Chat with Smartlady – ගීත්මා බණ්ඩාර

සංගීතේ ටෙලි නාට්‍යය තුළින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගත් ගීත්මා බණ්ඩාර නව පරපුරේ ජනප්‍රිය තාරකාවියක්.අද අපේ කතාබහ ඇය සමඟයි.

ගීත්මාගේ කලා ජීවිතය ඇරඹෙන්නේ කොහොමද?

2015 ඉඳන් වෙළඳ දැන්වීම් වලට සම්බන්ධ වෙනවා.ඒත් ඉගෙනීමට බාධා වෙන නිසා රංගන කටයුතු සඳහා ගෙදර අවසරය ලැබුණේ නැහැ.ඊට පස්සේ මම 2018 හිරු අවුරුදු කුමරිය තරඟයේ දෙවෙනි ස්ථානය දිනා ගන්නවා. ඊළඟට හිරු නාලිකාවේ අහස් මාළිගා නාට්‍යයට සම්බන්ධ වුණා. ඒ මගේ පළමුවැනි නාට්‍යය. ඊට පස්සේ මම සිරස නාලිකාවේ නීල පබළු නාට්‍යයට සම්බන්ධ වුණා.මගේ හැරවුම් ලක්ෂය වෙන්නේ දෙරණ නාලිකාවේ සංගීතේ ටෙලි නාට්‍යය.

ගීත්මා, ඔබේ රූපය ලස්සනට තියා ගන්න කරන්නේ මොනවාද?

මට රූපලාවණ්‍ය සත්කාර කරන්න නම් ඇත්තටම වෙලාවක් නැහැ. ඉතින් මම රූපය ලස්සනට තියා ගන්න හොඳට වතුර බොනවා.සම පිරිසිදුව තියා ගන්නවා.ඊට අමතරව සතුටින් හිනා වෙලා ඉන්නවා.

ගීත්මා වැඩිපුරම කැමතිම විලාසිතා මොනවාද?

මම විලාසිතාවලට ඇබ්බැහි නෑ.මට හොඳ සහ ගැළපෙන දේවල් ඒ ඒ අවස්ථාව අනුව තෝරා ගන්නවා.

සමාජ මාධ්‍ය ජාල හරහා සිදුවන හිංසන සහ ගොසිප් වලට ගීත්මා ප්‍රතිචාර දක්වන්නේ කොහොමද?

ගොසිප් හැදීම ඕනෑම ගෑනු ළමයෙක්ට පොදු දෙයක් දැන්. මට වඩා මං ගැන දන්න කෙනෙක් නෑ. ඉතින් මම ඒවා ගැන හිතලා කම්පාවට පත් වෙන්නේ නැහැ. ගණන් ගන්නේ නෑ.

ගීත්මා සමාජශීලි කෙනෙක්ද? යාළුවෝ ගොඩක් ඉන්න ගෑනු ළමයෙක්ද?

මම ළඟින් ආශ්‍රය කරන හැමෝටම අවංක මිතුරියක්. එක යාළුවෙක් කියලා තෝරා ගැනීමක් නැතුව හැමෝම එක්ක සුහදව ඉන්න මම උත්සාහ කරනවා.

මේ දවස්වල ගීත්මාගේ නිර්මාණ කටයුතු මොනවාද?

මම මුල්තැන දීලා තියෙන්නේ සංගීතේ ටෙලි නාට්‍යයට. නිතරම එහි රූගත කිරීම් තියෙනවා. ඉදිරියේදී තවත් නිර්මාණ කිහිපයකින්ම මාව දැක බලා ගන්න ප්‍රේක්ෂකයන්ට පුලුවන්.

සංගීතේ අසේනි ගැන ගීත්මාට දැනෙන්නේ මොනවාද?

අසේනි දඟකාර, කටකාර යුක්තියට කැමති ගෑනු ළමයෙක්. මම පෞද්ගලිකව ඒ චරිතයට ගොඩක් කැමතියි. අසේනි නිසා මගේ ජීවිතයටත් ආලෝකයක් ලැබුණා.

නරකට ඇබ්බැහි වූ පවුලක ගෑනු ළමයෙක්ටත් තමන්ගේ ගරුත්වය ආරක්ෂා කර ගන්න පුලුවන් කියන කාරණාව අසේනිගෙන් දකිනවා. එවැනි පවුල් වල තරුණියන්ට ගීත්මා දෙන පණිවිඩය මොකක්ද ?

ඕනෑ ගෑනු ළමයෙක් ආත්ම ගරුත්වය රැකගෙන හෘද ශාක්ෂියට අනුකූලව චරිතය රැක ගෙන ජීවත් වෙන්න ඕනෑ. ගෙදර පසුබිම කොහොම වුණත් තමන්ට තමන්ව ආරක්ෂා කරගෙන හොඳ ගෑනු ළමයෙක් වෙන්න එතකොට පුලුවන්.අසේනි හරහා ඒ පණිවිඩය සමාජයට දෙන්න මට පුලුවන් වුණා.

ගීත්මාගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

හොඳ නිර්මාණ වලට දායක වෙමින් මගේ රංගන ජීවිතය සාර්ථකව ගෙවන්නත් හොඳ ගැහැනු ළමයෙක් ලෙස සතුටින් සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවන්නත් තමයි

ගීත්මා ඔබේ ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වෙන්න අපි ආදරයෙන් සුබ පතනවා.

Related Articles

Don't Miss


Latest Articles