාදන ආකාරය

  • වතුර ටික ලිපේ තබන්න.
  • වතුර උතුරාගෙන එන විට එයට තේ කොළ ටික දමන්න.
  • දැන් බාජනය පියනකින් වසා, විනාඩි 3 – 4 පමණ තේ කොළ ටික තැම්බීමට හරින්න.
  • ඉන්පසුව හොඳින් හැඳි ගා ලිපෙන් ඉවත් කර මදක් උසින් වැඩි කෝප්පෙකට පෙරා ගන්න.
  • දැන් එයට උකු කිරි හා සීනි එකතු කරන්න. ඉක්මනින් හැන්ඳකින් හෝ ගෑරුප්පුවකින් ගසමින් කලවම් කරන්න.
  • දැන් සීනි දිය වන තෙක් යන්තමින් හැඳි ගාන්න.. පිළිගන්වන කෝප්පය උතුරණ වතුර ටිකකින් සෝදා වතුර ඉවත් කරන්න.
  • කිරි තේ සහිත කෝප්පය මදක් උස්සා පෙණ නගින සේ පිළිගන්වන කෝප්පයට වත් කරන්න..
  • මතක තියාගන්න,මෙහි පෙණ රසය වැඩි කරන බව

ඉඟුරු සහ කරදමුංගු මිශ්‍ර තේ

අවශ්‍ය දේවල්

  • වතුර කෝප්පයක්
  • මී පැණි තේ හැදි දෙකක්
  • ඉගුරු තේ හැන්දක්
  • කරදමුංගු තේ හැදි කාලක්
  • ටී බෑග් එකක්
  • කිරි කෝප්ප බාගයක්

සාදන ආකාරය.

  • වතුර කෝප්පය මිනිත්තු 10 මද ගින්නේ රත්වෙන්නට තබන්න.
  • එයට ඉගුරු ,කරද මුංගු ,තේ බෑගය සහ කිරි කෝප්ප භාගය එකතු කර මද වේලාවක් රත් කරන්න.
  • ලිපෙන් බා තේ බෑගය ඇතුලු සියලුම දේවල් ඉවත් කරන්න.
  • මී පැණි එකතු කරන්න .

මෙන්න මේ දේවල් හරිම වැදගත්.

1.නැවුම් තේ කොළ පමණක් භාවිතා කරන්න .
2.තේ කොළ කිසිම විටක විනාඩි තුනකට වඩා රත් නොකරන්න.
3.අනෙකුත් අමුද්‍රව්‍ය සියලුම දේ නැවුම් ඒවා ගන්න.
4.කිරි එක්කිරීමේදී ඒවා රස්නයෙන් හෝ කාමර උෂ්ණත්වයේ තිබීම වැදගත් .සීතලෙන් එකතු කරන්නට එපා .
5.පිළිගැන්වීමේදී කෝප්පයේ තෙත නැති බවට වග බලා ගන්න.
6.පිළිගන්වන්න tray එක මත අත පිස්නාවක් තබන්නටත් අමතක කරන්න එපා .

Related Articles

Don't Miss


Latest Articles